Ads 468x60px

.

විවාහකයා සමග ඇති වූ පෙම් රැඟුම 'ෆොන්' කැමරාවට ගොස්‌ තරුණිය වස බොයි

අවිවාහක තරුණියක්‌ විවාහකයකු සමඟ අඹු සැමියන් ලෙස හැසිරුණු අන්දම දැක්‌වෙන වීඩියෝ දර්ශනයක්‌ නැරඹීමෙන් එම තරුණිය වස පානය කර රෝහල්ගත කිරීමේ පුවතක්‌ ගලේවෙල අලුත්ගම ප්‍රදේශයෙන් වාර්තා වේ.

සිද්ධිය සැකවින් මෙසේය: තරුණයා මාළු වෙළදමේ නිරතව සිටියදී 28 හැවිරිදි තරුණියක්‌ සමග හාදකමක්‌ ඇතිකරගෙන ටික කලකදී අඹුසැමියන් ලෙස හැසිරෙන තත්ත්වයටපත් වී ඇත. එසේ හැසිරෙන දර්ශනය තරුණියට නොදැනෙන්නට ජංගම දුරකථනයකින් වීඩියෝ කිරීමට ඔහු පෙළඹුණේ පසුකලක මෙය ප්‍රයෝජනයට ගැනීමේ අදහසින්ය.

ටික දිනකින් මෙම සිද්ධිය තරුණයාගේ බිරිඳට ආරංචි විය. පවුලේ සාමය කඩවනු ඉවසා ගත නොහැකිව තරුණයාගේ බාල සොහොයුරා නිරුවත් දර්ශන ඇතුළත් ජංගම දුරකථනය සිය වැඩිමහල් සොහොයුරාගෙන් සොරා ගත්තේය. එය රැගෙන ඔහු කෙලින්ම ගියේ අයියාගේ අනියම් බිරිඳගේ පවුලේ උදවිය හමුවීමටය. එහෙත් සිදුවූයේ ඔහු බලාපොරොත්තු නොවූ සිද්ධියකි. තම දියණිය තරුණයකු සමඟ නිරුවත්ව හැසිරෙනු දුටු මව සිහි නැතිව ඇදවැටුණාය. පවුලේ උදවියට හා සමාජයට මුහුණ දීමට නොහැකිව තරුණිය වස පානය කළාය.

සිද්ධිය ගැන තරුණියගේ මව පොලිසියට දැන්වීමෙන් අනතුරුව අසැබි වීඩියෝ දර්ශන පටිගත කිරීමේ වරදට හා එම දර්ශන ඇතුළත් ජංගම දුරකථනය ළඟ තබාගැනීමේ වරදට දෙසොහොයුරෝ පොලිසිය විසින් අත්අඩංගුවට ගන්නා ලදී. තවද තරුණිය බරපතළ තත්ත්වයෙන් ගලේවෙල දිසා රෝහලේ සිට දඹුල්ල මූලික රෝහල වෙත මාරුකර යවා ඇත.

සැකකරුවන් සහ නිරුවත් දර්ශන ඇතුළත් ජංගම දුරකථනය දඹුල්ල මහෙස්‌ත්‍රාත් මහේෂිකා දනන්සූරිය මෙනවිය හමුවට පොලිසිය ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 22 දා තෙක්‌ මොවුන් රිමාන්ඩ් භාරයේ තබන ලෙස නියෝග කළාය.

සිද්ධිය සම්බන්ධයෙන් ගලේවෙල පොලිස්‌ ස්‌ථානාධිපති පො. ප. රුෂාන්ත පෙරේරා මහතාගේ උපදෙස්‌ මත අපරාධ විමර්ශන අංශය වැඩිදුර පරීක්‍ෂණ සිදුකරයි.
 
Related Posts with Thumbnails