Ads 468x60px

.

නෙහාරාට ‘ෆුඞ් පොයිසනින්’නිසා වෙච්ච අකරතැබ්බයක්

ටෙලි නිළියක්, නර්තන ශිල්පිනියක් හා නිවේදිකාවක් වන නෙහාරා පිරීස් වහ කා ඇතැයි රාවයක් පසුගිය දිනවල පැතිර ගියේය.මේ සම්බන්ධයෙන් තොරතුරු ලබා ගැනීමට නෙහරා පීරිස් සම්බන්ධ කර ගැනීමට උත්සාහ කළ ද එය අසාර්ථක විය.පසුව අප නෙහාරාගේ කිට්ටු මිතුරු මිතුරියන්ගෙන් කළ සොයා බැලීමකදී මෙය වචන පටලවාගෙන තේරුම් ගැනීම නිසා සිදුවූවක් බව හෙළිකර ගැනීමට හැකි විය.

බඬේ අජීර්ණයක් හේතුවෙන් නෙහාරා පසුගිය දිනක කොල්ලූපිටියේ පිහිටි පෞද්ගලක රෝහලකට ඇතුළත් කර තිබේ.පසුව නෙහාරා පරීක්‍ෂා කළ වෛද්‍යවරයා පවසා ඇත්තේ නෙහාරාට අජීර්ණයක් වැළඳී ඇති බවත් එය ‘ෆුඞ් පොයිසනින්’ (ආහාර විෂවීමක් - Food Poisoning) එකක් නිසා ඇතිවූවක් බවයි.

කෙසේවුවද මෙය අසා සිටි අයෙකු ‘ෆුඞ් පොයිසනින්’ ( Food Poisoning) කෑම විෂවීම වහ කෑම ලෙස පරිවර්තනය කර දන්න දන්න අයට  පවසා තිබේ.එම කට කතාව ටික මොහොතකින් නෙහාරා වහ කාලා ෟ ලෙස කලා ක්ෂේත‍්‍රය තුළ ද පැතිර ගොස් තිබේ.
 
Related Posts with Thumbnails