Ads 468x60px

.

පළමු අධිවේගී අත්දැකීම - පැය 12 ක් තුළ වාහන 4500ක් - ආදායම ලක්ෂ දහයක්.

දකුණු අධිවේගී මාර්ගය විවෘත කිරීමෙන් පසුව පැය දොලහක් ඇතුළත වාහන 4000 ක් මාර්ගයේ ගොස් තිබෙන බව වාර්තා වේ.මාර්ග සංවර්ධන අධිකාරිය උපුටා දක්වමින් ස්වාධීන රූපවාහිනී සේවය මේ බව අද රාත්‍රී වාර්තා කළ අතර ඊයේ පස්වරු 6.00 සිට අද උදෑසන 6.00 දක්වා කාලයේදී මෙම වාහන ප්‍රමාණය ගොස් ඇතැයි සඳහන් වුණි.දකුණු අධිවේගී මාර්ගයේ ගමන් කිරීමට මගීන් උනන්දුවී තිබෙන අතර ඒ බව මාර්ගයේ අප කළ චාරිකාවකදී දැකගත හැකිවිය.

මෙම මාර්ගය ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් ඊයේ විවෘත කළ අතර මෙය අළුත් අත්දැකීමක් නිසා විශාල වාහන ප්‍රමාණයක් මෙම මාර්ගයට තවමත් අවතීර්ණ නොවුණත් සැලකිය යුතු වාහන ප්‍රමාණයක් මෙම මාර්ගයේ අද උදෑසන සිට ගමන් කරනු අප දුටුවේය.මේ අතර, සමහරුන් අප සමග පැවසුවේ ලංකාවේ අධිවේගී මාර්ගයක ගමන් කිරීම අළුත් අත්දැකීමක් නිසා සමහරුන් මෙම මාර්ගයේ ගමන් කිරීමට පෙර ටික කාලයක් මාර්ගයේ අනතුරු මට්ටම වැනි කරුණු පිළිබඳව සැලකිල්ලෙන් සිටින බවත් පසුව මාර්ගයේ ගමන් කිරීමට බලාපොරොත්තුවෙන් සිටින බවයි.මෙම මාර්ගයේ ගමන් කිරීමට ආසාවක් දක්වන බොහෝ පිරිස් කොළඹ සිට මෙම මාර්ගයේ පැමිණ යළි කොළඹ බලා යමින් සිටින බව කුරුඳුගහහැතැක්ම පිවිසුම අසල වෙළඳ සැල් හිමියෙකු පැවසීය.ලංකාවේ පළමු අධිවේගී මාර්ගය වන මෙය කොට්ටාව මාකුඹුරේ සිට ගාල්ල පින්නදූව දක්වා කිලෝ මීටර් 95 ක දුරකින් යුක්තය.ඉරිදා සවස හයේ සිට අද සවස හතර වන විට වාහන 4500ක් ගමන් කළ බව මහා මාර්ග සංවර්ධන අධිකාරිය කියයි. ආදායම රැපියල් ලක්ෂ දහයකි.

අධිවේගයේ පලමු දඩ කොලය ඇමති කුමාර වෙල්ගමට

දක්‍ෂිණ අධිවේගී මාර්ගයේ පැයට කිලෝමීටර් 100 ඉක්මවන රියදුරත් සඳහා දඩ නියම කිරීම සඳහා සියළු කටයුතු සූදානම් කර ඇති බවත් එම වේගය ඉක්මවා ධාවනය කරන රියදුරන් හඳුනාගැනීම සඳහා විශේෂ උපකරණ පද්ධතියක් දක්‍ෂිණ අධිවේගී මාර්ගයේ සවිකර ඇති බවත් මාර්ග සංවර්ධන අධිකාරිය පවසයි.
මේ අතර ඊයේ පස්වරුවේ ප‍්‍රවාහන අමාත්‍ය කුමාර වෙල්ගම මහතා කියා සිටියේ කමන් අධිවේගී මාර්ගයේ 180 වේගයෙන් පැමිණි බවයි.දක්‍ෂිණ අධිවේගී මාර්ගයේ වේග සීමා ඉක්මවා ඉක්වමා යෑමේ මාර්ග නීතිය කඩකල පළමු වරදකරුවා අමාත්‍ය කුමාර වෙල්ගම මහතා වන අතර ඒ අනුව ඔහු වෙනුවෙන් පළමු දඩ කොලය නිකුත් කරනු ඇත.






















 
Related Posts with Thumbnails