Ads 468x60px

.
පොලිසිය එපාවී කහවත්තේ වැසියෝ වීදි බසිති
රත්නපුර කහවත්ත ප‍්‍රදේශවාසීන් තම ප‍්‍රදේශයේ ආරක්‍ෂාවට පොලිසිය ඉවත්කර හමුදාව යොදවන්නැයි ඉල්ලා අද (05) කහවත්ත නගර මධ්‍යයයේ විරෝධතාවයක නිරත විය.

පසුගිය කාලයේදී කහවත්ත ප‍්‍රදේශයේ කාන්තාවන් 7 දෙනෙකු ඝාතනයවී ඇතත් එම ඝාතන සම්බන්ධයෙන් මෙතෙක් සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට පොලිසියට නොහැකිවීමෙන් ඔවුන්ගේ නොහැකියාව ප‍්‍රදර්ශනය කර ඇතැයි ද ප‍්‍රදේශවාසීහු චෝදනා කරති.

අදාළ තත්ත්වය හේතුවෙන් භීතිය පැතිරී ඇති බවත්, මේ සම්බන්ධයෙන් දේශපාලන අධිකාරිය නොදැනීම සම්බන්ධයෙන්ද කනගාටු වන බවද ඔවුන් පැවසීය.

මෙම විරෝධතාවයට 2,000 ක පමණ ජනතාවක් එක්ව සිටි බවද පැවසේ.