Ads 468x60px

.
අන්තර් ජාලයේ බිරිය නිරුවත් කළ යූත් එෆ්.එම්. ලොක්කාට ඇප

තම බිරිඳගේ නිරුවත් ජායාරූප අන්තර් ජාලයට එක් කළේ යැයි චෝදනා එල්ලව සිටි යූත් එෆ්එම් නාලිකාවේ ප‍්‍රධාන විධායක නිලධාරී නරේන්‍ද්‍ර දිවුලාන සීලානාථ මහතා රුපියල් දස ලක්‍ෂයක ශරීර ඇප දෙකක් මත මුදාහැරීමට ගල්කිස්ස ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් නිරෝෂා ප‍්‍රනාන්දු මහත්මිය ඊයේ (07) නියෝග කළාය.
ඉන්දීය සාගරයේ බලය වැඩිකරගැනීමට චීනය මෙරට සහය පතයි?

2005 වසරේ සිට චීනය විසින් ශ්‍රී ලංකාව වෙත ලබා දී ඇති ආධාර ප්‍රමාණය ඉහළ නංවා ඇති බව අමෙරිකා එක්සත් ජනපද කොංග්‍රස් වාර්තාව සඳහන් කරයි.
රජය ජනතාව නොමග යවන ප්‍රකාශ කරනවා

ආසනික් නොමැති බවට පවසමින් රජය විසින් ජනතාව නොමග යවන සුළු ප්‍රකාශ නිකුත් කරන බව ජාතික හෙළ උරු‍ම‍යේ පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියන් පවසයි.
බාල පෙට්‍රල් ඉවතට -අලුත් පෙට්‍රල් වෙළඳපොළට

පසුගිය දිනවල ආන්දෝලනයට තුඩුදුන් සියලුම පෙට්‍රල් තොග වෙළෙඳපොළෙන් ඉවත් කර ඇති බවත්, මේ වන විට අලුත් පෙට්‍රල් තොග වෙළඳපොළට නිකුත්කර ඇති බවත්, කොළොන්නාව ලංකා ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්ත සමාගමේ සභාපති මේජර් ජනාරාල් එම්.ආර්.ඩබ් ද සොයිසා මහතා ප‍්‍රකාශ කරයි.
දැයට කිරුළට සමගාමීව සංවර්ධන ව්‍යාපෘති රැසක්

දැයට කිරුළ ප්‍රදර්ශනයට සමගාමීව සංවර්ධන ව්‍යාපෘති රැසක් ක්‍රියාවට නංවන බව ප්‍රවාහන අමාත්‍යාංශය පවසයි.
97 දෙනෙකුට විදෙස් තානාපති සේවයේ පුරප්පාඩු තිබෙනවා

විදේශීය දූත මණ්ඩල සේවයේ දැනට 237 දෙනෙකු රාජකාරියේ යෙදී සිටින බව විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා පවසයි.
යාපනය වෛද්‍යවරුන් වෘත්තීය ක්‍රියා මාර්ගයේ

ගැටලු සහගත තත්ත්වයක් හේතුවෙන් යාපනය රෝහලේ වෛද්‍යවරුන් වෘත්තීය ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වීමට තීරණය කර තිබේ.

ලංකාවට ගෙන්වූ පොර්ෂ් පැනමෙරා හයිබ්‍රිඩ් රථය


ලංකාවේ ජිවන වියදම පිලිබඳ බොහෝ දෙනා මැසිවිලි නැගුවද එසේ නොවන බොහෝ පිරිසකුත් සිටින බව හෙළි වුනේ පසුගියදා එලි දැක්වුණා වාර්තාවකින් ලංකාවත් ආසියවේ සීග්‍රයෙන් දසලක්ෂ පතියන් බිහිවෙන රටවල් 10 තුල සිටින බව සඳහන් වීමෙන්.ඒ බව සනාත කරමින් මිලියන 36 කට අධික වටිනාකමකින් යුත් පොර්ෂ් පැනමෙරා හයිබ්‍රිඩ් රථයක් ලංකාවට ගෙන්වා තිබෙනවා.එහි අයිතිකරු කවුරුන්ද යන වග අපට හෙළි නොවුනි.
මාදුරු ඔය රක්‍ෂිතයේ ගින්නෙන් අක්කර 1,500ක් ඉවරයි

මාදුරු ඔය ජාතික වනෝද්‍යානයේ හටගත් ගින්නකි අක්කර 1,500 ක පමණ ප‍්‍රදේශයක ගහකොළ විනාශවී ගොස් ඇතැයි වාර්තා වේ.
කුමන හෝ හේතුවක්‌ මත දිනකට මියයන සංඛ්‍යාව 950 ක්‌
මත්පැන් හා දුම්වැටි නිසා මාසයකදී 7875ක්‌ මියයති

මත්පැන් සහ දුම්වැටි භාවිතය නිසා මාසයකට ශ්‍රී ලාංකිකයන් හත්දහස්‌ අටසිය හැත්තෑ පස්‌දෙනකු (7875) මරණයට පත්වන බව සෞඛ්‍ය ඇමැති මෛත්‍රිපාල සිරිසේන මහතා කොළඹ පැවැති උත්සවයකදී කීය.
ඇමැති ධුරයෙන් අස්‌වන බවට මා කිසිම විටෙක කීවේ නෑ
ඇමැති සුසිල් ප්‍රේම්ජයන්ත


ඛනිජ තෙල් සංස්‌ථාව විසින් බෙදාහරින ලද පෙට්‍රල් පාවිච්චියට ගත් වාහනවලට හානියක්‌ සිදුවී ඇතැයි ඔප්පු කළහොත් තමන් ඇමැති ධුරයෙන් ඉල්ලා අස්‌වන බවට කිසිම අවස්‌ථාවක ප්‍රකාශ කළේ නැතැයි ඛනිජ තෙල් කර්මාන්ත ඇමැති සුසිල් ප්‍රේම්ජයන්ත මහතා පුවත්පත් නිවේදනයක්‌ නිකුත් කරමින් කියා සිටී.
කහවත්ත ප්‍රදේශයේ ආරක්‍ෂාව තර කරයි

වසර දෙකක කාලයක සිට කහවත්ත පොලිස්‌ බල ප්‍රදේශයේ සිදු වු වියපත් කාන්තාවන් අට දෙනෙකු ඝාතනය කිරීම හා වියපත් කාන්තාවන් බිය ගැන්වීම් සම්බන්ධයෙන් එම පොලිස්‌ බල ප්‍රදේශයේ ආරක්‍ෂාව මේ වන විට දැඩි ලෙස තරකර ඇත. ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ නියෝග මත පෙරේදා (05 වැනිදා) රාත්‍රි සිට යුද හමුදාව හා විශේෂ පොලිස්‌ කණ්‌ඩායම් ඒකාබද්ධව මෙම ඝාතනයන් සිදු වු කහවත්ත, නිලඳුර, කොටකෙතන, ඕපාත, කට්‌ටන්ගේ ඇතුළු තවත් ප්‍රදේශ කීපයක මෙහෙයුම් ආරම්භ කරනු ලැබීය. එහෙත් ඊයේ (06 වැනිදා) දහවල් වනතුරුත් ඝාතකයන් පිළිබඳ කිසිදු තොරතුරක්‌ දැන ගැනීමට නොහැකි විය.

ව්‍යාපාරික තැපැල් අංශයට වසරකට කෝටි 6 ක්‌ අහිමිවේ

තැපැල් දෙපාර්තමේන්තුව වෙත ලබාදෙන රාජ්‍ය හා පෞද්ගලික ආයතනවල ව්‍යාපාරික ලිපි තැපැල් මගින් බෙදා හැරීමට පෙර බැංකු සහ දුරකථන සමාගම් මගින් ලබාදෙන තොරතුරු ඇතුළත් කර ලිපියක්‌ ලෙස සකස්‌ කිරීමේ මූලික කටයුතු තැපැල් දෙපාර්තමේන්තුව මගින් ඉටු නොකිරීම නිසා තැපැල් දෙපාර්තමේන්තුවේ ව්‍යාපාරික තැපැල් අංශයට ඉතා පහසුවෙන් උපයා ගතහැකි මසකට රුපියල් මිලියන 50 බැගින් වසරකට රුපියල් කෝටි හයක මුදලක්‌ අහිමි වෙන බව තැපැල් සේවා අමාත්‍යාංශ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි. තැපැල් දෙපාර්තමේන්තුවේ ව්‍යාපාරික තැපෑල හරහා තැපැල් මගින් ලිපි යවන මහා පරිමාණ බැංකු දුරකථන සමාගම් ඇතුළු ව්‍යාපාරික ආයතන තමන්ගේ ලිපි සියල්ල සකස්‌කර ගනු ලබන්නේ අතරමැදි පෞද්ගලික සමාගම්වලට විශාල වශයෙන් මුදල් ලබාදීම මගිනි. අවම වශයෙන් එක ලිපියක්‌ සඳහා රුපියල් 11-12 අතර මුදලක්‌ බැංකු සහ දුරකථන සමාගම් විසින් මෙම අතරමැදි සමාගම්වලට ගෙවීම් කරයි.