Ads 468x60px

.

කොළඹ ගංගාරාමයේ ඇතා අවසන් හුස්ම හෙලයි

දින කීපයක්‌ තිස්‌සේ අසනීප තත්ත්වයෙන් පසුවූ කොළඹ ගංගාරාමයේ නවම් රාජා දළ ඇතා අද (8) අවසන් හුස්‌ම හෙළීය. මියයන විට ඇතාට අවුරුදු 55 ක්‌ පමණ විය. ඇතා සුවපත් කිරීමට පශුවෛද්‍යවරුන් දැඩි වෙහෙසක්‌ ගත්තද අසාර්ථක විය.

පෙම්වතුන්ට මල්වතේ සෙවන අහිමි වෙයි

පෙම්වතුන්ට මල්වතේ සෙවන අහිමි වෙයි

වසර සියයකට වඩා පැරණි බව කියන පේරාදෙණිය උද්භිද උද්‍යානයේ නුගරුක කපා ඉවත්කර තිබේ.
මෙම නුගරුක දිරාපත්වීම නිසා මෙසේ කපා ඉවත් කළ බව එහි වැඩ බලන අධ්‍යක්ෂ එච්. පෙරමුණගම මහතා පැවසීය.
චැනල් -4 වීඩියෝවට සැකකරුවෙකු අල්ලයි

චැනල් - 4 නාලිකාවට ශී‍්‍ර ලංකා යුද හමුදාව විසින් යුද අපරාධ සිදු කළ බවට ව්‍යාජ වීඩියෝ දර්ශන ප‍්‍රදර්ශනය කර ශී‍්‍ර ලංකා රජය අපකීර්තියට පත්වන අයුරින් කටයුතු කිරීමට ආධාර අනුබල දුන් බවට සැක පිට අත්අඩංගුවටගත් දෙමළ ජාතික සැකකරුවෙකු රැඳවුම් නියෝග යටතේ තබාගෙන ප‍්‍රශ්න කිරීමට කොළඹ අතිරේක මහේස්ත‍්‍රාත් ටිකිරි කේ. ජයතිලක මහතා විසින් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට අද (08) අවසර ලබාදුන්නේය.
කොල්ලූපිටිය පොලිසියට ඇස් ලෙඩ

ඇඩිනෝ’ නමැති වෛරසය හේතුවෙන් මේ දිනවල පැතිර යන ඇස් රෝගය හේතුවෙන් කොල්ලූපිටිය පොලිස් ස්ථානයේ නිළධාරීන් 85 දෙනෙකු රෝගීව ඇතැයි වාර්තා වේ.
පුෂ්පිකාට අලි බබෙක් හම්බවෙලා

දඹුල්ලේ ගම්මානයක අතරමංවී සිටියදී සොයාගත් ඇත්පැටවා බැලීමට 2011 ශී‍්‍ර ලංකා රූ රැජින බවටපත් පුෂ්පිකා සඳමාලී මෙනවිය ඊයේ (07) ගිරිතලේ වන ජීවී කාර්යාට ගොස් තිබේ.
ආහාර ගනිමින් සිටි බිරියට සැමියාගෙන් පිහි පහරක්
දිවා ආහාරය ගනිමින් සිටි කාන්තාවකට සිය සැමියා විසින් පිහිපහරක් එල්ල කිරීමේ සිද්ධියක් වෙන්නපුප්ව පොලිසියෙන් වාර්තා වේ.
තැපැල් ඡන්දයේ නිරීක්ෂණ කටයුතු සූදානම්

ලබන අඟහරුවාදා සිදුකෙරෙන තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීමේ කටයුතුවලට සමාගාමීව නිරීක්ෂණ කටයුතු සඳහා පියවර ගෙන ඇති බව පැෆ්රල් සංවිධානය පවසයි.
7 ශ්‍රේණියේ සිසුන්ට ප්‍රවීණතා විභාගයක්

සියලු පාසල්වල 7 ශ්‍රේණියේ දරුවන් සඳහා ප්‍රවීණතා විභාගයක් පැවැත්වීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබේ.
කහවත්තේ බිය දෙනියායටත්?

මාතර, දෙනියාය ප්‍රදේශයේ තලවාකැලේ වතු සමාගමට අයත් ඩවුන්සෙට් වතුයායේ තේ දළු නෙළමින් සිටි කාන්තාවක් ඝාතනය කිරීමට සැක කටයුතු පුද්ගලයෙකු උත්සාහ දරා තිබේ.
කහවත්ත සසල කළ ඝාතන සැකකරු කොටුවෙයි

රත්නපුර, කහවත්ත ප්‍රදේශයේ පසුගිය දිනවල සිදුවූ ඝාතනවලට සම්බන්ධ බවට සැකකරන පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ප්‍රිශාන්ත ජයකොඩි මහතා අද පැවසීය.

නව අසුන වෙනුවෙන් සුබ පැතුම්. .


නව පොලිස්පති එන්. කේ. ඉලංගකෝන් මහතා නව ධූරයෙහි වැඩ බාරගැනීමෙන් අනතුරුව අද(07) පාර්ලිමේන්තු කථානායක චමල් රාජපක්ෂ මහතා හමුවිය. කථානායක නිල නිවසේදී මෙම හමුව සිදුවිය.
අඩුම වියදමකින් ජීවත්වීමට කොළඹදී හැකියි

අඩුම වියදමකින් ජීවත්වීමට හැකි නගර අතර කොළඹ නගරය ඉහළින්ම සිටින බව වාර්තාවක් පෙන්වා දෙයි.
පබා, මහේෂ්ගෙන් දික්‌කසාදය වීමට නඩු යයි

සිය විවාහක සැමියා වන වලවේගමගේ මහේෂ් චාමින්ද නමැත්තාගෙන් දික්‌කසාද වීමට නියෝගයක්‌ ලබාදෙන ලෙසත්, මසකට රුපියල් ලක්‍ෂ හතරක පමණ ආදායමක්‌ ලබන ඔහුගෙන් තමාට රුපියල් මිලියන 20 ක වන්දියක්‌ ලබාදෙන ලෙසත් ඉල්ලා ජනප්‍රිය ටෙලි නාට්‍ය නිලි පාර්ලිමේන්තු මන්ත්‍රිනී උපේක්‍ෂා ස්‌වර්ණමාලි මහත්මිය කොළඹ දිසා අධිකරණය හමුවේ නඩුවක්‌ ගොනු කර තිබේ.


අලුත් ආකාරයේ බැටන් පොලු ලංකාවට

අත්‍යවශ්‍ය අවස්ථාවකදී යම් පුද්ගලයෙකුට පහරදීමක් සිදු කිරීමට අවශ්‍ය වුනොත් පමණක් තුවාල සිදු නොවන රිදීමක් පමණක් ඇතිවන බැටන් පොලු විශේෂයක් පොලිස් නිලධාරීන්ට ලබා දීමට සැලසුම් කර ඇත.
අධීක්ෂණ මන්ත්‍රීගේ වැඩ

කොළොඹ 07 හෝටන් පෙදෙසේ අධි සුඛෝපබෝගී නිවසක ඉහල මාසික කුලියක් යටතේ අධීක්ෂණ මන්ත්‍රී කෙනෙක් ඉන්නවලු.