Ads 468x60px

.

ඔබේ ජංගම දුරකථනය හොර එකක්ද බලාගන්නේ කොහොමද ?

ලෝකයටම අනතුරුදායකයි.ශනි - මංගල යෝග උදාවෙයි.

මුළු ලෝකයටම අපල කරමින් ‘ශනි මංගල යෝගය වසර 2011 -07 25 වැනි දින සන්ධ්‍යාවේදී පෙ.ව. 06.18ට උදා වේ. ලෝකායන ජ්‍යෙතිෂ්‍යය ඇසින් ඉතා විපරමින්  යුක්තව බැලීමෙන් ලොවම කළඹන විලාසයක් ගන්නා කාලයක අශුභ පෙර නිමිති මතු  කරයි.

දැරියක් අපයෝජනය කරමින් සිටි කොන්දොස්තර මාට්ටු

පහළොස් හැවිරිදි පාසල් සිසුවියක් බස් රථයක් තුළ ලිංගික අපයෝජනයට ලක් කරමින් සිටි පෞද්ගලික බස් රථ කොන්දොස්තරවරයකු හොරොව්පතාන බස් නැවතුම්පළේදී හොරොව්පතාන පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

සිසුවියගේ දෙමව්පියන් විසින් කරන ලද පැමිණිල්ලකට අනුව සැකකාර කොන්දොස්තරවරයා අත්අඩංගුවට ගෙන ඇත.

තවත් ටෙලි නිළියන් දෙදෙනෙකු ගණිකා මඩමකදී කොටු වෙයි


ñ,d - wukaod - ird
ගණිකා වෘත්තියේ නියැළී සිටියේ යැයි වන චෝදනාව මත මිරිහාන පොලිසිය විසින් තවත් ටෙලිනාට්‍ය නිළියන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.
මේ අතරින් ස්වර්ණා රත්නායක නම් 45 හැවිරිදි නිළිය පසුගිය 11දා කඩුවෙල මේනකා හෝටලයේ දී මිරිහාන පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.

ගාල්ල - ඇල්පිටිය බස් මාර්ගයේ රියදුරන් වර්ජනයකට අරඅදී

ඇල්පිටිය - ගාල්ල මාර්ග අංක 752 බස් මාර්ගයේ පෞද්ගලික බස් රථ රියදුරන් අද (13) දිනයේදී වර්ජනයකට සූදානම් වන බව වාර්තා වෙනවා. 

මෙයට හේතුව එම මාර්ගයේ පෞද්ගලික බස් රථ රියදුරෙකුට තවත් බස් බස් මාර්ගයක පෞද්ගලික බස් රථ සේවකයන් පිරිසක් පහරදීමට විරෝධය පළ කිරීමයි.

මෙම පහරදීම ඊයේ (12) සිදුවී ඇත්තේ දොඩංදූව - කුමාරකන්ද ප‍්‍රදේශයේදීයි. පහරකෑමට ලක්වු බස් රථ රියදුරා මේ වනවිට කරාපිටිය රෝහලේ ප‍්‍රතිකාර ලබන බව සදහන් වෙනවා.

මතට තිත - තිතට මත වේ

රජය විසින් "මතට තිත" ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කළත් මේ වසරේ (2011) පළමු මාස පහ තුළ රටේ සැර මත්පැන් හා බීර නිෂ්පාදනය සැලකිය යුතු ලෙස ඉහළ ගොස්‌ තිබේ.

මේ අනුව සැර මත්පැන් නිෂ්පාදනය සියයට 12 කින් සහ බීර නිෂ්පාදනය සියයට 30 කින්ද වසරේ පළමු මාස පහ තුළ ඉහළ ගොස්‌ ඇති බව මුදල් අමාත්‍යාංශයේ නවතම වාර්තාවකින් හෙළිදරව් වේ.

ගොයම් පෑගූ පිරිසකට බඹර ප්‍රහාරයක්‌

වැලිමඩ පොලිස්‌ බල ප්‍රදේශයේ දිවිතොටවෙල ඊයේ (12 දා) උදේ කුඹුරක ගොයම් පාගමින් සිටි පිරිසක්‌ අතරට කඩාවැදුණ බඹර පොදියක්‌ නිසා 80 හැවිරිදි අයකු හා තවත් දෙදෙනකු බඹර ප්‍රහාරයකට ලක්‌ව වැලිමඩ මූලික රෝහලට ඇතුළත් කර තිබේ.

කෙරවළපිටිය හා නොරොච්චෝල ක්‍රියාත්මකයි

කිසිදු ගැටලූවකින් තොරව රටටම විදුලිය ලබා දෙනවා
ඇමැති පාඨලි චම්පික රණවක


 
කෙරවළපිටිය සහ නොරොච්චෝල විදුලි බලාගාරවලින් නිපදවන විදුලිය මේ වන විට විදුලි පද්ධතියට එක්‌කර තිබෙන නිසා කිසිදු ගැටලුවකින් තොරව මුළු රටටම අඛන්ඩව විදුලිබලය ලබාදෙන බව විදුලිබල හා බලශක්‌ති ඇමැති පාඨලී චම්පික රණවක මහතා පැවැසීය.

කොළඹට සුපිරි බස් සේවාවක්

කොළඹ නගරය ආශි‍්‍රතව සුඛෝපභෝගී බස් සේවාවක් අද (13) සිට ආරම්භ කෙරෙන බව ප‍්‍රවාහන අමාත්‍යාංශය පවසනවා.

එහි ආරම්භක පියවර වශයෙන් කොළඹ සිට මොරටුව දක්වා මෙම සුඛෝපභෝගී බස් සේවාව අද ප‍්‍රවාහන අමාත්‍ය කුමාර වෙල්ගම මහතාගේ ප‍්‍රධානත්වයෙන් ආරම්භ කෙරෙනවා.

පොලිසියට එරෙහිව පොලිසියෙන්ම පරීක්‍ෂණ

පොලිස්‌ දෙපාර්තමේන්තුවේ කීර්තිනාමයට හානිදායක වන අන්දමට විවිධ දූෂිත ක්‍රියාවන්වල නිරත වූ ජ්‍යෙෂ්ඨ පොලිස්‌ නිලධාරීන්, පොලිස්‌ ස්‌ථානාධිපතිවරුන් ඇතුළු විවිධ ශ්‍රේණිවල නිලධාරීන් පිරිසකට එරෙහිව ඉහළ පෙළේ පරීක්‍ෂණයක්‌ ආරම්භ කර ඇත.