Ads 468x60px

.

ඩයිනෝසරයින් විනාශ වුණේ ඇස්ටරොයිඩයක් වැටීමෙන්ද ?

සොයාගත් අළුත්ම ඩයිනෝසර පොසිලයෙන් අනාවරණය වන ලකුණු
ඇස්ටරොයිඩයක් විසින් මිහිතලයේ විසූ ඩයිනෝසරයින් විනාශ කර දැමුවාදැයි විද්‍යාඥයින් විසින් සොයාගෙන තිබෙන නවතම ඩයිනෝසර පොසිල මගින් අනාවරණය විය හැකිබව වාර්තා වේ.

මිල අඩු කාරය වෙනුවට බජාජ් අපිට අළුත් වාහනයක් හදයි

ටාටා නැනෝ රථයටත් වඩා මිල අඩු මෝටර් රථයක් නිපදවීමට ඉන්දියානු බජාජ් සමාගම ගත් උත්සාහය අත්හැර දැමූ බව එම සමාගම පවසා තිබේ.

ප්‍රංශ පුවත් සේවය වාර්තා කරන්නේ ඒ වෙනුවට ලංකාව හා බංග්ලාදේශය වැනි රටවල් ඉලක්ක කර මගීන් හා බඩු ප්‍රවාහනය කිරීමට අඩුමිල සැහැල්ලු වාහනයක් නිර්මාණය කරන බව බජාජ් පවසා තිබෙන බවත් මෙම කුඩා සැහැල්ලු වාහනය රෝද හතරකින් යුක්ත එකක් බවයි.

ලංකාවත් සමලිංගික පාරාදීසයක් ?

ශී‍්‍ර ලංකාව තුළ සමලිංගික සම්බන්ධතාවල වර්ධනයක් දක්නට ලැබෙන බව වාර්තා වේ.

සමලිංගිකයන් ෆේස් බුක් වැනි සමාජ වෙබ් අඩවි හරහා සම්බන්ධතා ගොඩනගා ගැනීමේ ප‍්‍රවණතාවය ඉහළයාම හා සමලිංගික කි‍්‍රයා සඳහා ආරාධනා කරන ෆේස්බුක් ගිණුම් නිර්මාණය ශීඝ‍්‍ර ලෙස ඉහළයාම මේ සඳහා නිදසුනක් බව පැවසේ.

බස්රථ වල පිටුපස වීදුරු ආවරණය කිරීම තහනම් කරයි

මේ මස 20 වැනිදාට පසු බස්රථවල පිටුපස වීදුරුව ආවරණය කිරීම තහනම් වන බව පොලිසිය ප‍්‍රකාශ කරනවා. පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක පොලිස් අධිකාරී පි‍්‍රශාන්ත ජයකොඩි මහතා සඳහන් කළේ බොහෝ බස්රථවල පිටුපස වීදුරුව රියදුරන්ට දර්ශනය නොවන අයුරින් චිත‍්‍ර, සැරසිලි හෝ තිර රෙදි යොදා ඇති බවයි.

‘‘ දඩුගම් ඔයේ ජලයට ගොඩා මිශ‍්‍ර වෙලා . බීමට සුදුසු නැහැ’’ ජාතික ජල සම්පාදන හා ජලපවාහන මන්ඩලයෙන් නිවේදනයක්

පසුගිය ජුලි 08 වැනි සිකුරාදා දිනයේ  සිට දඩුගම් ඔයේ මසුන් හිටි හැටියේ ම මිය යමින් ඔය මතුපිට ජලයේ පා වෙමින් ඇති බවට වාර්තා වුණි. එහිදී සීදුව-කටුනායක නගර සභා බල ප‍්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී ජයන්ත තිසේරා මහතා සඳහන් කලේ දඩුගම් ඔයේ ජලයේ ඇති ඔක්සිජන් ප‍්‍රමානය අඩු වීම මෙම තත්වයට හේතු වී ඇති බවයි. ඒ නිසා ඔහු මහජනතාවගෙන් ඉල්ලා සිටියේ  දඩුගම් ඔයේ ජලය පානය කිරීමෙන් සහ එම මැරුණු මසුන් අහාරයට ගැනීමෙන් වලකින ලෙසයි.

කහවත්ත බියගැන්වූ හැඩිදැඩි මිනිසා අටකලන්පන්නේ සැරිසරයි

කහවත්ත ප්‍රදේශයේ වියපත් කාන්තාවන් බියකරමින් සැරිසැරූ බව කියන කළු හැඳගත් හැඩිදැඩි පුද්ගලයා මේ වන විට අටකලන්පන්න, මාදම්පේ , පනාවල ඇතුළු ප්‍රදේශවල ද සැරිසරන බව එම ප්‍රදේශවාසීහු පවසති.