Ads 468x60px

.

දෙඹරුන් ඇනලා දරුවෙකු මැරිලා

දෙඹරුන්ගේ ප‍්‍රහාරයකට ලක්ව මනම්පිටිය මලියදේවපුර ප‍්‍රදේශයේ කුඩා දරුවෙකු මියයාමේ අවාසනාවන්ත පුවතක් අද (01) පොලොන්නරුව පොලිසියෙන් වාර්තා වේ.

රිමාන්ඞ් භාරයේ සිටි කතක් ගැබ්ගෙන

රිමාන්ඞ්භාරයේ සිටි කාන්තාවක් ගැබ්ගෙන ඇත්දැයි සොයා බැලීමට කොළඹ මහාධිකරණ විනිසුරු පද්මන් සූරසේන මහතා අද (01) නියෝග කළේය.

දැරියක් කෙළෙසූ සිවිල් ආරක්‍ෂකයා දැලේ

බාල වයස්කාර දැරියක් අපහරණය කළේ යැයි සැකපිට වනාතවිල්ලූව පොලීසියට අනුයුක්තව සිටි සිවිල් ආරක්ෂක භටයෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ගණිකාවන්ට ඒඞ්ස්වලින් වැළකීමට උපදෙස්

ගණිකා සේවයේ යෙදී සිටින 4,800 ක් එච්.අයි.වී/ඒඞ්ස් වෛරසය ශරීර ගතවීමෙන් වැළකීම පිළිබඳව දැනුවත් කිරීමට කටයුතු යොදා ඇතැයි වෛද්‍ය ලිලානි රාජපක්ෂ මහත්මිය කියයි.

ම‍ව‍ට 92 ‍යි, ‍බිහිකළ දරු‍වාට 60

දකුණු දිග ‍චින‍යයේ ‍‍ව‍යස 92ක් ව‍‍යසැති කතකගෙන් වයස 60 ක‍ට වඩා පැරණි කළළ‍යක් ඇය‍ගේ කුසයෙන් වෙන් කරගෙන අැත,   ජීවය රහිත කළළට කුස තුළ ගලක් රදවා සිටින්නා හා සමා‍න‍ව රදවාගෙන ඇත.
 වෛද්‍යවරුන්ගේ මතය වන්නේ ‍මෙම කළළය 1947 දී පමණ මියගිය එකක් බව‍ය. එසේම මෙවැනි තත්ව‍යන් ඇතිවන්නේ ඉතාම කලාතුරකින් බව‍ත් ඔවුන් පවසති.

සාස්තර කියන අලි පැංචෙක්

පාපන්දු ලෝක කුසලාන තරගාවලිය පිළිබඳව අනාවැකි කියූ බූවල්ලෙකු පිළිබඳව පසුගිය දිනවල විවිධ පුවත් වාර්තා විය. කාන්තා පාපන්දු ලෝක කුසලාන තරගාවලිය පිළිබඳව ද අනාවැකි පළකළ අලි පැටවෙකු ගැන මෙම පුවත වාර්තා වේ‍. මාස 18 ක් වයසැති නෙලී මෙම අලි පැටවා ජර්මනියේ උද්‍යානයක ජීවත්වන බව සඳහන්ය.

රංජන් හා උදාරිට ආදර පුදසුන අහිමි වෙයි

ආදර පූජාසනේ’ චිත‍්‍රපටයේ ප‍්‍රධාන චරිත රඟපෑම සඳහා තොරාගෙන සිටි ජනපි‍්‍රය නළු පාර්ලිමේන්තු මන්තී‍්‍ර රංජන් රාමනායක හා නවක නිළි උදාරි වර්ණකුළසූරිය ඉන් ඉවත්වී ඇතැයි වාර්තා වේ.

‘විවාහවීමේ වයස අවුරුදු 15 දක්වා අඩු කිරීමට යයි’

තරුණියන්ගේ විවාහ වීමේ වයස් සීමාව අඩු කිරීම කෙරෙහි සිය අවධානය යොමුව ඇතැයි රාජ්‍ය පරිපාලන සහ ස්වදේශ කටයුතු අමාත්‍ය ඩබ්ලිව්.ඞී.ජේ. සෙනෙවිරත්න මහතා කියයි.

ලංකාවේ ෆේස්බුක් සාමාජිකයන් මිලියනය ඉක්මවයි

ලංකාවේ ෆේස්බුක් සාමාජිකයන් ගණන මේ වන විට මිලියනය ඉක්මවා තිබෙනවා.සාමාජිකයින් මිලියන 173ක් සමඟ ඇමරිකාව පලමු ස්ථානයේ තිබෙන අතර දෙවන ස්ථානයේ තිබෙන්නේ මිලියන 39ක් සහිත ඉන්දුනීසියාවයි.