Ads 468x60px

.

ග‍්‍රීස් ටින් එකක් ගන්න ගියාම හැඳුනුම්පත ඉල්ලලා

හෝමාගම නගරයේ පිහිටි මෝටර් රථ අමතර කොටස් විකුනණ වෙළඳ සැලකට ඔහු ගියේ ග‍්‍රීස් ටින් එකක් මිලදී ගැනීමටය. මැදිවියේ පසුවන වෙළඳ සේවකයාගෙන් ඔහු ග‍්‍රීස් ටින් එකක් ඉල්ලා සිටියේය. තරුණයාගේ හිස සිට දෙපතුල දක්වාම කිහිපවරක්ම බැලූ වෙළඳ සේවකයා හැඳුනුම්පත තිබෙනවාදැයි තරුණයාගෙන් විමසීය.

දැරියකට අතවර කළ අයෙකුට විසි වසරක සිර දඬුවම්

බාලවයස්කාර දැරියක් මවුපිය භාරයෙන් පැහැරගෙන ගොස් ඇයව බරපතල ලිංගික අපයෝජනයකට ලක්කළේ යැයි අධිචෝදනා ලැබූ විත්තිකරුවකුට අවුරුදු 20ක බරපතළ වැඩ ඇතිව සිරදඬුවමක් සහ රුපියල් විසිදහසක දඩයක් පානදුර පළාත්බද මහාධිකරණ විනිසුරු අමල් තිලකරත්න මහතා නියම කළේය.

ග්‍රීස් යකෙකු නාවික හමුදා කඳවුර තුළ, කින්නියා ජනතාව යළි නොසන්සුන්

ත්‍රිකුණාමලය, කින්නියා ප්‍රදේශයේ අද(15) යළිත් නොසන්සුන්කාරී තත්ත්වයක් හට ගෙන තිබේ.

ඒ කින්නියා ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ඉදිරිපිට දී විරෝධතා ව්‍යාපාරයක් ආරම්භ කිරීමත් සමග මෙම නොසන්සුන්කාරී තත්ත්වය ඇතිවී ඇත.

පානදුරේ දරුවන් ලිංගික අපයෝජනයට ලක්වීමේ ප‍්‍රවණතාවක්

පසුගිය තුන්මසක කාලයේදී අවුරුදු 14 ට අඩු දැරු දැරියන් බාලාපචාරවලට යොමුකර ගැනීම සම්බන්ධයෙන් සැකකරුවන් අට දෙනකු පාණදුර පොලිසියේ ළමා සහ කාන්තා කාර්යාංශය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර රක්ෂිත බන්ධනාගර ගත කර ඇතැයි වාර්තා වේ.

ග්‍රීස් යකෙක්ද..?වැරදීමක්ද..?

නාවලපිටිය පොලිස්බල ප්‍රදේශයේ ඕවිට-ජයසුන්දරපුර ප්‍රදේශයේ සැක කටයුතු ලෙස සැරිසරමින් සිටි පුද්ගලයෙකු ග්‍රීස් යකෙකු යයි සැක කොට අද අලුයම ප්‍රදේශවාසීන් විසින් අල්ලා දුරකථන කණුවකට තබා ගැටගසා තිබිණි.උදෑසන 6.00 පමණ වන විට මොහු දැක බලා ගන්නට 2000 ට අධික පිරිසක් අවට ගම්වලින් පැමිණි සිටි බව අද දෙරණ වාර්තාකරු පවසයි.

රන් පැහැයෙන් යුත් ලෝහමය හිඳි බුදු පිළිම හතළිස්‌ එකක්‌ සේනපුර විහාර භූමියක

අනුරාධපුර, සේනපුර, අමුණුගම ශ්‍රී බෝධිරාජාරාම විහාරස්‌ථ භූමියේ කිසියම් අයකු විසින් දමා ගොස්‌ තිබූ රන් පැහැයෙන් යුත් ලෝහමය හිඳි බුදු පිළිම හතළිස්‌ එකක්‌ පෙරේදා (13 දා) රාත්‍රි හමුවී තිබේ.

කාන්තාවෝ 2ක් ලොරියකට යට වී මිය යති, බිරිඳගේ වියෝවෙන් සැමියාත් කනේරු කා සිය දිවි නසාගෙන

මොනරාගල - වැල්ලවාය මාර්ගයේ ආනපල්ලම ප්‍රදේශයේදී ඉකුත් සිකුරාදා (12) සවස ලොරි රථයකට යටවීමෙන් විවාහක කතුන් දෙදෙනකු මියගොස් ඇත.

"ග්‍රීස්‌ යක්‍ෂ" කතා බොරු කරමින් සැබෑ තතු කියන්න ගම් 3000 කට සිවිල් කමිටු

අම්පාර සහ මඩකලපුව ප්‍රදේශයන්හි ජනතාව අතර පැතිර යන "ග්‍රීස්‌ යකා" භීතිය මුළුමනින්ම තුරන් කරමින් ජනතාවට සත්‍ය වටහා දීම සඳහා ගම්මාන තුන්දහසක්‌ ආවරණය වන පරිදි සිවිල් කමිටු ස්‌ථාපිත කිරීමට නැගෙනහිර ආඥාපති මේජර් ජෙනරාල් බොනිපස්‌ පෙරේරා විධිවිධාන යොදා තිබේ.

තහනම් වුවත් තහනම් නැති කියුබාවේ ප‍්‍රථම සමලිංගික විවාහය

සමලිංගික විවාහ තහනම් වන කියුබාවේ එවැනි විවාහයක් පවත්වා ඇති බව විදෙස් වාර්තා සඳහන් කරයි. මෙම විවාහ උත්සවයේ මනාල යුවල නම් කියුබානු ජාතිකයෙකු වන ඉග්නාෂියෝ එස්ත‍්‍රාඩා හා ස්ත‍්‍රියක් ලෙස ලිංගික විපර්යාසයකට ලක් වූ වෙන්ඩි ඉරියෙපා ය.