Ads 468x60px

.

බුදු දහමට අපහාසවන අන්දමින් පාවහන් අඩියේ ධර්ම චක්‍රය

නුගේගොඩ නගරයේ වෙළද ආයතනයකදී  බුදු දහමට අපහාසවන අන්දමින් නිෂ්පාදනය කරන ලද  ධර්ම චක්ක්‍රය යෙදු පාවහන් තොගයක් පසුගියදා පොලිසිය මගින් අත්අඩංගුවට ගන්නා ලදී.
එම වෙළෙඳසැලේ තිබී පාවහන් ජෝඩු 5ක් පමණ සොයා ගැනිණ.

ග්‍රීස් යකත් මට අයිතියි.ග්‍රීස් යක්කු හම්බුනොත් වටකරගන්න,තියාගන්න - මර්වින්

මහජන කටයුතු අමාත්‍යංශයට ග්‍රීස් යකුන්ද අදාළ බව අමාත්‍ය මර්වින් සිල්වා කියා සිටියේ පසුගියදා පැවති උත්සවයකට සහභාගී වෙමින්.
එහිදී අදහස් දැක්වූ අමාත්‍යයවරයා: මහජන කටයුතු කියන්නේ ග්‍රීස් යකත් මට අයිතියි.ග්‍රීස් යක්කු ගැන සැකයක් තියෙනවනම් 0722287210 මගේ නොම්බරේ.මංරෑ 12 ටත් ගන්නවා.ග්‍රීස් යක්කු හම්බුනොත් වටකරගන්න, තියාගන්න, මමයි එන්නේ,තුන්මං හන්දියකට ගෙනල්ල මුළු පවුලම බදිනවා.එදාට මට හිරගෙදර දොරටු විවෘත වෙයි. ග්‍රීස් යකාට සුසාන භුමියේ දොර ඇරෙයි.

තරුණ මන්තී‍්‍රවරයෙකු හිටපු රූ රැජින ජැකලින් සමග සිනමන් ග‍්‍රෑන්ඞ් හෝටල් කාමරයේ

හම්බන්තොට දිස්ති‍්‍රක්කයේ තරුණ මන්තී‍්‍රවරයෙකු පසුගිය දිනක හොර රහසේ ශ‍්‍රී ලංකාවේ හිටපු රූ රැජින ජැකලින් ෆර්නැන්ඩිස් සිනමන් ග‍්‍රෑන්ඞ් හෝටලයේදී මුණගැසී ඇති බව වාර්තා වේ.එම මන්තී‍්‍රවරයා ඇය හමුවී ඇත්තේ ඇගේ හෝටල් කාමරයේදී බව ද එම හෝටලයේ සේවකයකු පැවසීය.

රෝහලේදී ආදිවාසියාගේ ගමන වැළැකුවැයි ආරක්‍ෂකයකුට ඊතල ප්‍රහාරයක්‌

දුනු ඊතල අතැතිව මහනුවර මහ රෝහල් පරිශ්‍රයට ඇතුළුවීමට උත්සාහ කළ ආදිවාසී පුද්ගලයකුගේ ගමන අවහිර කළ රෝහල් ආරක්‍ෂක නිලධාරියකුට දුනු ඊතල වලින් විද තුවාල සිදුකිරීමක්‌ පිළිබඳ ඊයේ (29 වැනිදා) පස්‌වරුවේ මහනුවර මහ රෝහලෙන් වාර්තා විය.

හදිසියේ ගැබ් ගැනීමේ හේතුවෙන් බොඳ මීදුම් නාට්‍යයට හදිසියේ තිත.

ජනපි‍්‍රය ටෙලිනාට්‍ය නිළි උදාරි වර්ණකුලසූරිය මව් පදවිය ලැබීමට සිටින බව සැල වීමත් සමග ඇය ප‍්‍රධාන නිළිය ලෙස රඟපාන බොඳ මීදුම් ටෙලි නාට්‍යයට හදිසියේ තිත තැබීමට තීරණය කර ඇතැයි වාර්තා වේ.