Ads 468x60px

.

මුතුහෙට්ටිගම හා අනර්කලී සෙට් වෙයි

දකුණු පළාත් පාර්ලිමේන්තු මන්තී‍්‍ර නිශාන්ත මුතුහෙට්ටිගම මහතා සිනමාවට එක්වීමට යන බව වාර්තා වේ.දේශපාලනයේදී නිශාන්ත මුතුහෙට්ටිගම මහතා සමඟ ගැටුනු පළාත් සභා මන්ති‍්‍රනී අනර්කලී ආකර්ෂා මෙනෙවිය ද මෙම චිත‍්‍රපටයට රංගනයෙන් දායකවීමට නියමිත බව පැවසේ. මෙය තමන්ට අහම්බෙන් ලැබුණු අවස්ථාවක් බව මුතුහෙට්ටිගම මහතා කියා සිටී.

අගමැති පුතු ලංකා ජයරත්න සහ දිලිනි විශිනි ගේ විවාහය

අගමැති දී.මු ජයරත්න මහතාගේ පුත් අනුරාධ ලංකා ජයරත්න සහ දිලිනි විශිනි හේරත් අතර විවාහය ඊයේ (15) දිනයේදී කොළොඹ හිල්ටන් හෝටලයේදී පැවැත්විණි.මනාල මහතාගේ පාර්ශවයෙන් අත්සන් තැබීමට පැමිණ සිටියේ ජනාධිපති මහින්ද රාජපක්ෂය.විවාහ උත්සවයට පෙර ඒ පිලිබඳ මාධ්‍යය වල වූ උණුසුම් මාතෘකාව වුයේ විවාහ අරාධනාපත් පිළිබඳවයි.

පවුල් ආරවුල දුරදිග ගොස් පස් මස් වියැති දරුවා මරුට

වාරියපොළ වහන්තරේ ප්‍රදේශයේ පියෙකු  ඊයේ පස්වරුවේ මාස 5ක් වයසැති සිය දරුවාද සමග ළිඳකට පැන ඇතැයි, පොලීසිය පවසයි.
සිද්ධියෙන් දරුවා මියගොස් ඇති අතර, ප්‍රදේශවාසීන් මැදිහත් වී පියා බේරාගනු ලැබ තිබේ.

පිරිමි ගණිකාවෝ එක රැයකට ඇන්ටිලා ගන්නේ පොරකාලා

පහත තැනින් යයි ගලා ජලේ මෙය පැරණි කියමනක්. මිනිස්සු කෙන්තිගියම කියන්නේ එකක් කරන්නේ තව එකක්. නමුත් විසි එක වන සියවසේ ලංකාවෙත් මෙය අලුත් වෙලා මුදල් හදල් ඇති ව්‍යාපාරික කාන්තාවන් තමන් කැමති නළුවා සමග කම් සැප විදින්න ගොඩක් වියදම් කරන බව අපට දැන  ගන්න ලැබී තියෙනවා.

“වල් උපාසක” රාළගේ අනියම් සම්බන්ධය අතටම අහුවෙලා

කාලයක් තිස්සේ විවාහක කාන්තාවක් සමඟ පෙම් රැගුම් පෑ උපාසක අනංගයා බිරියගේ අතටම අසුවී කෙස් වැටි පටලවා ගෙන ගුටි බැට හුවමාරු කර ගැනීමේ සිද්ධියක් කෑගල්ල නගරයට නුදුරු ගමකින් වාර්තා වෙයි.සිද්ධිය මෙසේය.
ගමේ පැවැත්වෙන ඕනෑම පින්කමකට කැපීපෙනෙමින් මුල්තැන ගෙන කටයුතු කරන මෙම උපාසක රාළ හතර පෝයටම සිල් සමාදන් වීම පුරුද්දක් වශයෙන් කර ගෙන ගොස් ඇත.

ශ්‍රී ලංකාවේ දිනකට නීති විරෝධී ගබ්සා අටසීයයක්

ශ්‍රී ලංකාවේ දිනකට නීති විරෝධී ගබ්සා අටසීයයක් පමණ සිදුවන බව  පවුල් සෞඛ්‍ය කාර්යාංශය කියයි.සමීක්ෂණයකදී හෙළි වී ඇති තොරතුරුවලට අනුව ගබ්සා කරගන්නා කාන්තාවන් අතරින් සියයට අසූවක් වයස අවුරුදු 35 ඉක්ම වූ අය වේ. තවද  වසරකට සජිවී උපත් තුන්ලක්ෂ අසූදහක් සිදුවන විට ගබ්සා කිරීම් දෙලක්ෂ අනූදහසක් සිදුවන බවපවුල් සෞඛ්‍ය කාර්යාංශයේ ප‍්‍රජා සෞඛ්‍ය විශේෂඥ වෛද්‍ය කපිල ජයරත්න මහතා පවසයි.

සෙන්ටිග්‍රේඩ්ස් හි සාමාජිකයෙකු වන ඉසුරු දසුන් යුග දිවියට

නව පරපුරේ ජනප්‍රිය සංගීත කණ්ඩායමක් වන සෙන්ටිග්‍රේඩ්ස් හි සාමාජිකයෙකු වන ඉසුරු දසුන්,ඉමිහිරි සමග අතිනත ගෙන තිබෙනවා.

ඉසුරු සෙන්ටිග්‍රේඩ් හි මුල් සාමාජිකයෙක් වුවත් බොහෝ කලක් ඔහු සිටියේ විදේශගතවය.

රාත්‍රී සමාජ ශාලාවල නිලියන් කොළොඹ හෙරොයින් ජාවාරමේ

ජනප්‍රිය නිලියන් දෙදෙනෙකු කොළොඹ නගරයේ හෙරොයින් බෙදා හරින බවට වාර්තා වේ.මෙම නිලියන් දෙදෙනාම හෙරොයින් ජාවරාමේ යෙදෙන්නේ අමාත්‍යවරුන් දෙදෙනෙකුගේ බලය පෙන්වමිනි. මින් එක නිලියක් නර්තන ශිල්පිනියක් ලෙසද ප්‍රසිද්ධ අතර ඇය හා එක්තරා ඇමතිවරයෙකුගේ පුතු සමග සම්බන්ධතාවයක් ගොඩනගාගෙන ඇත.

මර්වින්ගේ මුන්නේෂ්වරන් විරෝධය පිටුපස ව්‍යාපාරික අරමුණක්

මුන්නේෂ්වරන් කෝවිලේ සත්ව ඝාතනයට එරෙහිව ඇමති මර්වින් සිල්වා නීතිය අතට ගෙන ඇත්තේ, ව්‍යාපාරික අරමුණු සඳහා බව ආණ්ඩුවේ ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයෙකු  පැවසීය.මර්වින් සිල්වා අමාත්‍යවරයා කැලණියේ ඉදිකර ඇති දේවාලයට මුන්නේෂ්වරන් කෝවිලෙන් බලවත් තර්ජනයක් වී ඇති බැවින්, මුන්නේෂ්වරන් කෝවිලට ඔහු විශාල ප‍්‍රචාරයක් ගෙන යමින් සිටී.