Ads 468x60px

.

ජපානයේ ඇඟලුම් ක්ෂේත්‍රයේ රැකියා ශ්‍රී ලංකාවේ තරුණ තරුණියන්ට

ශ්‍රී ලංකාවට මෙතෙක් විවෘත නොවූ ජපානයේ ඇඟලුම් ක්ෂේත්‍රයේ රැකියා ලබන වසරේ සිට මෙරට තරුණ තරුණියන්ට හිමිවන බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි. ජපානයේ කර්මාන්ත ශාලා ප්‍රධානීන් කිහිපදෙනෙකු සමඟ පසුගියදා පැවති සාකච්ඡා වලදි මෙම එකඟතාවයට පැමිණි බව එම කාර්යාංශයේ සභාපති කිංස්ලි රණවක මහතා සඳහන් කළේය.

අද්විතීය රංගධර ජෝ අබේවික‍්‍රම මැරුණාද? මැරුවාද?

ශ‍්‍රී ලංකා සිංහල සිනමාවේ අද්විතීය රංගධර ජෝ අබේවික‍්‍රම මහතාගේ මරණය පිළිබඳ විවිධ කටකතා මේ වන විට සිනමා ක්ෂේත‍්‍රය පුරා පැතිරෙමින් පවතින බව වාර්තාවේ.ජෝ අබේවික‍්‍රම මහතා පදිංචිව සිටි නුගේගොඩ පාගොඩ පාරේ දෙමහල් නිවසේ බිම් මහලේ ඔහුගේ පුතා සහ බිරිඳ පදිංචිව සිට ඇති අතර ඔවුන් සහ ජෝ අබේවික‍්‍රම මහතා අතර දීර්ඝ කාලයක සිට විශාල විරසකයක් පැවතී තිබේ.

ලංකාවේ සදාහරිතයේ අවමංගල්‍යය ලංවේ

සිංහරාජය, සිරිපා අඩවිය, නාකියාදෙණිය, දෙදියගල, නකල්ස් යන රක්ෂිත අවට ඇති ඉඩම් ප‍්‍රතිසංස්කරණ කොමිසම් සභාවට අයත් ඉඩම් අදාළ රක්ෂිත භූමිවලට පවරාදෙන ලෙස PS/CS/26/2004 ගැසට් නිවේදනයෙන් නියෝග කර තිබේ.
එහෙත් එම නියෝගය නිසි අයුරින් ක‍්‍රියාත්මක නොවීම නිසා අදාළ භූමිවලින් 90%ක්ම තවමත් මිනිස් ක‍්‍රියාකාරකම් සඳහා යොදාගෙන ඇති බව පරිසර සංවිධාන එකමුතුව පවසයි.

බන්ධනාගාර රෝහලේ සිටි 'ජිනා මැඩම්' කළුතරට යවයි

කොල්ලුපිටිය සුපිරි වෙළෙඳ මධ්‍යස්‌ථානයක ගණිකා මඩමක්‌ පවත්වාගෙන ගිය බවට චෝදනා ලැබ වැලිකඩ බන්ධනාගාරයේ රඳවා සිටි ජිනා මැඩම් නමැත්තිය කිසිදු රෝගයක්‌ නොමැතිව වැලිකඩ බන්ධනාගාර රෝහලේ රඳවා සිටියදී බන්ධනාගාර උසස්‌ නිලධාරියකුට හසු වී ඇත.

තවත් චන්ද්‍රිකාවක් නාසා පාලනයෙන් මිදේ, පොලවට කඩා වැටීමට නියමිතලූ

1994 වසරේ කක්ෂගත කරන ලද වසර 12 කට ආසන්න කාලයක් සේවාය සැපයූ රොසැට් ලෙස හදුන්වන තවත් සන්නිවේදන චන්ද්‍රිකාවක් නාසා ආයතනයේ පාලනයෙන් මිදීගොස් තිබෙන බව විදෙස් වාර්තා පවසයි.
මේ වනවිට නාසා පාලනයෙන් මිදී ඇති මෙම චන්ද්‍රිකාව පෘථිවිය මතට කඩා වැටෙනු ඇති බව නාසා ආයතනය සදහන් කරන අතර මෙය තත්ත්පරයට කිලෝමීටර් 400 ක වේගයකින් ඇද වැටීමට ඉඩ ඇති බවට ද නාසා ආයතනය අනතුරු අඟවයි.මෙම සන්නිවේදන චන්ද්‍රිකාව ටොන් 2.4 ක බරකින් යුතු බව සඳහන්ය.

අංජුලාට ලයින් දැමූ කි‍්‍රකට් ලොක්කා

ඉකුත් කි‍්‍රකට් අතුරු කමිටු සමයේදී මාධ්‍යවල කට කැස්ම බවට පත්ව සිටි කි‍්‍රකට් ලොක්කෙක් ජනපි‍්‍රය නිළියක් වන අංජුලා රාජපක්‍ෂ හා හාදවීමට නොගත් උත්සාහයක් නැතියි වාර්තා වේ.වරක් එම කි‍්‍රකට් ලොක්කා එක්තරා වෙළෙඳ දැන්වීම් අයාතනයක ප‍්‍රධානියකුට තමාට අංජුලා හාදකර දුනහොත් ශී‍්‍ර ලංකා කි‍්‍රකට් හි විශාල ප‍්‍රචාරක කොන්ත‍්‍රාත්තුවක් ලබා දෙන බවට පොරොන්දුවක් දුන් බවපැවසේ.

පාතාලය වැනසූ STF ලොක්කා මැරෙව්වේ කුඩු දුමින්ද දැයි සැකයක් ?

කොළඹ පාතාලය හා කුඩු ජාවාරම්කරුවන් වැනසීමේ මෙහෙයුම භාරව සිටි පොලිස් විශේෂ කාර්ය බලකායේ සහකාර පොලිස් අධිකාරී සිසිර කුමාර මුත්තෙට්ටුවගම ඝාතනයට දුමින්ද සිල්වා නොහොත් කුඩු දුමින්ද මන්ත‍්‍රීවරයා සම්බන්ධ වී ඇත්දැයි සැකයක් මතු වී තිබෙන බව පොලිස් මූලස්ථානයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු අප වෙත පැවසීය.