Ads 468x60px

.

‘රුවන්කා’ ස්වාධීන රූපවාහියේ වැඩසටහන් කළමනාකරු සරත් කුමාරට පයින් ගහලා

ස්වාධීන රූපවාහියේ වැඩසටහන් කළමනාකරු සරත් කුමාර පෙරේරාට එම ආයතනයේම වැඩසටහන් නිෂ්පාදිකාවක් වන රුවන්කා පයින් ගසා ඇතැයි  වාර්තා වේ.රුවන්කා, සරත්ට පයින් ගසා ඇත්තේ සරත් තවත් තරුණියක් සමඟ උකුළු මුකුළු කරමින් සිටි නිසාය.එයින් සෑහීමකට පත් නොවූ රුවන්කා සෙරෙප්පුව ගලවා එයින් ද පහරදී ඇතැයි වාර්තා වේ.

ළමයින් සඳහා ලොව විශාලතම රෝහල ගොඩනැගීමට ගිය මයිකල් ජැක්සන්ගේ සැලසුම් අධිකරණයේදී හෙළිවේ.

සිය අවසාන සංගීත ප‍්‍රසංග චාරිකාවෙන් උපයන මුදලින් ළමයින් සඳහා ලොව විශාලතම රෝහල ගොඩනැගීමට සුපිරි පොප් ගායක මයිකල් ජැක්සන් සැලසුම් කර තිබූ බව ලොස් ඇන්ජලීස් අධිකරණයේදී ඊයේ (05) හෙළිදරව් වුණා. වයස අවුරුදු 50 ක්ව සිටියදී හදිසියේ මියගිය මයිකල් ජැක්සන්ගේ මරණයට ඔහුගේ වෛද්‍ය කොන්රාඞ් මරේ වගකිව යුතු බවටයි අධිකරණයේදී චෝදනා එල්ල වූයේ.

වාරියපොළ ලොරි දෙකේ අනතුරින් හයක් එක තැන මරුට

කුරුණෑගල – පුත්තලම ප්‍රධාන මාර්ගයේ වාරියපොළ පොලීසිය අසල දී ඊයේ (05) සවස ලොරි රථ දෙකක් මුහුණට මුහුණ ගැටීමෙන් කුඩා දැරියක් ඇතුළුව පුද්ගලයෝ හයදෙනෙක් මරණයට පත්වූහ. කුඩා ලොරියක් සහ විශාල ලොරියක් මෙසේ ගැටී ඇති අතර කුඩා ලොරියේ පැමිණි පිරිස අනතුරෙන් මරණයට පත්ව ඇත.

ශී‍‍‍්‍ර ලංකා රූ රැජින වූ ජැකලින්ට සටන් ගුරුවරයෙකු ලංවේ

ශී‍‍‍්‍ර ලංකා රූ රැජින (2006) සහ ජනපි‍‍‍්‍රය බොලිවුඞ් නිළි ජැකලින් ෆර්නැන්ඩස් මේ දිනවල වැඩි වශයෙන් කාලය ගත කරන්නේ ආත්මාරක්‍ෂක සටන් ක‍්‍රම සම්බන්ධ ගුරුවරයෙකු සමඟ බව වාර්තා වේ.ජැකලින් මේ සටන් ගුරුවරයාට ලංව ඇත්තේ ඇගේ මීළඟ චිත‍්‍රපටය වන ‘කි‍්‍රෂ් - 3’ චිත‍්‍රපටයේ සටන් ජවනිකා සඳහා පෙර පුහුණුවක් ලබා ගැනීමටය. 

ඇපල් Iphone 4S නිකුත් කරයි.සභාපතිත්වය දැරූ ස්ටීව් ජොබ්ස් මහතා මෙලොවින් සමුගනී

ලොව ප්‍රකට සමාගමක් වන ඇපල් සමාගම සිය නවතම ඇපල් අයි ෆෝනය වෙලදපොලට නිකුත් කලා.Iphone 4s ලෙස නම් කර ඇති මෙය නවීන අංග උපාංග රාශියකින් යුක්ත වේ.තවද මෙය ඩුවල් කෝ චිපයකින්ද යුක්ත වේ.බොහෝ දෙනා බලාපොරොත්තුව සිටි පරිදි ඇපල් සමාගම විසින් අයි ෆෝන් 5 සංස්කරණය ඉදිරිපත්කරනවා වෙනුවට වැඩි දියුණු කල අංග සහිතව Iphone 4S සංස්කරණය නිකුත්කොට තිබෙනවා.

මිලා ටෙලි නිළිය යලිත් අත්අඩංගුවට - මෙවර පියාගෙන් කප්පම් ගත් නිසා

තම පියාගෙන් කප්පම් ගැනීමේ සිද්ධියක් උඩ ටෙලි නාට්‍ය නිලියක් වන අනුෂ්කා සොනාලි සායක්කාර පොලිසිය විසින් අත් අඩංගුවට ගෙන ඇත.
අනුෂ්කා සොනාලි තවත් පිරිසක් සමග කොම්පඥ්ඥ විදියේ පිහිටි ඇයගේ පියාගේ කාර්යාලයට ගොස් පියාගෙන් රුපියල් පනස්දහසේ සිට ලක්ෂය දක්වා විටින්විට කප්පම් මුදල් ඉල්ලා ඇත.