Ads 468x60px

.

සුපිරි ගලධාරීයත් ඉවරයි..! ණය බරින් ගැලවීමට හෝටලයත් විකුණයි

අති දැවැන්ත ණය බරක ගිලී සිටින කොළඹ සුපිරි ගලධාරී හෝටලයේ ණයකරුවන්ට ඔවුන්ගේ ණය ගෙවනවා වෙනුවට කොටස් ලබාදීමේ වැඩසටහන යටතේ හෝටලයේ අධ්‍යක්ෂ මණ්ඩලය කොටසක මිල තීරණය කර ඇත.මේ අනුව, Galadari Hotels (Lanka) සමාගම කොළඹ කොටස් වෙළඳ පොළට දැනුම් දී තිබෙන්නේ ණයකරුවන්ගේ ණය ගෙවීම වෙනුවට කොටසක මිල රුපියල් 15.26 ක් වන කොටස් ණයකරුවන්ට බෙදා දීමට ගලධාරී හෝටලයේ අධ්‍යක්ෂ මණ්ඩලය එකඟ වී තිබෙන බවයි.

මුන්නේශ්වරම් දේවාලයේ එළුවන් කොළඹ එයි ! කැලණිය ප‍්‍රදේශීය සභා සභාපති අම්බානක ගුටි කයි

පසුගියදා හලාවත මුන්නේශ්වරම් දේවාලයේ බිලිපූජාව සඳහා ගෙනවිත් තිබූ එළුවන් සහ කුකුළන් මහජන සම්බන්ධතා අමාත්‍ය මර්වින් සිල්වා මහතා විසින් අභයදානය දීමෙන් අනතුරුව එම සතුන් හලාවත පොලිසිය මගින් පොලීසිය අසල මුඩුබිමකට මුදාහැරීමෙන් පසු මර්වින් සමඟ මුන්නේශ්වරම් දේවාලයට ගිය කැලණිය ප‍්‍රදේශීය සභා සභාපති ප‍්‍රසන්න රණවීර විසින් ඔහු හා ඔහුගේ ගෝලයින් පැමිණි ලංගම බස් රථයට මුදාහරින ලද එළුවන්ගෙන් හයදෙනකු ඇමතිවරයාට හොරෙන් පටවාගෙන තිබේ. 

නදීෂා රඟපෑමෙන් ඉවත්වන්නේ මවක් වීමට යන නිසාලු

‘රුවන් මාළිගා’ හි පංචාලි ලෙසින් හා ‘ඉතිං ඊට පස්සේ’ ටෙලි නාට්‍යයේ සන්ධ්‍යා ලෙස පේ‍්‍රක්‍ෂකයන් අතර ජනපි‍්‍රයත්වයටපත් නදීෂා අලහප්පෙරුම රඟපෑමෙන් ඉවත්වීමට යන බව වාර්තා වේ.ඇය සතිඅන්ත පුවත්පතක ටැබ්ලොයිඞ් අතිරේකයකට සම්මුඛ සාකච්ඡාවක් ලබාදෙමින් පවසා ඇත්තේ තමා මවක් වීමට යන බැවින්  කෙටි කලකට රඟපෑමෙන් ඉවත්වීමට යන බවයි.

ලොව මිල අඩුම ටච්ස්ක‍්‍රීන් ටැබ්ල්ට් පරිඝණකය ඩොලර් 35 යි - ඉන්දියාවේ එළිදක්වයි

ලොව මිල අඩුම ටච්ස්ක‍්‍රීන් ටැබ්ල්ට් පරිඝණකය ඉන්දියාවේ එළිදක්වා ඇතැයි වාර්තා වේ.රාජස්තානයේ පිහිටි ඉන්දීය තාක්‍ෂණික ආයතනය හා බි‍්‍රතාන්‍යයේ පිහිටි සමාගමක් වන ඩේටාවින්ඩ් සමාගම විසින් නිෂ්පාදනය කර ඇති ’ආකාශ්’ නම් මෙම පරිඝණකයේ මිල ඇමෙරිකානු ඩොලර් 35ක් පමණි.