Ads 468x60px

.

දුමින්ද මන්ත්‍රීවරයා අවදානම් තත්වයෙන් මිදේ !

අංගොඩ, සල්මල් උයන ප‍්‍රදේශයේ ඡන්ද පොල මධ්‍යස්ථානයක්අසළදී සිදු වූ ගැටුමකදී ඇති වූ 
වෙඩි තැබීමකින් ජනාධිපතිඋපදේශක භාරත ලක්ෂ්මන් පේ‍්‍රමචන්ද්‍ර මහතා ජීවිතක්ෂයටපත් වී ඇති අතර, පාර්ලිමේන්තු මන්ත‍්‍රි දුමින්ද ආර්. සිල්වාමහතා බරපතළ තුවාල ලබා තිබේ.

භාරත ලක්ෂ්මන් පේ‍්‍රමන්ද්‍ර මහතා වෙඩි වැදුනු ස්ථානයේදීමමිය ගොස් ඇති අතර, වෙඩි වැදුන ඔහුගේ ආරක්ෂකයින්දෙදෙනෙකු අංගොඩ මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් 

අනතුරුව මිය ගොස් ඇත.

වෙඩි වැදීමෙන් තුවාල ලැබූ දුමින්ද සිල්වා මන්ත‍්‍රීවරයා මේවන විට ශ‍්‍රී ජයවර්ධනපුර රෝහලේ  

දැඩි සත්කාර ඒකකයකටඇතුළත් කර ඇති අතර, හදිසි ශෛල්‍යකර්ම කිහිපයක් මේ වන විට  
සිදු කරමින් පවතී.

රන්ජන්ට උත්තර බඳින්නැයි නුවර ගුරුවරියට නියෝගයක්

සබරගමු පළාත් පාර්ලිමේන්තු මන්ත‍්‍රී රන්ජන් රාමනායක මහතා තමාට අපහාස කරන ලදැයි කටුගස්තොට ප‍්‍රදේශයේ පාසලක ගුරුවරියකට එරෙහිව රුපියල් මිලියන 500 ක වන්දි ඉල්ලා පවරා ඇති නඩුව විත්තිකාර පාසල් ගුරුවරිය එදිනට නියමිතව තිබූ විත්ති පාර්ශ්වයේ උත්තර සැපයීමට අපොහොසත් වූ හෙයින් විත්ති උත්තරය ලබාදීමට අවසන් වරට නොවැම්බර් 23 දිනට කල් තැබීමට අතිරේක දිසා විනිසුරු රත්නප‍්‍රිය ගුරුසිංහ මහතා නියෝග කළේය.

පිටිදුවේ සිරිධම්ම හිමි සිරි සමන්තබද්‍ර නම් වෙයි

පිටිදුවේ සිරිධම්ම හිමියන් අපවත් වූ බව දන්වමින් ඊයේ දිනයේ (08) මාධ්‍ය මගින් පල කල රන්දිව පුවත්පතේ ප්‍රචාරක පටයක් හේතුවෙන් බොහෝදෙනා නොසන්සුන්ව සිටිනවා.ඇත්තෙන්ම පුවත්පත ගෙන බැලු පසු පෙනී ගියේ පිටිදුව සිරිධම්ම හිමියන් වෙනස්ම හිමිනමක් බවට පත්වී ඇති බවයි. මේ උන්වහන්සේ ඒ පිලිබඳ අදහස් පලකරන ආකාරයයි.

බැදලා නෑ කියන හිමාලි බැන්දේ අවුරුදු දහයකටත් කලින්ලු

නිවේදිකාවක,ටෙලි හා චිත්රපටි නිළියක ලෙස ප්‍රසිද්ධියට පත්ව සිටින හිමාලි සයුරංගිගේ අතිධාවනකාරී පිරිමි හුවමාරුවේ ආරම්භය සිදුවන්නේ මෙයට අවුරුදු 10 පෙරය.එනම් "ටෙලිවිව්" ආයතනයට සම්බන්දව රැකියාව කල අමල් අල්විස් හා හිමාලි සයුරංගි විවාහ වන්නේ අවුරුදු 10 කට ඉහතදීය.එනමුදු එම දීගයට ආයුෂ තිබුනේ මාස 4 වැනි කෙටි කාලයකි.

ලෙඩ රැසකට ගුණ දෙන සර්ප සම්බාහනය

ඊශ‍්‍රායලයේ රූපලාවන්‍යාගාරයක සේවය ලබාගැනීමට යන සේවාලාභීන්ට අමුතුම තාලේ අත්දැකීමකට මුහුණදීමේ අවස්ථාවක් එහි පාලිකා බරාක් මහත්මිය සලසාදී තිබේ. එය නම් සර්පයින් ලවා සිරුර සම්බාහනය කරවා ගැනීමය. ඩොලර් 80ක ගාස්තුවක් අය කරන මේ සර්ප සම්බාහනය සඳහා විවිධ වර්ගයේ සහ ප‍්‍රමාණයේ සර්පයින් රැසක් බරාක් මහත්මියගේ රූපලාවන්‍යාගාරයේ සිටී.

නුවර - කොළඹ දුම්රියේ එන්ජිම ගැලවෙයි

නුවර සිට කොළඹ බලා ධාවනය වෙමින් තිබූ සීඝ‍්‍රගාමී දුම්රියේ එන්ජිම ගැලවී යාම හේතුවෙන් අද (07) පෙරවරුවේ මගීන් අපහසුතාවයට පත්වී ඇතැයි වාර්තා වේ.අදාළ දුම්රිය එන්ජිම ගැලවී ගොස් ඇත්තේ එඬේරමුල්ල දුම්රිය ස්ථානය ආසන්නයේදීය.පල්ලමක්  සහිත ප්‍රදේශයක මෙය සිදු වී නම් මෙය අලව්ව දුම්රිය ගැටුමට දෙවැනි වන්නේ නැත.