Ads 468x60px

.

රෝහලක ප්‍රතිකාර ලබමින් සිටි ටයිටස් තොටවත්ත මහතා මිය යයි

ප්‍රවීණ සිනමාවේදී ටයිටස් තොටවත්ත මහතා අද දින සවස අභාවප්‍රාප්ත වී ඇත.පුද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටි ඒ මහතා මිය යන විට 82 වන වියේ පසුවිය.1950 දශකයේ මුල් භාගයේදී ටයිටස් තොටවත්ත මහතා රජයේ චිත්‍රපට සංස්ථාවට එක්වූයේ සිනමා කාර්මික ශිල්පියෙක් ලෙසටය. අනතුරුව 1956 වසරේදී ඉන් ඉවත් වු ඒ මහතා ආචාර්ය ලෙස්ටස් ජේම්ස් පීරිස් මහතාගේ රේඛාව චිත්‍රපටයේ සංස්කරණ ශිල්පියා ලෙස කටයුතු කළේය. 

මත් කුඩු ලෝලින් ඉබාගාතේ යයි - කොළඹට කුඩු හිඟයක්‌

ජනාධිපති වෘත්තීය සමිති අධ්‍යක්‍ෂ ජෙනරාල් භාරත ලක්‍ෂ්මන් පේ‍්‍රමචන්ද්‍ර මහතාගේ ඝාතනයට සම්බන්ධ පාතාල ප‍්‍රබලයන් උන් හිටි තැන් අතහැර පලායැමත් සමඟ කොළඹ ඇතුළු තදාසන්න ප‍්‍රදේශවල හෙරොයින් මත් කුඩු හිඟයක්‌ මතුවී තිබෙන බවත් එම තත්වය තුල හෙරොයින් ලෝලින් දැඩි නොසන්සුන්තාවයකට පත්ව සිටින බවත් පොලිසිය සඳහන් කරයි.

අංජුලාට හමුවූ හොඳම පෙම්වතා සාරංගලු

ජනපි‍්‍රය නළු සාරංග දිසාසේකර තමාට තිරයේ හමුවූ හොඳම පෙම්වතා බව ටෙලි නාට්‍ය නිලියක් ලෙස ජනපි‍්‍රයත්වයට පත් අංජුලා රාජපක්ෂ කියයි.
ඇය මේ බව පවසා තිබුණේ සතිඅන්ත පුවත්පතක ටැබ්ලොයිඩ් අතිරේකයක් සඳහාය.තමාට අවුරුදු 40 පිරීමේදී ඉටුකරගතයුතුම බලාපොරොත්තුව විවාහයක් හා දරුපවුලක් බවද ඇය පවසන්නීය.