Ads 468x60px

.

ගඩාෆි අත්අඩංගුවට පත්වීමේදී මිය යයි

මෙයට සුළු මොහොතකට පෙර රොයිටර් පුවත්සේවය ගඩාෆි මියගොස් ඇති බව තහවුරු කර සිටියා. කර්නල් ගඩාෆි නේටෝ සහ කැරලිකාර හමුදාව විසින් අත්අඩංගුවට ගෙන ඇත්තේ ගඩාෆිගේ උපන් බිම වන ලිබියාවේ හදවත වැනි සර්ට් නගරයේ සිටය.එහි ගුහාවක් තුල සනගව සිටි ඔහු එලියට පැමිණ ඇත්තේ "වෙඩි තබන්න එපා, වෙඩි තබන්න එපා" යනුවෙන් කෑ ගසමිනි.


රොයිටර් පුවත් සේවයට ඇසින් දුටුවෙක් සිද්ධිය වාර්තා කොට තිබුනේ ගඩාෆි බාර වීමට පැමිණෙන විට ඔහු හමුදා ඇදුමෙන් සිටි බවත් කකුල් දෙකම තුවාල වී සිටි බවත්ය.ඔහුව ගිලන්රථයක දමා ගෙනගිය බවත් ඔහු දුරකතනයෙන් රොයිටර් පුවත් සේව වෙත ප්‍රකාශ කර සිටිනවා. 

කරවල වෙළෙන්දා සනත් මග හරි

මහින්දාගමනය චිත‍්‍රපටයෙහි අධ්‍යක්ෂ සනත් අබේසේකරගේ දෙවැනි සිනමා පටය වන ‘සිරි දළදා ගමනය’ නිෂ්පාදනයට මුදල් යෙදවීමට හඳුන්වාදුන් කරවල වෙළෙන්දා සනත් මග හැර ඇතැයි වෙත වාර්තා වේ.
අදාළ කරවල වෙළෙන්දා සනත්ගේ සිනමා පටයට මුදල් යෙදවීම මග හැරීමෙන් පසුව ඔහු මානසික ආතතියට ද ලක්ව සිටි බව වාර්තා වේ.

මැර ගැ‍ටුමින් පසු "කුඩු" වෙළදාම පහලට!

කුඩු ගෙන්විම සහ බේදාහැරිමට සෘජුවම සම්බන්ධ බවට වාර්තා වන පිරිස් අතර  සහ ඔහුන්ගේ ගොලබාල පිරිසක් අතර ඇතිවු ගැ‍ටුම් හෙතුවෙන් කුඩු ගෙන්වන හා බෙදාහරින පිරිස් අත් අඩංගුවට පත්විම සහ සැඟවි සිටිම හෙතුවෙන් කොළඹ නගර සිමාවේ මත්කුඩු වේළදාම සිඝ්‍ර ලෙස පහල ගොස් ඇති බව වාර්තා වේ.

කොලොම්බියාවේ කාන්තාවෝ පිරිමි පක්ෂය වර්ජනය කිරීම අවසන් කරති

කොලොම්බියාවේ බාබකොවාස්හි කාන්තාවෝ මාස 3 කුත් දින 19 ක් තිස්සේ පවත්වන ලද සිය සැමියන් සමඟ සම්භෝග සුව වර්ජනය අවසන් කර තිබේ.මෙම කතුන් අදාළ වර්ජනය ආරම්භ කරනු ලැබුවේ ගමෙන් නගරයට යන පාර නව මාර්ගයක් ලෙස සැකසීමේ රජයේ පොරොන්දුව ඉටු නොවීම සහ ගමේ පිරිමි පක්ෂය ඊට උනන්දුවක් නොදැක්වීම යන කාරණාවලට විරෝධය දක්වමිණි.

ඊ-නිවුස් නැවතත් බ්ලොක් කරයි

ශී‍්‍ර ලංකා ආණ්ඩුවට එරෙහිව පුවත් පළ කරන ලංකාඊනිව්ස් වෙබ් අඩවියට පිවිසීම අවහිර කර ඇති බවට වන වාර්තා නිසා තැතිගැනීමකට ලක්වූ බව මාධ්‍යවේදීන් ආරක්‍ෂා කිරීමේ ජාත්‍යන්තර කමිටුව පවසයි.එම වෙබ් අඩවියේ සිංහල, දෙමළ හා ඉංගී‍්‍රසි වෙබ් අඩවිවලට පිවිසිය නොහැකි බව එම කමිටුව නිකුත් කළ නිවේදනයක දැක්වේ. 

පරණ වාහනය අලුත් කරගන්න නියම ක්‍රමයක්

පැරණි වාහන සඳහාඉංග්‍රීසි අකුරු අංක තහඩු ලබාගත හැකි නව ක්‍රමයක්‌ හඳුන්වා දීමට කැබිනට්‌ මණ්ඩල අනුමැතිය ලැබී තිබේ.නව අංකයක්‌ ලබා ගැනීම සඳහා රුපියල් 20,000 ක ගාස්‌තුවක්‌ ගෙවිය යුතු වේ.නව ඉංග්‍රීසි අංක ක්‍රමය ආරම්භ වූ GA සිට පිටුපසට එනම් AA සිට FZ දක්‌වා නව ක්‍රමය යටතේ ලියාපදංචි කෙරේ.හමුදා වෙන්දේසි වලින් මිලදී ගන්නා පැරණි වාහන සඳහාද නව අංක තහඩු නව ක්‍රමය යටතේ ලබාගත හැකිය.

ඕක්තෝම්බර් 21 සහ 24 අතර තවත් අක‍්‍රීය චන්ද්‍රිකාවක් කඩාවැටීමේ අවධානමක්

ඉදිරි සතිය තුළ ටොන් 3ක බරකින් යුතු තවත් අක‍්‍රීය චන්ද්‍රිකාවක් පෘථිවියට කඩාවැටීමේ අවධානමක් පවතින බව ජර්මානු විද්‍යාඥයන් පවසයි.එක්ස් රේ ලෙස හඳුන්වන මෙම චන්ද්‍රිකාව  ඕක්තෝම්බර් 21 සහ 24 යන කාලසීමාව තුළ එක්සත් ජනපදයට හෝ බි‍්‍රතාන්‍යයට කඩාවැටිය හැකි බව ඔහුන් සඳහන් කර තිබේ.පෘථිවියට ලගාවන අවස්ථාවේ දී චන්ද්‍රිකාවෙන් විශාල ප‍්‍රමාණයක් විනාශවිය හැකි වුව ද ටොන් 1.6ක බරකින් යුතු කොටසක් කිසිදු හානියකට ලක් නොවී කඩා වැටීමේ අවධානමක් පවතින බවට ගණනය කර තිබේ.චන්ද්‍රිකාව පතිතවන ප‍්‍රදේශය හඳුනාගතහොත් සිදුවිය හැකි හානියන් වළකාගත හැකි බව විද්‍යාඥයන් කියා සිටී.

ඇයි මැඩම් ඇඞ් එකක් දාගන්න ඕනෙද

ඇමතිවරයෙකුගේ දුරකතනයේ සටහන් වී ඇති අංකවලට ඔහුගේ බිරිද දුරකතන ඇමතුම් දීම පුරුද්දක් වශයෙන් සිදු කෙරෙන බැවින් එයින් බේරීම සඳහා සිය සමීපතම යෙහෙළියන්ට පවසන්නේ ‘‘සමහරවිට ඔයාගේ නොම්බරයට මගේ වයිෆ් කතා කරයි.

ප‍්‍රථම ’අයිස්කී‍්‍රම් සැන්විච්’ දුරකථනය වන ’ගැලැක්සි නෙක්සස්’ එළිදකියි

දකුණු කොරියාවේ සැම්සුන් සමාගමේ නවතම ස්මාට්ෆෝන් ජංගම දුරකථනය වන ’ගැලැක්සි නෙක්සස්’ ඊයේ (ඔක්තෝබර් 19) හොංකොං හි දී එළිදක්වා ඇත.මෙහි එළිදැක්වීම ඔක්තෝබර් 11 දිනට යෙදී තිබුනද, ඇපල් සමාගමේ නිර්මාතෘ ස්ටීව් ජොබ්ස් ගේ අභාවය හේතුවෙන් ඔහුට ගෞරව දැක්වීමක් වශයෙන් එය කල්දමනු ලැබිණි.

වත්සලාට හා ෂෙරීල්ට සාප්පුවකදී කුඩම්මාගේ සැලකිලි

මේ දිනවල ස්වාධීන රූපවාහිනයේ විකාශය වන ජනපි‍්‍රය ටෙලි නාට්‍යයක් වන ’අමා’හි රඟන ෂෙරිල් රොමේන් ඩෙකර් හා වත්සලා දියලගොඩ යන නිළියන් දෙදෙනා ප‍්‍රසිද්ධ ඇඳුම් සාප්පුවකදී ගැටුමක් ඇති කරගෙන ඇති බව වාර්තා වේ. අමා ටෙලිනාට්‍යය සඳහා ඇඳුම් සපයන පානදුරේ ඒ.එස්.බී. ෆැෂන් ආයතනයේ පසුගියදා පැවති උත්සව අවස්ථාවකට මෙම නිළියන් දෙදෙනා හට ආරාධනා කර ඇති අතර, එහිදී ඔවුන්ට අදාළ සාප්පුවෙන් නිසි සැලැකිල්ලක් නොලැබීම මේ ගැටුමට හේතුවී ඇත‍.