Ads 468x60px

.

කාමාතුර පියා-මාමා හා තව තිදෙනකු දස හැවිරිදි දැරිය කෙළෙසලා

තඹුත්තේගම පොලිස් බල ප්‍රදේශයේ තේක්කවත්ත ගම්මානයේ අවුරුදු දහයක දැරියක් පියා, මාමා (මවගේමල්ලී) සහ තවත් තිදෙනකු අතින් අතවරයට ලක්ව තිබේ. පියා සැකකරුවන් හා තවත් තිදෙනකු තඹුත්තේ ගම පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.දෙවන ශ්‍රේණියේ ඉගනුම ලබන මෙම දැරිය මාස කිහිපයක සිට වරින් වර මෙම පුද්ගලයින් අතින් අතවරයට ලක්වී ඇති බව පොලිසිය පවසයි.

අද රාත‍්‍රී 11ත් අලූයම් කාලයත් අතර විශාලම උල්කාපාත වර්ෂාවක්‌

අද සහ හෙට දිනයන් හී ඉහළ මට්ටමේ පරිමාණයකින් යුත් උල්කාපාත වර්ෂාවක් සිදුවන බව ඉන්දීය විද්‍යාඥයන් පවසයි. ඉන්දියාවේ තමිල්නාඩු ප‍්‍රාන්ථය සහ ඒ ආශ‍්‍රිත ප‍්‍රදේශවලට මෙය වඩාත් පැහැදිලිව දැකගත හැකි වන අතර අද රාත‍්‍රී 11ත් අලූයම් කාලයත් අතර මෙම උල්කාපාත වර්ෂාව දර්ශනය වනු ඇති බව ඔවුන් පවසයි.1986 වසරේ හේලිගේ දූමකේතුවත් සමග ඇති වූ උල්කාපාත වර්ෂාවට වඩා වැඩි ප‍්‍රමාණයක් මෙහිදී දර්ශනය වනු ඇති බවද විද්‍යාඥයන් පෙන්වා දේ.

නදීෂාට හා පබෝධාට ලක්‍ෂ දෙකයි - පූජාට මිලියනක්, පබාගේ චරිතය ගොළුවේ.

සිනමා හා ටෙලි නාට්‍ය නිළියක් ලෙස ජනපි‍්‍රයත්වයට පත් නදීෂා හේමමාලි හා ජනපි‍්‍රය සිනමා, ටෙලි නාට්‍ය නිළියක් හා හඬකැවීම් ශිල්පිනියක් වන රශී පබෝධා සංදීපනී යන දෙදෙනාම ‘කුස පබා’ චිත‍්‍රපටයේ පබාවතීගේ චරිතයට හඬ කැවීම ප‍්‍රතික්ෂේප කර ඇතැයි වාර්තා වේ. මහාචාර්ය සුනිල් ආරියරත්නයන් විසින් අධ්‍යක්‍ෂණය කරන ලද මෙම චිත‍්‍රපටයේ පබාවතීගේ චරිතය නිරූපනය කරන ලද්දේ ඉන්දීය නිළි පූජා උමාශංකර් විසිනි.

භාරත ඝාතනයට දුමින්දගේ සම්බන්දයක් නෑලු

භාරත ලක්ෂ්මන් පේ‍්‍රමචන්ද්‍ර මහතා ඇතුළු සිව් දෙනෙකුගේ ඝාතනයට අදාළව අධිකරණයට ඉදිරිපත් කිරීමට කෙටුම්පත් කළ බීවාර්තාවෙහි පාර්ලිමේන්තු මන්ත‍්‍රී දුමින්ද සිල්වා මහතාට එරෙහි එකදු වචනයක් හෝ නොමැති බව ඉතා විශ්වාසවන්ත කටයුතු ආරංචි මාර්ග වාර්තාවලින් වාර්තා වේ. භාරත ලක්ෂ්මන් පේ‍්‍රමචන්ද්‍ර මහතා ඇතුළු පිරිසගේ ඝාතනයට අදාළ බී වාර්තාව හෙට පෙරවරුවේ අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.