Ads 468x60px

.

රුපියල් 5000ක මුදලේ සිට ගණිකා වෘත්තියේ යෙදෙන කාන්තාවන් සහ නිළියන් සොයා අඛණ්ඩ මෙහෙයුම්


ආවේක්ෂණ නිළධාරීන් යොදා ගනිමින්ගණිකා වෘත්තියේ යෙදෙන කාන්තාවන් සහ ඇතැම් නවක නිළියන් සෙවීමේ මෙහෙයුම් අඛණ්ඩව සිදු කෙරෙමින් පවතින බව උසස් පොලිස් නිළධාරියෙක් පැවසීය.මේ සම්බන්ධයෙන් පැමිණිලි රැසක් ද පොලිසියට ලැබී ඇත.පසුගිය සමයේදී ආවේක්ෂණ නිළධාරීන් යොදා සිදුකළ මෙහෙයුම්වලදී ගණිකා වෘත්තයේ යෙදී සිටි නවක නිළියන්හා කාන්තාවන් රැසක් අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත්විය.

ලක්‍ෂ හැත්තෑවක කුඩු සමග බොරැල්ලේ සුදු පුතා’’ අත්අඩංගුවට

රුපියල් ලක්‍ෂ හැත්තෑවකට අධික වටිනාකමකින් යුත් හෙරොයින් තොගයක් රැගෙන අති සුඛෝපභෝගී මෝටර් රථයක යමින් සිටි මත්කුඩු ජාවාරම්කරුවකු මත්ද්‍රව්‍ය නාශක අංශය විසින් ඊයේ (24) අත්අඩංගුවට ගෙන තිබේ.සැකකරු අත්අඩංගුවට පත්ව ඇත්තේ රාජගිරිය මැතිවරණ කාර්යාලය ඉදිරිපිටදීය.

ගඩාෆිගේ දේහය මිහිදන් කෙරේ

ලිබියාවේ හිටපු නායක කර්නල් මුවමර් ගඩාෆිගේ දේහය රහසිගත ස්ථානයක මිහිදන් කර තිබේ.එරට අන්තර්කාලීන කවුන්සිලය ප්‍රකාශ කළේ කාන්තාර පෙදෙසකදී ගඩා‍ෆිගේ අවසන් කටයුතු සිදුකළ බවයි.මේ අතර ගඩාෆිගේ මරණය සම්බන්ධයෙන් පවතින පරස්පරතා සොයාබැලීම සඳහා ලිබියාවේ අන්තර්කාලීන කවුන්සිලය කමිටුවක් පත් කර තිබේ.

ගඩාෆිගේ සිරුර මස් මඩුවේ කුණු වෙයි, කාන්තාරයක රහසේ වළ දැමීමට යයි

නේටෝව විසින් ඝාතනය කරන ලිබියානු ජනාධිපති කර්නල් මුවම්මර් අල් ගඩාෆිගේ දේහය අද ලිබියානු කාන්තාරයේ රහසිගත ප‍්‍රදේශයක මිහිදන් කෙරෙන බව එරට කැරලිකාර පාලනය පවසයි.ගඩාෆිගේ සිරුර මිස‍්‍රාටා නුවර මස් ගබඩා කරන ශීතාගාරයක තැන්පත් කර ඇති අතර ජනතා ප‍්‍රදර්ශනය සඳහා විවෘතව තැබුණු මළ සිරුර දිය වී යාමට පටන් ගැනීම නිසා දොරගුළු වසා දැමීමට සිදුව ඇත.

ටෙලිකොම් අන්තර්ජාල පහසුකම් රට පුරා අක‍්‍රියයි - හැකි ඉක්මනින් යථා තත්වයට

රට පුරා බොහෝ ප‍්‍රදේශවල සිය අධිවේගී අන්තර්ජාල සේවා බිඳ වැටී ඇති බව ශ‍්‍රී ලංකා ටෙලිකොම් ආයතනය කියා සිටී. අද අළුයම් කාලයේ සිට මෙම ගැටළුව මතුව ඇත් බවත් හැකි ඉක්මනින් මේ තත්වය නිවැරදි කිරීම සඳහා කටයුතු කරමින් සිටින බවත් එම ආයතනය වැඩි දුරටත් දන්වා සිටී.

මීළඟ ජනාධීපතිවරණයේදී එක්සත් ජාතික පක්ෂ අපේක්‍ෂාකාව - චන්ද්‍රිකා

හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය මීළඟ ජනාධීපතිවරණයේදී එක්සත් ජාතික පක්ෂ අපේක්‍ෂාකාව ලෙස ඉදිරිපත් වන බව එම පක්ෂය සුරැකීමේ ව්‍යාපාරයේ මාධ්‍ය ප‍්‍රකාශක ලාල් පෙරේරා මහතා පවසයි. කොළඹ පැවැති මාධ්‍ය හමුවකදී ඒ මහතා මේ බව පවසා තිබේ. මංගල සමරවීර මහතා සහ හිටපු ජනාධිපතිනිය අතර මේ පිළිබඳ වන සාකච්ඡවක්ද පවත්වා ඇති බව ඔහු පවසයි.

බිරින්දෑවරුන් 39ක් සහිත මිනිසා සහ ලොව ලොකුම පවුල

ලොව මිනිසෙකුට බිරින්දෑවරුන් කීයක් සිටිය හැකිද? 1ක්,2ක්,5ක්..නමුත් ලොව බිරින්දෑ වරුන් 39ක් විවාහ කර සිටින මිනිසෙකුගේ පුවතක් ඉන්දියාවෙන් වාර්ථාවනවා. යිඕනා මෙම බිරින්දෑවරුන්ගේ ස්වාමියා වන අතර ඔහුට මේ වනවිට දරුවන් 94ක් දෙනෙකුද සිටිනවා. රැකියාවෙන කොන්ත්‍රත් කරුවෙකු වන ඔහු මේ වනවිට 67 වන වියේ පසුවනවා.රාමි ඇගේ ලාබාලතම බිරිදයි.ඇය 27වන වියේ පසුවනවා.අතිහන්ගි ඇගේ පැරණිතම බිරිදයි.
තවත් ජායා රූප...

'සියතට' බෝම්බ ගැහුෙව් අපි - දෙමටගොඩ චමින්ද පාපොච්චාරණය කරයි

සියත මාධ්‍ය ජාලයට 2010 ජූලි මස බෝම්බ ප්‍රහාරය එල්ල කලේ තමන්ගේ නායකත්වය යටතේ යැයි භාරත ලක්ෂ්මන් ඝාතනයට අදාලව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත් අඩංගුවට ගෙන සිටින 'දෙටගොඩ චමින්ද' නැමැත්තා පවසා ඇතැයි වාර්තාවේ.

තමන් ගැන තමන් විසින්ම කටකතා පතුරුවාගන්නා පිස්සු මයිකල්

මොනිකා නැමති තමන්ගේ මව ජේ.ආර්. ජයවර්ධනගේ පරණ පෙම් වතියක් බවත් තමන්ගේ පියා ජේ.ආර්. ජයවර්ධන බවත් පවසමින් තමන් ගැන තමන් විසින්ම කටකතා පතුරුවාගන්නා පිස්සු මයිකල් කෙනෙකු ගැන වාර්තා වේ. පිස්සු මයිකල් අධ්‍යාපනය ලැබුවේ කොළඹ රාජකීය විද්‍යාලයෙනි. ඒ 1970 දශකයේ මුල් භාගයේදී පමණය.

චිලී තිලංකගේ පෙම්වතියවීමට පියුමි හා මේනකා අතර තරගයක්


යොවුන් පරපුරේ ජනපි‍්‍රය ගායකයකු, නර්තන ශිල්පියකු හා නළුවෙකු වන චිලී තිලංකගේ පෙම්වතියවීමට පියුමි පුරසිංහ හා මේනකා පීරිස් අතර තරගයක් ඇතිවී ඇතැයි වාර්තා වේ.අදාළ ගැටුම ඇතිවී ඇත්තේ ලබන නොවැම්බර් 14 වැනිදා සිට ස්වාර්ණවාහිනී නාලිකාවෙන් රාතී‍්‍ර 9.30 ට විකාශයවීමට නියමිත සම්පත් ශී‍්‍ර රෝෂන්ගේ ‘මං ආසයි පියාඹන්න’ ටෙලි නාට්‍යයේ බවපැවසේ.