Ads 468x60px

.

දුමින්දගේ කතාකිරීමට හැකියාව ලබා දෙන ස්නායුවලට හානි සිදුවීම හේතුවෙන් ඔහුට කතා කිරීමට නොහැකි තත්වයක්


මුල්ලේරියාව වෙඩි හුවමාරුවේදී බරපතලතුවාල ලබා ශ්‍රී ජයවර්ධනපුර රෝහලට  ඇතුලත් කොට,
මේවනවිට  ස්නායු දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබනපාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතාගේ
මොළයේ, කතාකිරීමට හැකියාව ලබා දෙන ස්නායුවලට බරපතල හානිසිදුවීම හේතුවෙන්  ඔහුට
කතා කිරීමට  නොහැකි තත්ත්වයක් මතුව  ඇතැයි රෝහල් ආරංචිමාර්ග සදහන් කරයි.

තොරුතුරු සපයන අඩවි වලට තිත - ලිංගික වෙබ් අඩවි වලට මත


සංස්කෘතිය,සභ්‍යත්වය,ආචාරධර්ම යන මේවා අප රටේ සමහර අමන පුද්ගලයන්ගේ නිරුවත සගවන සළුපට බවට පත්ව ඇත.රටපුරා ගණන් කල නොහැකි තරම් පන්සල් තිබුනද ,අප්‍රමාණ දානමාන පින්කම් සිදුකලා වුද මෙරට ලිංගික අසහනය කෙතරම් උග්‍ර වී ඇත්දැයි යන්න එදිනෙදා පුවත් පතක් හෝ අන්තර්ජාල පුවත් වෙබ් අඩවියක් බැලු සැනින් පෙනී යයි.

විශ්වගේ අලුත්ම පෙම් අන්දරය වැඩිමහළු නිළියන්ටලු

චිත‍්‍රපට නිෂ්පාදකයකු වන පද්මසිරි කොඩිකාරගේ පුත් නැගීඑන නළු විශ්ව කොඩිකාර ඔහුට වඩා වැඩිමහළු නිළියන්ට පෙම් කිරීම සම්බන්ධයෙන් ප‍්‍රසිද්ධියක් උසුළුන බව වාර්තා වේ.විශ්වගේ අලුත්ම අක්කා පෙම්වතිය බවට පත්ව ඇත්තේ දිලිනි ලක්මාලි බවද වාර්තා වේ.මේ දිනවල කුරුණෑගලදී රූගත කිරීම් සිදුකර ‘පිනිඅග පුලිගු’ ටෙලියේ චරිත මවන ලක්මාලි හා විශ්වගේ මේ අලුත් පෙම් අන්දරය ප‍්‍රසිද්ධ රහසක් බවට පත්වී ඇති බවද වාර්තා වේ.

කරාටේ ධම්මික 'පැහැරගැනීමේ' ඇත්ත කතාව

පාතාල නායකයකු බව කියන කරාටේ ධම්මික හෙවත් ධම්මික ප්‍රදීප් කුමාර නැමැත්තා පසුගිය 22 දා පොලිස් සංවිධානාත්මක අපරාධ කණ්ඩායම් මැඩලීමේ ඒකකය මගින් අත්අඩංගුවට ගෙන තිබේන බව වාර්තා වේ.රඹුක්කන ප්‍රදේශයේ පිහිටි වාහන සේදීමේ ස්ථානයකදී මොහුව අත්අඩංගුවට ගෙන ඇති අතර, මේ වන විට  රඳවා  ඇත්තේ අදාළ ඒකකය රහසිගතව පවත්වාගෙන යන කොළඹ, හැව්ලොක් ටවුන්හි විලාසිතා නිවසේ ඉහළම මාලයේය. 

පාර්ලිමේන්තු මන්ත‍්‍රී දුමින්ද සිල්වා සිල්වා විදෙස් රෝහලකට

ඉකුත් 08 වන දා මුල්ලේරියාව ප‍්‍රදේශයේ සිදුවූ වෙඩි හුවමාරුවෙන් තුවාල ලබා ශ‍්‍රී ජයවර්ධනපුර රෝහලේ ප‍්‍රතිකාර ලබමින් සිටින පාර්ලිමේන්තු මන්ත‍්‍රී දුමින්ද සිල්වා මහතාට භෞත චිකිත්සක ප‍්‍රතිකාර ලබාදීම සඳහා විදෙස් රටකට ගෙනයාමට ඔහුගේ ඥාතීන් කටයුතු කරමින් සිටින බව දැනගන්නට ලැබේ.

තට්ටු 45 ක සෙලෙස්ටියල් කුළුණත් රජයට ගැනීමේ සූදානමක්

සෙලින්කෝ සමූහ ව්‍යාපාරය අර්බුදයට පත්වීමත් සමග අතරමග වැඩ නතර වුණු කොල්ලුපිටියේ සමුද්‍රාසන්නයේ ඉදිවෙමින් තිබූ සුඛෝප භෝගී සෙලෙස්ටියල් නිවාස සංකීර්ණය හා හෝටල් ව්‍යාපෘතිය රජයට පවරා ගැනීමට සූදානම් වේ.මේ පිළිබඳව කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ පැවසුවේ මෙම ව්‍යාපෘතියේ වැඩ අවසන් කිරීමේ අමුණෙන් මෙය රජයට පවරා ගන්නා බවත් මෙම නිවාස සංකීර්ණයේ නිවාස මිලදීගෙන තිබෙන අයට රජය විසින් වන්දි ලබාදෙන බවයි.

දුම්රිය ගැටීම් වැළැක්‌වීමට එන්ජිමට විශේෂ උපකරණයක්‌

දුම්රිය එකිනෙක ගැටීමෙන් සිදුවෙන අනතුරු වැළැක්‌වීම සඳහා දුම්රිය එන්ජින්වල විශේෂිත ඉලෙක්‌ට්‍රොනික උපකරණයක්‌ සවි කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ. මෙම විශේෂිත උපකරණය මගින් ධාවනය කෙරෙන දුම්රියක රියෑදුරුට කිලෝමීටර් 10 ක්‌ ඉදිරියේ තිබෙන දුම්රියක්‌ පෙන්නුම් කෙරෙන බව දුම්රිය දෙපාර්තමේන්තුවේ සැලසුම් අධ්‍යක්‍ෂ විජය සමරසිංහ මහතා පැවැසීය.

ගුරුවරයාගෙන් වේවැල කැඩෙනතුරු පහර කෑ සිසුහු දෙදෙනා රෝහලේ

ගලේවෙල කලාප අධ්‍යාපන බල ප්‍රදේශයේ පාසලක්‌ වන පල්ලෙපොල අකුරම්බොඩ මධ්‍ය මහා විද්‍යාලයේ අපොස සා. පෙ. ඉගෙනුම ලබන සිසුන් දෙදෙනකුට එම විද්‍යාලයේ ගුරුවරයකු වේවැල කැඩෙනතුරු අමානුෂික ලෙස පහරදී ඇතැයි එම දරුවන්ගේ දෙමාපියන් මහවෙල පොලිසියට පැමිණිලි කර ඇත.

ජැකලින් රිතික්ව සිපගැනීම ප‍්‍රතික්ෂේප කරයි

ශ‍්‍රී ලංකා රූ රැජිනක් හා බොලිවුඞ් නිළි ජැකලින් ෆර්නැන්ඩස්, ජනපි‍්‍රය බොලිවුඞ් නළු රිතික් රෝෂන්ව සිපගැනීම ප‍්‍රතික්ෂේප කිරීමේ සිද්ධියක්  වාර්තා වේ.ඇය මෙසේ රිතික්ව සිප ගැනීම ප‍්‍රතික්සේප කර ඇත්තේ රාකේෂ් රෝෂන්ගේ අධ්‍යක්‍ෂණයෙන් නිර්මාණය වීමට නියමිත කි‍්‍රෂ් 2 චිත‍්‍රපටියේ දර්ශනයක් නිසාය.
අදාළ දර්ශනය හේතුවෙන් ජැකලීන් එම චිත‍්‍රපටයෙන්ද ඉවත්වීමට තීරණය කර ඇතැයි පැවසේ.

දීපාවලී දින පණිවිඩය

අන්ධකාරය පරදා ආලෝකය ජයග‍්‍රහණය කිරීම සංකේතවත් කරන දීපාවලී දිනය අද (26)ට යෙදී තිබේ. විෂ්ණු දෙවියන් විසින් නාරගාසුරන් නම් දුෂ්ට පාලකයා පරාජය කරනු ලැබීම අද වැනි දිනකදී සිදු වූ බව හින්දු බැතිමතුන්ගේ විශ්වාසයයි. විශිෂ්ට තේමාවක් ඇති දීපාවලී දිනය සමරන හින්දු බැතිමතුන්ට මේ අවස්ථාවේදී සුබ පැතුම් එක් කරනුයේ මහත් සන්තෝෂයෙනි.