Ads 468x60px

.

කොරියානු භාෂා විභාගයෙන් දෙසීයෙන් දෙසීයම ලබාගත් අයදුම්කරුවන් 145 දෙනෙක්

කොරියානු භාෂා ප්‍රවීණතා විභාගයෙන් 9,998 දෙනෙකු සමත්ව ඇති බව ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි. මෙවර විභාගයේ දී සමත් කිරීමේ අවම ලකුණු සංඛ්‍යාව 124ක මට්ටමකට පැවති බව එම කාර්යාංශය පෙන්වා දෙයි. මෙවර විභාගයේ දී ලකුණු දෙසීයෙන් දෙසීයම ලබාගත් අයදුම්කරුවන් 145 දෙනෙකු සිටින බව එම කාර්යාංශය පවසයි.

ලොකු සීයා’ හෙරොයින් සමග අත්අඩංගුවේ

මහබාගේ කෙළවරපිටිය ප්‍රදේශයේදී දේවාලයක කපු මහතෙකු පැහැර ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් සෙවීමට විශේෂ පොලිස් කණ්ඩායම් තුනක් යොදවා තිබේ.ලොකු සීයා නමින් හඳුන්වන ඔහු ඊයේ පස්වරුවේ සිය රථයෙන් යමින් සිටියදී කිසියම් පිරිසක් විසින් පැහැර ගනු ලැබ ඇති බව පොලීසිය  පැවසීය.

මෙරටට ආ යානය කුරුල්ලෙක් නිසා ඉන්දියාවට ගොඩබස්සයි

ශ්‍රී ලංකාව බලා පියාසර කරමින් තිබූ ගුවන් යානයක් හදිසියේ ඉන්දියාවට ගොඩබස්සවා තිබේ. අදාළ ගුවන් යානයේ එක් එන්ජිමක පක්ෂියෙකු ගැටීම හේතුවෙන් හදිසි තත්ත්වයක් මතුවීම ඊට හේතු වී ඇත. කෙසේ වෙතත් යානය පාලනය කරගැනීමට සමත්වූ ගුවන් නියමුවා එය සාර්ථකව ගොඩබැස්වීමට කටයුතු කර තිබේ.

රූගත කිරීමකදී වැඩිවියට පත්වූ නිළිය

මේ දිනවල සිරස නාලිකාවේ විකාශයවන සිහින පුරය හා සඳ මැදියම ටෙලිනට්‍යවල ‘චන්දිමා’ හා ‘සපුමලී’ ලෙස චරිත මවන අයෝධ්‍යා දක්‍ෂිකා වැඩිවියට පත්ව ඇත්තේ ටෙලියක රූගත කිරීම් සිදුකරමින් සිටියදී බව වාර්තා වේ.කෙසේවවුද ඇය එසේ වැඩිවියට පත්ව පසුදින රූගත කිරීම්වලට සහභාගිවූ බවපැවසේ.මේ වසරේදී උසස් පෙළ විභාගය සඳහා පෙනී සිටි අයෝධ්‍යා 2006 වසරේ රාජ්‍ය ටෙලි සම්මාන උළෙලේ හොඳම ළමා නිළිය ලෙස සම්මානයට පාත‍්‍ර වූවාය.

සුරේන්‍ද්‍ර හා ඔහුගේ හොඳම මිතුරාගේ පෙම්වතිය අතර ගනුදෙනුවක් හේතුවෙන් සුරේන්‍ද්‍ර රෝහලට

සිරස සුපර් ස්ටාර් දෙවැනි අදියරේදී දෙවැනි ස්ථානයට පත් ජනපි‍්‍රය යොවුන් ගායක සුරේන්‍ද්‍ර පෙරේරාට කල පහරදීමක් හේතුවෙන් ඔහු රෝහල්ගත කර ඇතැයි වාර්තා වේ.මෙම පහරදීම ඔහුගේ හොඳම මිතුරෙකු විසින් කර ඇතැයිපැවසේ. එම මිතුරා ඉතාලියේ රැකියාවක නිරතව සිටින්නෙකු බවද පැවසෙන අතර ඔහුගේ පෙම්වතිය හා සුරේන්‍ද්‍ර අතර ගනුදෙනුවක් හේතුවෙන් එම මිතුරා හදිසියේ ලංකාවට පැමිණ මෙම පහරදීම සිදුකර ඇති බවමේ අතර වාර්තා වේ.

දුමින්දට දැන් හොඳයි - බතුත් කනවා - කතාත් කරනවා

ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින දුමින්ද සිල්වා මන්ත්‍රීවරයා මේ වන විට බොහෝ සෙයින් යතා තත්වයට පත්වී ඇති බව එහි වෛද්‍යවරුන් වාර්තා කරනවා.ඒ අනුව 26 වනදා වන විට මුමුනමින් සිටි දුමින්ද සිල්වා මේ වනවිට වෛද්‍යවරුන් සමග හොදින් කතා කිරීමට පටන්ගෙන තිබේ.