Ads 468x60px

.

නෙරංජන් විජේරත්නගේ සොහොයුරු හිටපු අමාත්‍ය මනෝ විජේරත්න අභාවප‍්‍රාප්ත වෙයි.

හිටපු ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය මනෝ විජේරත්න මහතා අද (29) සිංගප්පූරුවේදී අභාවප‍්‍රාප්ත වී තිබෙනවා. මියයන විට 54 වන වියේ පසුවු මනෝ විජේරත්න මහතා දැදිගම ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂ සංවිධායක ධුරයද හොබවනු ලැබුවා. එක්සත් ජාතික පක්ෂයෙන් දේශපාලනයට පිවිසි ඔහු වැවිලි කර්මාන්ත අමාත්‍යවරයා ලෙසද කටයුතු කළා. මීට අමතරව ජනාධිපති සම්බන්ධීකරණ ලේකම් ධුරයද හොබවූ බවයි ඔහුගේ සොහොයුරා වන නෙරංජන් විජේරත්න සඳහන් කළේ.

වාහන 20කට හානි කළ ඇතා යළි කැලෑ වදී


කැකිරාව - දඹුල්ල ප්‍රධාන මාර්ගයට කඩා වැදුණු ඇතා කලා වැව ඉස්මත්තේ පිහිටි වනයට පලවා හැරි බව පොලීසිය පවසයි.පොලීසිය පැවසුවේ,  වන ජීවි නිලධාරින් හා ‍පොලිසිය ඒකාබද්ධව අලි වෙඩි ගසා ඇතා පලවා හැරි බවයි.ඇතාගේ පහරදීමට ලක්ව වාහන 20කට පමණ දැඩි අලාභ හානි  සිදුව තිබේ.

කැකිරාවට කඩා වැදුණු ඇතා ගෙවත්තක නැවතිලා


කැකිරාව, තිබ්බොටුවාව ප්‍රදේශයෙන් මාර්ගයට පැමිණි ඇතා මේ වනවිට විශාල ගෙවත්තක නැවතී සිටින බව වනජීවි නිලධාරීන් පවසයි. ගනේ වල්පොල, ගජමිතුරු කාර්යාලයේ වන සත්ත්ව අඩවි සහකාර කේ.කේ. දයානන්ද පැවසුවේ පොලිසිය සහ වනජීවි නිලධාරීන් ඇතා යළි මාර්ගයට පිවිසීම වැළැක්වීම සඳහා කටයුතු කරමින් සිටින බවයි.

නාසා පාලනය යටතේ තිබු චන්ද්‍රිකා දෙකක් චීන හැකරුන් අත්කර ගනී

චීන ජාතික අනවසර පිවිසෙන්නන් පිරිසක්  විසින් ඇමරිකානු චන්ද්‍රිකා දෙකක පාලනය සදහා සාර්තක පිවිසීමක් කරන්නට සමත්වූ බව තොරතුරු වාර්තා වේ. 2007, 2008 වසරවලදී මෙම අත්හදා බැලීම ඔවුන් විසින් සිදුකර ඇති අතර චන්ද්‍රිකා දෙකෙහිම සම්පූර්න පාලනය අත්පත් කරගන්නට තමනට හැකියාව තිබුනද එසේ නොකරන්නට තීර්නය කල බව ඔවුන් පවසා තිබේ.

ලොකු සීයා පැහැරගැනීම ගැන පිළිබඳව සිල්වා මහතා කලබල වෙයි

පෙරේදා සවස 5.45 ට පමණ ලොකු සීයා රාගම පිහිටි දේවාලයේ කටයුතු නිම කර සිය ජීප් රථයෙන් මහබාගේ කෙරවලපිටිය ප්‍රදේශයේ පිහිටි නිවස වෙත යමින් සිටියේය.
කෙරවලපිටිය වැලිහේන ප්‍රදේශයේදී සන්නද්ධ පිරිස රැගත් වෑන් රථය මාර්ගය අහුරා නතර කර තිබේ. අපද්‍රව්‍ය ඉවත් කරන බවුසරයක්‌ ද යොදාගෙන මාර්ගය අහුරා ඇති සන්නද්ධ පිරිස ලොකු සීයා පැමිණි ජීප් රථය නතර කර ඇත.

ඇතෙකු කඩා වැදීම නිසා කැකිරාව නගරය නොසන්සුන්


කැකිරාව නගරය ආසන්නයට ඇතෙකු පැමිණීම හේතුවෙන් මේ වනවිට එම ප්‍රදේශයේ නොසන්සුන් තත්ත්වයක් හටගෙන තිබේ.කැකිරාව ‍පොලිසිය පැවසුවේ ඇතා මේ වනවිට කැකිරාව දඹුල්ල ප්‍රධාන මාර්ගය ඔස්සේ ගමන් ගනිමින් සිටින බවයි.එම මාර්ගයේ ගමන් ගත් වාහන හා නිවාස කිහිපයකට ඇතා පහර දී ඇති බව පොලිසිය ප්‍රකාශ කළේය.

යමක් කරවා ගැනීමට සුදුසුම තැන ‘ස්ටාර් ඩස්ට්’

ශ‍්‍රී ලංකාවේ අලූතෙන් තේරීපත්වූ නගරාධිපතිවරුන්ගේ සංගමයේ සභාපතිකම සඳහා ‘ස්ටාර් ඩස්ට්’ කැෂිනෝ සමාජ ශාලාව අයත් රවී විජේරත්න මහතා ඒකඡන්දයෙන් පත්වී ඇති බව වාර්තාවේ.මෙසේ සභාපතිකමට පත් වූ රවී විජේරත්න ඡන්දයෙන් තේරීපත් වූ අයකු නොවන අතර ඔහුට ඇති එකම බලය ‘ස්ටාර් ඩස්ට්’ කැෂිනෝ සමාජ ශාලාවේ හිමිකාරිත්වයයි.

නෙහාරාට ‘ෆුඞ් පොයිසනින්’නිසා වෙච්ච අකරතැබ්බයක්

ටෙලි නිළියක්, නර්තන ශිල්පිනියක් හා නිවේදිකාවක් වන නෙහාරා පිරීස් වහ කා ඇතැයි රාවයක් පසුගිය දිනවල පැතිර ගියේය.මේ සම්බන්ධයෙන් තොරතුරු ලබා ගැනීමට නෙහරා පීරිස් සම්බන්ධ කර ගැනීමට උත්සාහ කළ ද එය අසාර්ථක විය.පසුව අප නෙහාරාගේ කිට්ටු මිතුරු මිතුරියන්ගෙන් කළ සොයා බැලීමකදී මෙය වචන පටලවාගෙන තේරුම් ගැනීම නිසා සිදුවූවක් බව හෙළිකර ගැනීමට හැකි විය.