Ads 468x60px

.

කැලණි ගඟේ මුහුණ විරූපී කළ මල සිරුර කරාටේ ධම්මිකගේ දැයි සැකයක් !

මුහුණ විරූපී කළ මල සිරුරක් කැලණි ගඟේ පාවෙනු දුටු බව කැලණි ගඟ අසබඩ පිරිසක් විසින් මුල්ලෙරියාව නවගමුව හා වැල්ලම්පිටිය පොලිසිවලට ඊයේ පස්වරුවේ දන්වා ඇත. එය දින ගණනාවකට පෙර අතුරුදන් වූ කරාටේ දම්මිකගේ දැයි සැකයක් පවතින බව ඔවුහු කියති.

අද (30) රාත‍්‍රී 12 පසුවී ගත වන පළමු තත්පරය තුළ බිලියන හතේ දරුවා උපදි

අද (30) රාත‍්‍රී 12 පසුවී ගත වන පළමු තත්පරය තුළ දී උපදින දරුවා සමඟ ලෝක ජනගහනය බිලියන 07 ක් බවට පත් වනු ඇත.
මෙම වැදගත් සන්ධිස්ථානය සැමරීම සඳහා එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදල විසින් බිලියන 07ක ජනගහණ ක‍්‍රියාකාරීත්ව වැඩසටහන මුළු ලෝකය පුරා ක‍්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබේ.

කලා කටයුතුවලින් ඉවත් වුවත් නිවේදන කටයුතු වලින් ඉවත් නොවන බව අයේෂා පවසයි


නිරූපිකාවක්, රංගන ශිල්පිණියක් හා නිවේදිකාවක් ලෙස පේ‍්‍රක්‍ෂකයන් අතර ජනාදරයටපත් අයේෂා සඳමාලි කාලා ක්ෂේත‍්‍රයේ වැඩවලින් ඉවත්වීමට තීරණය කර ඇතැයි වාර්තා වේ. පෞද්ගලික ආයතනයක අධ්‍යක්‍ෂවරියක් ලෙස සේවය කිරීමට එක්වීමත් විවාහවීමත් යන කාරණා හේතුවෙන් තමා කලාවෙන් ඈත්ව සිටීමට තීරණය කල බව අයේෂා පවසන්නීය.

කැකිරාව නොසන්සුන් කළ ඇතාගේ ඇස් දෙකම අන්ධයි


කැකිරාව ප්‍රදේශයේ නොසන්සුන්තාවක් ඇති කරමින් ඊයේ (29) දිනයේ දී දඹුල්ල - කැකිරාව ප්‍රධාන මාර්ගයේ කයිලපතාන ප්‍රදේශයේ හැසුරුනු වන ඇතාගේ  ඇස් දෙකම නොපෙනන බව වනජීවී සංරක්‍ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරයි.මෙම ඇතා වාහනවලට පහර දෙමින් මාර්ගය දිගේ ගමන් කිරීම නිසා ඊයේ පෙරවරුවේ නොසන්සුන්කාරී වතාවරණයක් ඇති විය.