Ads 468x60px

.

පියා බියගන්වා ලක්ෂයක් ගත් ටෙලි නිළියට ඇප

පියාගෙන් කප්පම් ගත්තැයි කියන ටෙලිනාට්‍ය නිළි අනුෂා සොනාලි සායක්කාර රුපියල් 1500ක ඇප මත මුදාහරින ලෙස කොළඹ කොටුව මහේස්ත‍්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය නියෝග කළාය. ගිය වාරයේ උසාවි නොපැමිනි නිසා ඇය අත්අඩංගුවට ගන්නැයි වරෙන්තු නිකුත් විය. ඇගේ පියා පොලිසියට කියා ඇත්තේ තමා බියගන්වා රුපියල් ලක්ෂයක් ගත් දියණිය යළිත් රුපියල් ලක්ෂයක් ඉල්ලා තර්ජනය කළ බවයි.

‘ලොකු සීයා’ දේශපාලනඥයින් හා ප‍්‍රසිද්ධ ව්‍යාපාරිකයන් රැසකගේ නම් හෙළි කරලා

පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් පසුගියදා අත්අඩංගුවට ගනු ලැබූ රාගම දේවාලයේ ප‍්‍රධාන කපුවා වූ මොහොමඞ් නියාස් නොහොත් ‘ලොකු සීයා’ මේ වනවිට පාතාලයට හා මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ දේශ පාලනඥයින් හා ප‍්‍රසිද්ධ ව්‍යාපාරිකයන් කිහිපදෙනෙකුගේ නම් රැසක් හෙළිදරව් කර ඇතැයි පොලිස් මූලස්ථානයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු අප වෙත පැවසීය.

අතිපුජ්‍ය ගංගොඩවිල සෝම හිමිපාණන්ගේ ඝාතනය ගැන සොයා බලමු

සෝම හිමිපාණන්ට උපාධිය දුන් බව ඇඟවීමට පරිගණක අනුසාරයෙන් කෘතිමව සකස් කරන ලද ව්‍යාජ ජායාරූප පෙළක් මෙහිදී ඔබට දැකගත හැකි වනු ඇත.එම ජායාරූප රුසියාවේ සකස් කරන ලද ඒවා වන අතර සෝම හිමිපාණන් රුසියාවේදී අපවත් වුවායින් පසුව (අපවත් කල පසුව ) උන් වහන්සේ විවිධ ඉරියව් වලින් තබා ජායාරූප ගත කර ඉන් අනතුරුව එම ජායාරූප පරිගණක අනුසාරයෙන් අදාළ ස්ථානයේ පසුබිම වෙත තබා බද්ධ කර තිබේ. ඒ බව ඉතාම පැහැදිලිව පහත ජායාරූප වලින් ඔබට දැකගත හැකි වනු ඇත. එම ජායාරූප පහතින්

ලංකාවෙන් පළමු මිනිත්තුව තුළ බිළිඳු දරුවන් 05 දෙනෙක් ලෝක ජනගහණය බිලියන 7ට එක්වෙයි

ලෝක ජනගහණය බිලියන 07 සම්පුර්ණ වීම ඊයේ මැදියම් රැයේදී සිදුවුණා. රාති‍්‍ර දොලහ පසුවී පළමු තත්ත්පරය තුළ උපදින දරුවා බිලියන 7 සම්පුර්ණ කරන්නා බැවින් ඔහු පිළිගැනීම සඳහා ලොව පුරා රටවල උත්සව සංවිධාන කර තිබුණා. එහි වැදගත් කාර්යභාරයක් ඉටු කරනු ලැබුවේ එක්සත් ජාතීන්ගේ ජනගහණ අරමුදලයි.

‘කුඩු‘ නැතිව ගෙළ වැළලාගෙන සහ දුම්රියට පැන තිදෙනෙක් දිවි නසා ගනිති

මත්ද්‍රව්‍ය  ලබා ගැනීමට නොහැකිවීම හේතුවෙන්, ගල්කිස්ස, රත්මලාන සහ පාණදුර ප‍්‍රදේශයන්හි කුඩු ලෝලීන් තිදෙනෙකු පසුගිය දින 07 තුළදී දිවි නසාගෙන ඇති බව වාර්තා වේ. කරයි.ඔවුන් ගෙළ වැළලාගෙන සහ දුම්රියට පැන  දිවි නසා ගෙන ඇත.