Ads 468x60px

.

සුරේනිගේ සුවිශේෂී වෙනස

යොවුන් ගායිකා සුරේනි ද මෙල්ගේ ජිවිතයේ සුවිශේෂී වෙනසක් සිදුවී තිබෙනවා.එනම් ඇය පසුගිය 10 වනදා සුරතල් දියණියකගේ මවක් බවට පත්වී තිබෙනවා.සුරේනි බොහෝ කල් සිට බලාපොරොත්තු වුවා සේම ඇයට දියණියක් ලැබීම පිලිබඳ ඇය මේ දිනවල සතුටින් පසුවනවා.

සුරේනි අයගේ දියණියට නම් තබා ඇත්තේ ශශායා කෙනුලි ද සිල්වා යනුවෙන්.ශශායා යන කොටස සුරේනි විසින් යොදා ඇති අතර කෙනුලි යන නම යෝජනා කොට ඇත්තේ අරිසෙන්අහුබුදු ශුරීන්ගේ දියණිය විසිනි.
ආදරේ නම් එන්න මා වෙත ගීතයෙන් ඇය ජනප්‍රියත්වයට පත්විය.

අඟපසග ඇල්ලීම නිසා තරුණ හෙදියන් දුමින්ද ළඟට යන්න බෑ කියලා

ජයවර්ධන රෝහලේ 18වන වාට්ටුවේ ස්නායු ශල්‍ය දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන දුමින්ද මන්ත්‍රීවරයා අසලට යෑම එම රෝහලේ තරුණ හෙදියන් තරයේ ප්‍රතික්ෂේප කර ඇතැයි එම වෛද්‍යවරයෙකු  පැවසීය. දුමින්ද මන්ත්‍රීවරයා පසුගිය දින දෙකෙහි තරුණ හෙදියන් කිහිප දෙනෙකුගේ අඟපසග ඇල්ලීමට උත්සාහ කිරීමේ සිද්ධීන් තුනක් පිළිබඳව රෝහල් පරිපානලයට වාර්තා වී ඇත.

කරන්දෙණිය ප්‍රියංක ප‍්‍රසාද් ජයසිංහ ඝාතනයෙන් මුළු ගමම ගිනි ගනී

කරන්දෙණියේදී වෛද්‍යවරයාගේ ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවෙකුට අයත් වෛද්‍ය පර්යේෂණාගාරයක් පවත්වාගෙන ගිය ගොඩනැගිල්ලකට ගම්වාසීන් අද පෙරවරුවේ ගිනිතබා තිබේ.පොලීසිය පැවසුවේ, කරන්දෙණිය නගරයේ මෙම ගොඩනැගිල්ල පිහිටා ඇති බවයි.

විනිමය හා සුරැකුම්පත් කොමිශන් සභාවේ සභාපති පදවිය ගාල්ලේ හදහන් බලන සුමනදාස අබේගුණවර්ධනට !

ශ‍්‍රී ලංකා විනිමය හා සුරැකුම්පත් කොමිශන් සභාවේ සභාපතිනිය වන ඉන්ද්‍රාණි සුගතදාස මහත්මිය ඉන් ඉවත් කොට එම පදවිය සඳහා ගාල්ලේ හදහන් බලන සුමනදාස අබේගුණවර්ධන පත් කිරීමට යන බව  වාර්තාවේ.

කරන්දෙණිය කැළඹූ වෛද්‍යවරියාගේ ඝාතනයේ කොන්ත්‍රාත්තුව හෙළිවෙයි

කරන්දෙණිය දිගාසි වෛද්‍ය මධ්‍යස්‌ථානය වෙත රෝගීන් විශාල ප්‍රමාණයක්‌ පැමිණීම තම ආදායම පහත වැටීමට හේතු වූ නිසා ප්‍රියංක ප්‍රසාද් ජයසිංහ මහතා ඝාතනය කිරීමට යුද හමුදාවේ කපිතාන්වරයෙකුට තමන් කොන්ත්‍රාත්තුවක්‌ ලබා දුන් බව කරන්දෙණිය රෝහලේ වෛද්‍යවරයා වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ප්‍රධාන සැකකරු රහස්‌ පොලිසිය හමුවේ පාපොච්චාරණය කර ඇත.

මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු අමාත්‍යවරුන් පිරිසක් දුමින්දගේ සුවදුක් බැලීමට රෝහලට

පසුගිය 8 වැනිදා මුල්ලේරියාවේ සිදුවූ වෙඩි හුවමාරුවේදී වෙඩි වැදී බරපතල තුවාල ලබා,  ශී‍‍්‍ර ජයවර්ධනපුර රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප‍‍්‍රතිකාර ලබන මන්තී‍‍්‍ර ආර්. දුමින්ද සිල්වාගේ සුව දුක් බැලීම  සඳහා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු අමාත්‍යවරුන් පිරිසක් අද (31) පස්වරුවේ එම රෝහල වෙත ගොස් තිබේ.

‘පබා’ ඉතාලි සංචාර තුනක් සඳහා පොරොන්දු දී පසුව මගහරි

ගම්පහ දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී නිල සිනමා හා ටෙලි නිළි උපේක්ෂා ස්වර්ණමාලි නොහොත් ‘පබා’ ඉතාලියේ සංචාරය කිරීමට දැඩි අකමැත්තක් දක්වන බව වාර්තා වේ.ඇය පසුගිය කාලයේදී ඉතාලියේ පැවැත්වෙන විවිධ ආකාරයේ විධප‍්‍රසංග සඳහා සහභාගිවීමට මුලින් පොරොන්දුවී පසුව මඟ හැර ඇතැයිපැවසේ.උපේක්‍ෂා මෙසේ පසුගිය කාලයේදී ඉතාලි සංචාර තුනක් සඳහා පොරොන්දු දී පසුව මගහැර ඇතැයි වාර්තා වේ.

ජනාධිපති - රැජින ෆොටෝෂොප් ජායාරුපයට හේතුව

ජනාධිපතිතුමා හා රැජින අතටඅත දෙන අවස්ථාවේදී ගත ජායාරුපයක් යනුවෙන් සකස් කරන ලද ජනාධිපති මාධ්‍යය අංශය විසින් නිකුත්කරන ලද ජායාරුපය පිලිබඳ විවිධ කට කතා වෙබ් අඩවි ඔස්සේ ඊයේ (31) දිනයේදී කරුණු පැහැදිලි වුනා. ඊයේ ස්වාධින රුපවාහිනියේ ප්‍රවෘති විකාශයෙන් පෙන්වූ දර්ශන වලින් මෙම ෆොටෝෂොප් ජායාරුපය නිර්මාණය කිරීමට හේතුව පැහැදිලි වුවා.එනම් ජනාධිපතිතුමා රැජිනට අතටඅත දෙන විට ජනාධිපතිතුමාට පෙර පැමිණි පුද්ගලයා සෙමින් ඉදිරියට ගිය නිසා ඔහුගේ ශරීරයට රැජින වැසි යාමයි.මේ නිසා ජනාධිපතිතුමා අතටඅත දෙන විට රැජින පෙනෙන්නේ නැති නිසා බව ප්‍රත්‍යක්ෂ වුනා.