Ads 468x60px

.

කොරියානු විභාගයෙන් ලකුණු 116 ත් 120 ත් අතර ධීවර ක්‍ෂෙත‍්‍රයේ රැකියා වරම්

පසුගියදා පවත්වන ලද කොරියානු භාෂා ප‍්‍රවීණතා විභාගයෙන් අඩු ලකුණු ලැබු අයඳුම්කරුවන්ටද එරට රැකියා ලබා දීම කෙරෙහි අවධානය යොමු වී තිබෙන බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි.ඒ අනුව එම විභාගයෙන් ලකුණු 116 ත් 120 ත් අතර ලකුණු ලබා ගත් අයඳුම්කරුවන්ට මේ සඳහා අවස්ථාව ලබා දීමට කටයුතු කරනු ඇත.

නිල්ල සොයා සහ කෝරෙක්ස් ඩී, මත්ලෝලීන් අතර ජනපි‍්‍රයත්වයට

පවතින මත්කුඩු වල මිල ඉහල වීමත් හා ඒවා දුලභ වීමත් නිසා කුඩු ශරීර ගත කිරීමට නොහැකිව වියරු වැටි ගෙළවැළලාගෙන සහ දුම්රියට පැන සියදිවි නසාගෙන තිබේ.මෙවන් මරණ තුනක් පසුගිය දින කිහිපය තුල ගල්කිස්ස, රත්මලාන සහ පාණදුර ප්‍රදේශයන්වලින් වාර්තා වුනා.

ශ්‍රි ලංකාවේ පළමුවතාවට සයිබර් හැකර් වරයෙකු අත්අඩංගුවට

විදෙස් රටවල අන්තර්ජාල ඔස්සේ සිදුකරන වංචා සහගත ක්‍රියා සුලබ බැවින් ඒවා මැඩලීමට විශේෂ ඒකකයක් සයිබර් ක්‍රයිම් යුනිට් නමින් පිහිටුවා තිබේ.ලංකාවේ ද එවැන්නක් ස්ථාපිත කිරීමට කාලය එළඹ ඇත්තේ අන්තර්ජාලය තුලින් සිදුවන අපරාධ දිනෙන් දින ඉහල යන බැවිනි.ලංකාවේ අන්තර්ජාලය තුලින් අපරාධ සිදු වුවත් ඒ කිසිවෙකු නීතියේ රැහැනට හසුකරගැනීමට හැකියාව ලැබුනේ නැහැ.

දුමින්ද රෝහලින් නිදහස්‌ කිරීමට තරම් සුවයක්‌ ලබා නැතිලු

පාර්ලිමේන්තු මන්තී‍්‍ර දුමින්ද සිල්වා මහතා ශී‍්‍ර ජයවර්ධනපුර රෝහලෙන් රැගෙන ගොස් ඇත්තේ වෛද්‍ය උපදෙස් නොතකා බව රෝහල් ආරංචි මාර්ගවලින් වාර්තා වේ.මුල්ලේරියාව වෙඩි ප‍්‍රහාරයේදී හිසට සිදුවූ තුවාලවලට වැඩිදුර ප‍්‍රතිකාර සඳහා ඥාතීන් විසින් ඔහු නොවැම්බර් 01 වැනිදා සිංගප්පූරුවට රැගෙන යනු ලැබීය.

දුමින්ද සිංගප්පූරුවට ගිය ගුවන් යානයට ඇමරිකානු ඩොලර් 30,000 ක්

දුමින්ද මන්තී‍්‍රවරයා ඇතුළු පිරිස සිංගප්පූරුව බලා පිටත්ව ගොස් ඇත්තේ, ‘එයාර් ඇම්බියුලන්ස්’ පෞද්ගලික ගුවන් යානයකින් බව ගුවන් තොටුපොළ ආරංචි මාර්ග සඳහන් කරයි.දුමින්ද මන්තී‍්‍රවරයා සමග ඔහුගේ පියා වන ලාල් ද සිල්වා, සොයුරු රේනෝද සිල්වා මෙන්ම, විශේෂඥ වෛද්‍යවරුන් දෙදෙනෙකු සහ සාත්තු සේවිකාවන් දෙදෙනෙකුද එම ගුවන් යානයෙන් පිටව ගොස් තිබේ.

දමිත් අසංකගෙන් පරණ සින්දුවක් අලූත් විදිහට.

නව පරපුරේ ජනපි‍්‍රය ගායකයෙක් තමයි දමිත් අසංක කියන්නේ. දමිත් මේ දවස්වල අලූත් සින්දුවක් කරලා. ඔහු කිව්වේ තමන්ගේ පරණ සින්දුවක් තමයි මේ විදිහට අලූතින් කරලා තියෙන්නේ කියලා. මට හීනයක් වෙලා සින්දුවට ලැබුණ ප‍්‍රතිචාර සමග තමයි ඔහු මේ සින්දුව කරලා තියෙන්නේ. ඒ වගේම ඩුවට් එකක් කරන්නේ නැද්ද කියලා අපි දමිත්ගෙන් ඇහැව්වා. ඔහු කිව්වේ කරන්න ආසයි. නමුත් කරන්නේ කාත් එක්කද කියලා තාම හිතලා නැහැ කියලා.

පියුමි පිච්චුනේ කොණ්ඩ ඉස්තිරික්කය නිසාද ?

නිලංජනා හා බොඳ මීදුම් හි රඟපෑ චරිත ඔස්සේ ජනප‍‍්‍රියත්වයට පත් පියුමි පුරසිංහගේ එක් අතක මැණික් කටුව ආසන්න ප‍්‍රදේශය පිච්චී ඇතැයි වාර්තා වේ.මේ සම්බන්ධයෙන් පියුමි පවසා ඇත්තේ ඇගේ කොණ්ඩය මදින කොණ්ඩ ඉස්තිරික්කයේ අත ගැවීම හේතුවෙන් මෙම පිළිස්සුම සිදුවූ බවයි.