Ads 468x60px

.

ඡන්දෙ දීලා අපේ සල්ලිවලින් පාටි දානවට මේවා හොඳ පාඩම්...

හම්බන්තොට නගර සභාවේ නගරාධිපති එරාජ් රවීන්ද්‍ර ප‍්‍රනාන්දු මහතා පිළිගැනීම සඳහා පෑලියගොඩ මාළු වෙළෙඳ පොළේ ව්‍යාපාරිකයින් සම්මාදම් එකතු කොට පසුගියදා නාවල සෝලිස් ශාලාවේ පවත්වන්නට යෙදුනු උත්සවය අතරතුරදී නගරාධිපතිවරයා විසින් එම උත්සවය සංවිධානය කළ සංවිධායකයන් කිහිප දෙනෙකුට බීමතින් පහරදුන් බව වාර්තාවේ.

දුමින්ද සිංගප්පූරු යැවීම නීති විරෝධීයි – හිරුණිකා බි.බි.සී.යට කියයි

පසුගියදා මුල්ලේරියාව ප‍්‍රදේශයේ සිදුවූ වෙඩි හුවමාරුවේදී තුවාල ලබා ජයවර්ධන පුර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි පාර්ලිමේන්තු මන්ත‍්‍රී දුමින්ද සිල්වා මහතා විදෙස් ප්‍රතිකාර සඳහා සිංගප්පුරුවට ගෙන යාම ගෙන යාම නීති විරෝධී බව භාරත ප්‍රේමචන්ද්‍ර මහතාගේ දියණිය  හිරුණිකා ප්‍රේමචන්ද්‍ර බි.බි.සී. විදුලියට ප‍්‍රකාශ කර තිබේ.

ඕනෑම වරදකරුවෙක් පළමුවෙන්ම පොලිස් අත්අඩංගුවට පත් විය යුතු බව පවසා ඇති ඇය ඔහු අසනීප වී රෝහල්ගත වී සිටියේනම් පොලිස් ආරක්ෂාව යටතේ සිටිය යුතු බවද පවසයි.විදෙස් ප්‍රතිකාර ගන්නේ මහේස්ත්‍රාත් වරයාගේ අවසරය මත යා යුතු වුවත් එවන් සිදුවීමක් මෙහිදී සිදු නොවූ බවද ඇය කියා සිටී.හිරුණිකා පේ‍්‍රමචන්ද්‍ර මහත්මිය මේ වන විට විදේශගතව ඇතැයිද තොරතුරු ලැබේ.

එස්.බී. ට ‘හු’ කී භික්ෂූන් දෙනමත් රිමාන්ඩ්

පේරාදෙණිය සරසවියේ කලමනාකරණ පීඨය විවෘත කළ දා උසස් අධ්‍යාපන ඇමැති එස්.බී. දිසානායක මහතා ඇතුළු පිරිසට හූ කියමින් කලහකාරී ලෙස හැසිරුණු බව කියන භික්ෂූන් දෙනමක ඇතුළු සිසුහු සිවු දෙනෙක් මහනුවර මහේස්ත‍්‍රාත් එස්.යූ.බී. කරල්ලියද්ද මහතා විසින් යළි රිමාන්ඞ් කරනු ලැබූහ. ශාස්ත‍්‍ර පීටයේ වටරක්ගොඩ සුමන අක්කරගොඩ පියධම්ම හිමිවරු හා එම සෞඛ්‍ය පීඨයේ එස්.ඒ. ඉලංග හා ටී. රුවන් කුමාර ඔවුහුය.

ඓශ්චර්යා බේබී බච්චන්ගේ දරු උපත සඳහා සෙවන් හිල්ස් හි තරු හතේ කාමර


සුපිරි බොලිවුඩ් නිළි ඓශ්වර්යා මේ මස දෙවන සතියේ සිය කුළුදුල් දරුවා බිහිකිරීමේ අපේක්ෂාවෙන් පසුවන බව වාර්තා වේ.ඒ අනුව බේබී බච්චන්ගේ උපන්දිනය 11 - 11 - 11 වනු ඇතැයි, මත පළ වී තිබේ.ඓශ්චර්යා බච්චන්ගේ කුළුදුල් දරු උපත සඳහා සෙවන් හිල්ස් රෝහලේ තරු හතේ කාමර කිහිපයක් වෙන්කර ඇති බව වාර්තා වේ.නොවැම්බර් 10 වෙනිදා සිට 15 දක්වා කාලය එලෙස වෙන් කර තිබේ.

නදීශා හා චූලාගෙන් දුමින්දට වස් යාතිකා

මොලයට එල්ලවූ වෙඩි උණ්ඩයක් හේතුවෙන් සිංගප්පූරුවේ ප‍්‍රතිකාර ලබමින් සිටින ආරක්ෂක අමාත්‍යංශයේ අධීක්ෂණ මන්තී‍්‍ර දුමින්ද සිල්වාට ඉක්මනින් සුව නොවන්නැයි ප‍්‍රාර්ථනා කරමින් නිළියන් දෙදෙනෙකු වන චූලා පද්මේන්ද‍්‍ර හා නදීශා හේමමාලි කෝවිල් හා පල්ලිවල යාතිකා කරමින් යන බව  වාර්තා වේ.

කරන්දෙණියේ ‘හිත හොඳ’ දොස්තර ඝාතනයේ සැකකරුවන් ඇල්ලූ මෙහෙයුම

කරන්දෙණිය දිස්ත්‍රික් රෝහලේ වෛද්‍යවරයකු වූ හතළිස් හැවිරිදි ප්‍රියංක ප්‍රසාද් ජයසිංහ මහතා ඉකුත් සැප්තැම්බර් 29 දා උදේ 6ට පමණ සිය ආදරණීය මෑණියන් වූ දීපානි ජයසිංහ මහත්මියගෙන් සමුගෙන කිරිපේද්දේ පිහිටි නිවෙසින් පිටත්ව තම මෝටර් රථයෙන් කොළඹ ගියේ සිය පෞද්ගලික බෙහෙත් ශාලාවට වුවමනා බෙහෙත් ඇතුළු ද්‍රව්‍ය රැසක් ගෙන ඒමටය.

ඒ වන විට මව විසින් උදේ කෑමට සකස්කර තිබූ මුං ඇට ටිකක්වත් කන්නේ නැතිව ඔහු පිටත් වූයේ යන වැඩ ටිකත් කරගෙන ඉක්මනින් සිය පෞද්ගලික බෙහෙත් ශාලාවට ඒමේ අරමුණිනි.

අළුත්ම පෙනුමක් එක්කරන සුපර් සික්ස් ජනවාරියේ

ශී‍්‍ර ලංකාවේ වාණිජ චිත‍්‍රපටිවලට අළුත්ම පෙනුමක් එක් කරන චිත‍්‍රපටියක් තමයි සුපර් සික්ස් කියන්නේ. මේක ශී‍්‍ර ලංකාවේ වගේම ඉන්දියාවෙත් තිරගත කරන්නයි අධ්‍යක්ෂ උදාර පල්ලියගුරු හිතාගෙන ඉන්නේ. ලබන වසරේ ජනවාරි වෙනකොට මෙහි තිරගත කිරීම් ආරම්භ කරනවා කියලත් ඔහු කිව්වා.

අර්ජුනට අමීෂාව නැතිව චිත‍්‍රපටි කරන්න බෑ කියන්නේ බොරුවක්ලු

ජනපි‍්‍රය නිළියක් වන හපුආරච්චිගේ අමීෂා කාවින්දි පෙරේරා නැතිව අර්ජුන කමල්නාත්ට චිත‍්‍රපටි කළ නොහැකි බවට පැතිරී යන රාවය අසත්‍යක් බව අමීශා කියයි.තමාට හා අර්ජුනට හොඳ චරිතයකට ආරාධනා ලැබුණහොත් එය භාර ගන්නා බවඇය පවසන්නීය. අර්ජුන හා තමාගේ විවාහයට මෙතෙක් දිනයක් නියමවී නැති බව පවසන අමීෂා කෙසේවුවද තමා කවදා හෝ විවාහ වන්නේ අර්ජුන සමග පමණක් බව ද ශපථ කර සිටියි.

සංගක්කාරගෙන් ක්‍රිකට් දිවියේ 27 වැනි ශතකය


පාකිස්ථානය හා ශ්‍රී ලංකාව අතර තුන්වැනි හා අවසන් ටෙස්ට් තරඟයේ පළමුවෙන් පන්දුවට පහරදෙන ශ්‍රී ලංකා කණ්ඩායම අද දිනය අවසන් වනවිට කඩුලු 2ක් දැවී ලකුණු 245ක් ලඩා සිටී.සාජා පි‍ටියේ ටෙස්ට් තරඟයක් පැවැත්වෙන්නේ වසර 9කට පසුවය.