Ads 468x60px

.

බියංකා පාතකුබුරගේ 28 වැනි උපන් දිනය

බියංකා පාතකුබුරගේ 28 වැනි උපන් දිනය 02/11/2011 දින සමරනු ලැබිය මෙහි සුවිශේෂත්වය වුයේ අගේ මිතුරියන් හැර පුරුෂ පාර්ශවයේ සියලු දෙන මැදිවියේ අය වීමයි. බියංකා පෙම්වතුන් නිතර වෙනස් කිරීමට ඇල්මක් දක්වන අතරම තමන්ට වඩා වැඩිමල් පුරුෂයන් ඇසුර වඩා ප්‍රිය කෙරේ . කලකට ඉහත සමාජශාලා හිමි නලින්ද සිල්වා සමග දිගුකාලයක් පැවති ඇසුරින් පසු තවත් සමාජශාලා හිමියකු වූ දිරෝන් සමග පැවති සබදතාව අවසන් වුයේ බියංකා මත්කුඩු වලටද ඇබ්බැහි වීමෙනි .

අන්තර්ජාල රූපවාහිනී ක්ෂේත්‍රයේ නව පරිච්ඡේදයක් ගූගල් වෙතින්

අන්තර්ජාලය හරහා රූපවාහිනී සේවා සැපයීමේ සේවාවක් ආරම්භ කිරීමට ලොව ප්‍රකට අන්තර්ජාල සේවා සපයන සමාගමක් වන ගූගල් සමාගම සැලසුම් කරමින් සිටින බව වාර්තාවේ.තවමත් නිල වශයෙන් ප්‍රකාශකොට නොමැති වුවද බොහෝ දෙනෙකු භාවිතා කරන මාධ්‍යයක් ලෙස අන්තර් ජාලය ජනප්‍රියවී ඇති නිසා ගූගල් සමාගම මෙයට යොමුවී ඇති බව විදෙස් වාර්තා වල සඳහන්ය.මෙය කේබල් ටීවී මෙන් නොවනු ඇති බවත් මේ තුලින් අන්තර්ජාල රූපවාහිනී ක්ෂේත්‍රයේ නව පරිච්ඡේදයක් ඇතිකරනු ඇති බවත් ගූගල් සමාගම පවසා තිබේ.

"ස්‌කයිප්" සහ "චැට්‌ රූම්" මගින් විශේෂඥ වෛද්‍යවරුන් ගෙන් තොරතුරු ගන්න වෙබ් අඩවියක්‌

ශ්‍රී ලාංකික විශේෂඥ වෛද්‍යවරුන් විසින් ලබාදී ඇති රෝග හා රෝග නිවාරණය පිළිබඳ තොරතුරු හා සෞඛ්‍ය සේවාවන් පිළිබඳ ලිත තොරතුරු සිංහල, දමිළ හා ඉංගී්‍රසි යන ෙත්‍රෙභාෂා වෙන්ම මහජනතාවට ලබාගත හැකි "සුවසැරිය" (හෙල්ත් නෙට්‌) වෙබ් අඩවිය හා ඇමතුම් මධ්‍යස්‌ථානය පසුගියදා සෞඛ්‍ය අමාත්‍යාංශයේදී නිල වශයෙන් එළිදැක්‌විණි. කොළඹ කිංසි පාරේ පිහිටි සෞඛ්‍ය අධ්‍යාපන කාර්යාංශය මගින් මෙම වෙබ් අඩවිය නිර්මාණය කර ඇති අතර අයි.සී.ටී.ඒ. ආයතනය එයට සහයෝගය දක්‌වා ඇත.

කාමුඛ දර්ශනයක් නිසා විද්‍යාබාලන්ගේ පියා ද ඩර්ටි පික්චර් මගහරි

ජනපි‍්‍රය බොලිවුඩ් නිළියක්වන විද්‍යාබාලන්ගේ පියා ඇය රංගනයෙන් දායකවූ ‘ද ඩර්ටි පික්චර්’ චිත‍්‍රපටයේ මංගල දර්ශනය නැරඹීමට පැමිණ එම චිත‍්‍රපටයේ අඩක් නරඹා සිනමා ශාලාවෙන් පිටව ගොස් තිබේ.විද්‍යාගේ පියා මෙලෙස හදිසියේ චිත‍්‍රපට ශාලාවෙන් පිටව ගොස් ඇත්තේ දියණියට හා පියාට එකට අසුන්ගෙන නැරඹිය නොහැකි කාමුඛ දර්ශනයක් එහි අන්තර්ගතව තිබූ නිසා බව පැවසේ.අදාල දර්ශන හේතුවෙන් විද්‍යා අපහසුතාවට ලක්ව සිටිනු දුටු පියා එම දර්ශන පෙළ මගහැර ඇතැයි වාර්තා වේ.

පුෂ්පිකා‘මිස් වර්ල්ඩ් බියුටි විත් ද ෆෝකස්’ අංශයේ අවසන් තිස්දෙනා අතරට

වසර 2011 දෙරණ වීට් ශී‍්‍ර ලංකා රූ රැජින ලෙස කිරුළු පැළැඳි පුෂ්පිකා සඳමාලිසිල්වා ලෝක රූ රැජින තරගාවලියට සහභාගි වෙමින් ‘මිස් වර්ල්ඩ් බියුටි විත්ෆෝකස්’ අංශයේ අවසන් තිස්දෙනා අතරට සුදුසුකම් ලබා ඇතැයි වාර්තා වේ.මෙම තරගාවලිය මේ වන විට එංගලන්තයේ ලන්ඩන් නුවර පැවැත්වෙන අතර පසුගිය 02 වැනිදා මෙහි ‘බීච් බියුටි’ අංශයේ තරගය පැවැත් විණි.මෙහි අවසන් තරගය ලබන නොවැම්බර් 06 (ඉරිදා) ලන්ඩනයේ ඒර්ල්ස් කෝට්හි පැවැත්වේ.වැව් බැඳි රාජ්‍යයේ හැදී වැඩුණු (පොළොන්නරුවේ) පුෂ්පිකා මේ වන විට 22 හැවිරිදි වියේ පසු වේ.කලා අංශයෙන් උසස් පෙළ හදාරා ඇති පුෂ්පිකා මේ වන විට ඇගේ පියාට හිමි ව්‍යාපාරයක් වන  නිව් ජයරත්න ඉංජිනියර්ස් ආයතනයේ අධ්‍යක්‍ෂවරියක් ලෙස කටයුතු කරනු ලබන්නීය.

මර්වින්ට සිල්වා ඇමතිතුමාට ශ්‍රී රෝහණ වීර වික්‍රම සම්මානයක්

ගිරිඋල්ල ශ්‍රී සුදර්ශනාරාම විහාරස්‌ථානයේ උදේ 10 ට ගවයින් 100 දෙනකු නිදහස්‌ කිරීමේ පිංකමක්‌ද අද දින (05) මර්වින් සිල්වා ඇමතිතුමා විසින් සිදුකරන අතර එහිදී ඒ වෙනුවෙන් ශ්‍රී රෝහණ වීර වික්‍රම සම්මානයෙන් ඇමතිතුමා පිදුම් දීමට නියමිතය. පසුගිය මාර්තු මාසයේදී අනුරාධපුර මහා විහාර සංඝ සභාවේ සමාන ජන්දයකින් "බුද්ධ ශාසන කීර්ති ශාසන බන්ධු" ගෞරවනාමය අනුරාධපුර මහා විහාරයේදී පිරිනැමිණි.