Ads 468x60px

.

තර්ජනයන්ට සැලෙන්නේ නෑ-වැඩපිළිවෙලේ කිසිදු වෙනසක් නෑ

කිසිදු හේතුවක් නිසා තමන් විසින් දේශනා කළ දාර්ශනික සත්‍යයන් වෙනස් නොකරන බව බෙල්ලන්තර සදහම් ධර්මාශ්‍රමයේ පූජ්‍ය පිටිදූවේ සිරි සමන්තභද්‍ර හිමියන් පවසයි. තමන් බෞද්ධ භික්ෂූන් කිහිපදෙනකුට විවෘත ආරාධනාවක් කරනු ලැබුවේ ධර්මයේ දාර්ශනික ගැටලු පිළිබඳ ගැඹුරු ධර්ම සාකච්ඡාවකට මිස පොලු මුගුරු රැගත් හරඹයකට නොවන බව උන්වහන්සේ අද දෙරණට කියා සිටියේය.

අසත්‍ය පුවත් පලකරන වෙබ් අඩවි වසා දමනවා – ගනේගල

ද්වේෂ සහගත අසත්‍ය ප‍්‍රචාර ගෙනයන වෙබ් අඩවිවල විද්‍යුත් ප‍්‍රවේශ මාර්ග වැසීමට සිදුවන බව ජනමාධ්‍ය අමාත්‍යාංශය අනතුරු අගවයි.
අන්තර් ජාලය නිර්දෝෂී පුද්ගලයන්ට මඩ ගැසීමේ බලපත‍්‍රයක් ලෙස භාවිත නොකළ යුතු බවත් දිගින් දිගටම අසත්‍ය කරුණු ගොතමින් පුද්ගල චරිත ඝාතනයේ නිරත වු වෙබ් අඩවියක ප‍්‍රවේශ මාර්ග පසුගියදා වසා දැම්මේ එම හේතුවෙන් බවත් අමාත්‍යාංශ ලේකම් ඩබ්ලිව් බී. ගනේගල මහතා කියා සිටී

පිටිදුවේ සිරිධම්ම හිමියන්ට පොලිස් ආරක්ෂාව

බොරලැස්ගමුව, බෙල්ලන්තොට පිහිටි පිටිදුවේ සිරිධම්ම හිමියන් මුලිකත්වය දරන සිරි සදහම් ආශ‍්‍රමය වෙත පොලිස් ආරක්ෂාව යොදවා ඇති බව බොරලැස්ගමුව පොලිසිය පවසයි.කලකට ඉහතදී විද්‍යාවේදී පූජ්‍ය පිටිදූවේ සිරිධම්ම හිමි නමින් පෙනිසිට සිට පසුව සිරි සමන්තභද්‍ර ලෙස තමා හඳුන්වාගත් ස්වාමීන් වහන්සේගේ බෙල්ලන්තර පිහිටි සිරි සදහම් ආශ්‍රමයට ඊයේ(07) සවස භික්ෂූන් වහන්සේලා පිරිසක් වැඩමකරවීමත් සමග නොසන්සුන්කාරී තත්ත්වයක් උද්ගත වි ඇත.

දුමින්ද එක එල්ලේ බලා සිටිමින් නොකඩවා මහ හඬින් සිනාසෙයි

පසුගියදා පාර්ලිමේන්තු මන්තී‍්‍ර දුමින්ද සිල්වා බැලීමට ජයවර්ධනපුර රෝහලට ගිය ජනාධිපතිවරයා, ඔහුව දැකීමෙන් මහත් තිගැස්සීමකට ලක් වූ බව වාර්තාවේ.ඉතා කඩවසම් රූමත් තරුණයෙකු වන දුමින්ද සිල්වා මේ වනවිට පත් වී ඇති තත්ත්වය පිළිබඳව ජනාධිපතිවරයාට ඇදහිය නොහැකි වී තිබේ. දුමින්ද සිල්වා මේ වනවිට ඉතා ප‍්‍රකෘති සිහියෙන් සිට ඇති අතර, ඔහු ජනාධිපතිවරයා දෙස එක එල්ලේ බලා සිටිමින් නොකඩවා මහ හඬින් සිනහ සීමට පටන් ගෙන ඇත.

දැවැන්ත ග්‍රහකයක් හෙට දිනයේදී පෘතුවිය ආසන්නයෙන්ම ගමන් කරයි.

2005 ‍‍‍‍YU55 නැමැති දැවැන්ත ප්‍රමාණයේ ග්‍රහකයක් හෙට (09) දිනයේදී පෘතුවිය ආසන්නයෙන් ගමන් ගන්නා බව නාසා ආයතනය පවසනවා. 
පොළවේ සිට චන්ද්‍රයාට ඇති දුර සැතපුම් 221,456ක් වන අතර මෙය ගමන් කරන්නේ 201,000ක් වන චන්ද්‍රයා හා පොළව අතර දුරටත් වඩා අඩු දුරකින්. ටොන් මිලියන 55ක පමණ බරකින් හා ප්‍රමාණයෙන් මීටර් 400ක විශ්කම්භයකින් යුතු මෙම ග්‍රහකය පියවි ඇසට නොපෙනෙන අතර අඟල් 6ක වත් විශ්කම්භයක් සහිත දූරේක්ෂයකින් නැරඹීමට පුළුවන්.

අනාථ දරුවෙකුවූ සාර්කෝස් නොම්මර එකේ සුරූපිණිය වෙයි

ලන්ඩනයේදී අති උත්කර්ෂවත් අයුරින් පැවති 2011 ලෝක රූ රැජිණ තේරීමේ තරගයේදී කිරුළු පැළඳි වෙනිසියුලාවෙන් පැමිණි ඒ සුරූපිණියගේ නම ඉවියන් සාර්කෝස්. සිය දෙමව්පියන් මිය යාම නිසා වසර අටේදී ඇය අනාථ දරුවෙකු බවට පත්ව තිබෙන අතර පසුව පූජකවරියක වීමට සිතා සිටි බව අනාවරණය වේ.ලෝක සංඛ්‍යාත ප්‍රේක්ෂකයින්ගේ අවධානය දිනාගත් මෙම තරගය ඉරිදා පැවති අතර ලොව නන් දෙසින්පැමිණි රූමතියන් 113 දෙනෙකු මෙයට සහභාගී වී සිටි බව ප්‍රංශ පුවත් සේවය පවසනවා. රෝස පැහැති නෙත් සිත් පිනවන ඇඳුමකින් සැරසී මෙම තරගයට සහභාගී වූ 22 හැවිරිදි වෙනිසියු ලාවේ රූ රැජිණ එහිදී කාගේත් අවධානය දිනාගත් බව සඳහන්. 

නැඟී එන ටෙලි නාට්‍ය සහ චිත්‍රපට නළුවෙකු මංකොල්ල කෑම්වලට අත්අඩංගුවට

නැඟී එන ටෙලි නාට්‍ය සහ චිත්‍රපට නළුවෙකු මංකොල්ලකෑම් සහ කප්පම් ගැනීමේ සිදුවීම්වලට සම්බන්ධ බවට සැක පිට කොළඹ අපරාධ කොට්ඨාශය මගින් අත්අඩංගුවට ගෙන ඇතැයි පොලීසිය කියයි.
මොහු කිරිබත්ගොඩ ප්‍රදේශයේ විදේශ රැකියා ආයතන හිමියෙකු පොලිස් නිලධාරියෙකු ලෙස වෙස් වළා ගනිමින් පැහැර ගැනීමට උත්සාහ දරද්දී මෙසේ පොලිස් ග්‍රහණයට ලක් වී ඇති අතර මෙම පුද්ගලයා මෙසේ පොලිස් නිල ඇඳුමින් සැරසී තවත් අපරාධ රාශියක නිරත ව ඇති බව පරීක්ෂණවල දී අනාවරණ වී ඇත.සැකකරු මේ දිනවල ඉන්දියානු චිත්‍රපටයකට ද රංගනයෙන් දායක වන බව වාර්තා වේ.

සිරිධම්ම හිමිගේ ආශ්‍රමය භික්ෂූන් පිරිසක් වටලයි

කලකට ඉහතදී විද්‍යාවේදී පූජ්‍ය පිටිදූවේ සිරිධම්ම හිමිව සිට පසුව සිරි සමන්තභද්‍ර ලෙස තමා හඳුන්වාගත් ස්වාමීන් වහන්සේගේ බෙල්ලන්තර පිහිටි සිරි සදහම් ආශ්‍රමයට සවස භික්ෂූන් වහන්සේලා පිරිසක් වැඩමකරවීමත් සමග නොසන්සුන් කාරී තත්ත්වයක් උද්ගතව තිබේ. උන්වහන්සේ විසින් පසුගියදා පූජ්‍ය දොඩම්පහල රාහුල,පූජ්‍ය බණ්ඩාරවෙල අමිතානන්ද,පූජ්‍ය මැදගොඩ අභයතිස්ස ඇතුළු ස්වාමීන් වහන්සේලා සිව්දෙනකුට ප්‍රසිද්ධ ධර්ම කතිකාවකට එක්වන ලෙස අභියෝග කළ බවට වාර්තා විය.

ලෝ පතළ පොප් ගායන ශිල්පි මයිකල් ජැක්සන්ගේ මරණයට ඔහුගේ වෛද්‍යවරයා වගකිවයුතුයි

ලෝ පතළ පොප් ගායන ශිල්පි මයිකල් ජැක්සන්ගේ මරණයට ඔහුගේ වෛද්‍යවරයා වූ කොන්රාඩ් මුරේ වගකිවයුතු බවටත්,වෛද්‍යවරයාගේ නොසැලකිල්ලෙන් මෙම මරණය සිදුවී ඇති බවටත් අධිකරණය විසින් තීන්දු කර ඇතැයි විදෙස් මාධ්‍ය උපුටා දක්වයි. මයිකල් ජැක්සන්ගේ වෛද්‍යවරයා ඔහු මිය ගොස් මොහොතකින් වෛද්‍ය ආම්පන්න ඉවත් කිරීම සඳහා තමාට උපදෙස් දුන් බව මයිකල් ජැක්සන්ගේ ආරක්ෂක නිළධාරියා අධිකරණය ඉදිරියේ සාක්ෂිදෙමින් පවසා තිබේ.

හෙට අලුයම 4.58ට ශ්‍රී ලාංකිකයින්ට උදාවන දුලභ අවස්ථාව


පෘතුවියට ඉහළ අහස හරහා ගමන් කරන ග්‍රහ වස්තුවක් නිරීක්ෂණය කිරීමේ අවස්ථාව ශ්‍රී ලාංකිකයින් ඇතුළු ලෝකවාසින්ට හෙට අලුයම උදාවේ.කොළඹ විශ්වවිද්‍යාලයේ භෞතික විද්‍යා අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය, තාරකා විද්‍යාඥ ආචාර්ය චන්දන ජයරත්න පැවසුවේ, හෙට අලුයම 4.58ට මෙය ශ්‍රී ලාංකිකයින්ට බලා ගත හැකි බවයි.