Ads 468x60px

.

අද පෝය දවසේ වැදගත් කම දන්නවාද ...?


අද එළැඹ ඇත්තේ ශාසන ඉතිහාසයෙහි වැදගත් සිදුවීම් රැසක්‌ සිදුවූ පොහෝ දිනයකි. ඒ ඉල් පුර පසළොස්‌වක පෝය දිනයයි. මෙම උතුම් වූ දිනයෙහි සිදු වූ වැදගත් ශාසනික සිදුවීම් මෙසේයි.  

මෛත්‍රී බෝධිසත්වයන් විවරණ ලැබීම, ප්‍රථම රහත් සැටනම ධර්ම චාරිකාවෙහි පිටත්කොට යෑවීම, තුන් බෑ ජටිලයන් දමනය කිරීම සඳහා බුදුරජාණන්වහන්සේ උරුවෙල් දනව්වට වැඩම කරවීම, තව්තිසා දෙව් ලොව සිට මිනිස්‌ ලොවට වැඩීමෙන් පසුව දේවාවරෝහනය දේශනා කිරීම, දකුණු අග්‍ර ශාවක ප්‍රඥවන්තයන් අතුරින් අග්‍ර වූ සැරියුත් මහරහතන් වහන්සේ තම මෑනියන්ගේ නිවසේදී පිරිනිවන් පෑම, පසුවස්‌ පවාරණය, කඨින චීවර පූජා කළ හැකි චීවර මාසයේ අවසාන දිනය යනුවෙන් එම වැදගත් සිදුවීම් සඳහන් කළ හැකිය.

දහස් ගණනක් ඉදිරියේ අයුතු ලිංගික යෝජනාවක් සිදුකලැයි සන්නස්ගලට පැමිණිල්ලක්

නුගේගොඩ පිහිටි පෞද්ගලික උපකාරක පංතියකදී උපකාරක පන්ති ගුරුවරයා වන උපුල්ශාන්ත සන්නස්ගල මහතා විසින් දහස් ගණනක් ළමුන් ඉදිරියේ තමාට අයුතු ලිංගික යෝජනාවක් සිදු කල බව කියමින් සිසුවියක් පොලිසියේ පැමිණිල්ලක් ගොනුකොට ඇත. වාර්තා වන පරිදි සිද්ධිය මෙසේය.එම ගුරුවරයා පන්තියේ උගන්වමින් සිටින අතරතුර අදාළ සිසුවිය බංකුවෙන් නැගිට පන්තියෙන් පිටව යාමට සුදානම්ව ඇත.ඒ අවස්ථාවේදී එම සිසුවියගෙන් හේතු විමසු සන්නස්ගල මහතාට සිසුවිය පිළිතුරු දී ඇත්තේ තමා වොෂ් රුම් යන බවකි. ඉන් පසු එම සිසුවියට හස්ත සංඥාවක් පෙන්වමින් "මේක කරන්නද මට එන්න කියන්නේ?" යනුවෙන් විමසා අසභ්‍ය වදන් රැසක් කියා ඇත.

නැටීම අඩුවීමෙන් නිරෝෂට ටෙලි වැඩි වෙලා !

තමා මේ දිනවල නර්තනයට නැඹුරුවීම අඩුවී ඇතිබවත්, ටෙලි නාට්‍ය සඳහා දායකවීම වැඩිවී ඇති බවත්, රූපවාහිනී පේ‍්‍රක්‍ෂකයන් අතර ජනපි‍්‍රය ටෙලි නාට්‍ය දෙකක් වන වැස්ස නුඹ වගේ සහ ආදර වසන්තයක් හි චරිත මවන නිරෝෂා තලගල කියයි. සතිඅන්ත පුවත්පතකට සම්මුඛ සාකච්ඡුාවක් ලබාදෙමින් ඇය මෙසේ පවසා තිබිණි. එසේම චන්දන හේවාපතිරණගේ කුණු දැමීම තහනම්, රංජිත් රූපසිංහගේ රණමොනරු, තාරකා සිහිනයක්, චන්දන එදිරිසිංහගේ පූජනීයයි උත්පලා හා සමනල සිහිනයක් ටෙලිනාට්‍යවලට පසුගිය දිනවල දායකවූ බවද පවසන්නීය.

එළැඹෙන නත්තල් සමයට ඇල්කොහොල් නැති විස්කි


මත්පැන් පරිභෝජනය ඉහළ යන එළැඹෙන නත්තල් සමයේදී ලොව ප‍්‍රථම ඇල්කොහොල් නොමැති විස්කි ලෙස හඳුන්වාදෙන පානයක් වෙළඳපොලට නිකුත්කිරීමට ෆ්ලොරිඩා ප‍්‍රාන්තයේ සමාගමක් සැරසෙන බව වාර්තා වේ. ආකේ (Arkay) නම් මෙම පානය රසින් හා පෙනුමෙන් විස්කි වලට සමාන වුවද එහි කිසිඳු ඇල්කොහොල් අන්තර්ගතයක් නොමැති බැවින් වෛද්‍ය හා ආගමික හේතූන් මත මත්පැන් පානයෙන් වැළකී සිටින පුද්ගලයන් හට ද මෙම පානය උචිත බව එය නිෂ්පාදනය කරන ස්කොටිෂ් ස්පිරිට්ස් සීමිත සමාගම පවසයි.