Ads 468x60px

.

නාන ඇඳුම ඇඳගෙන රඟපාන්න මගේ අකැමැත්තක් නැහැ - බිපාෂා

 Bipasha Likes To Act With Swimming Kit
බොලිවුඩ් නිළි බිපාෂා බාසු නැවත වරක් නාන ඇඳුම ඇඳගෙන චිත‍්‍රපට දර්ශනයකට පෙනී සිටීමට කැමැත්ත පල කර ඇතැයි වාර්තා වේ.ඇය මෙවර මෙලෙස නාන ඇඳුම ඇඳගත් දර්ශනයක් සඳහා පෙනී සිටින්නේ වසර 5කට පසුවය.බිපාෂා මුල්වරට නාන ඇඳුමකින් සැරසී චිත‍්‍රපට දර්ශනයක රඟපෑවේ 2006 දීය. ඒ, ‘ධූම් - 2’ චිත‍්‍රපටයේය.මේ සම්බන්ධ යෙන් බිපාෂා මෙසේ පවසා තිබිණි.”මම පීනන්න ආස කෙනෙක්. නාන ඇඳුම මට අමුතු දෙයක් නෙමෙයි.  

බියොන්සේ වේදිකාවක පෙනී සිටි එක් විනාඩියක් සඳහා පවුම් 71,040ක්

 Biyonse Claims A 71040 Pound Per Minute
ලොවපුරා කලාකරුවන් අතුරන් වේදිකාවක පෙනී සිටීම වෙනුවෙන් විනාඩියකට වැඩිම ගාස්තුවක් අයකරන තැනැත්තිය සුපිරි ඇමෙරිකානු ගායිකා බියොන්සේ බව විදෙස් වාර්තා සඳහන් කරයි.2010 දී පැවති සාදයකදී ඇය ගීත 5ක් ගායනා කර ඇති බවත්, මේ වෙනුවෙන් වේදිකාවක පෙනී සිටි එක් විනාඩියක් සඳහා ඇය පවුම් 71,040ක් අයකර ඇති බව ෆීමේල් ෆස්ට් නම් වෙබ් අඩවියේ සඳහන් වේ. වේදිකාවක පෙනී සිටීම වෙනුවෙන් විනාඩියකට වැඩිම ගාස්තුවක් අයකරන කළාකරුවන් අතුරින් ම’රායා කැරී, කයිලී මෙනෝග් හා ජෙනිෆර් ලොපේස් පිළිවෙලින් දෙවැනි, තෙවැනි හා සිවුවැනි ස්ථානයේ සිටින බවද එහි සඳහන් වේ.

ප‍්‍රමුඛ පෙලේ රැකියා අවස්ථා ගැන අන්තර්ජාල තොරතුරු ජාලයක්

ශී‍්‍ර ලංකාවේ පිහිටි ප‍්‍රමුඛ පෙලේ සමාගම්වල තිබෙන රැකියා අවස්ථා පිළිබඳව ශිෂ්‍ය ශිෂ්‍යාවන් දැනුවත් කිරීමේ පරමාර්ථයෙන් ශී‍්‍ර ලංකා ජාතික වාණිජ මණ්ඩලය හා ලන්ඩන්හි පිහිටි ශී‍්‍ර ලංකා මහකොමසාරිස් කාර්යාලය එක්ව අන්තර්ජාලගත තොරතුරු ජාලයක් දියත් කරයි. මහ කොමසාරිස් වෛද්‍ය කි‍්‍රස් නෝනිස්ගේ ප‍්‍රධානත්වයෙන් එම කාර්යාලයේදී එහි ආරම්භක අවස්ථාව සිදු කෙරිණ.ශී‍්‍ර ලංකා ජාතික වාණිජ මණ්ඩලයේ සභාපති අසෝක හෙට්ටිගොඩඑම අවස්ථාවට එක්විය.

දැඩි කොන්දේසිවලට යටත්ව වෙබ් අඩවි තහනම ඉවත් කිරීමට සලකා බලයි

තහනමට ලක් තර ඇති අන්තර්ජාල පුවත් අඩවි දැඩි කොන්දේසිවලට යටත්ව යළිත් ක‍්‍රියාත්මක කිරීමට රජයේ අවධානය යොමු ඇත.මාධ්‍ය නිදහස කිසිවිටෙක නැති නොකරන අතර මාධ්‍ය නිදහස මුවාවෙන් විවිධ තරාතිරමේ පුද්ගලයන්ට මඩ ගැසීම මෙන්ම රජයට මඩගැසීම මෙම අන්තර්ජාල වෙබ් අඩවි මඟින් පසුගිය කාලයේ සිදුවීම නිසා මෙම තහනම පැනවූ බවත් රජයේ ප‍්‍රකාශකයෙක් සඳහන් කර සිටී.

වසර 11 කට වරක් එළෙඹෙන සූර්ය ක්‍රියාකාරිත්වයේ සූර්යයාගේ විශාලතම හිරු ලපය පෘතුවිය දෙසට හැරේ…..

සූර්යයාගේ මෙතෙක් නිරීක්ෂනය කර ඇති විශාලතම සූර්ය ලපය මේ වන විට කෙලින්ම පෘතුවිය දෙසට හැරී ඇති බව නිරීක්ෂනය කර තිබේ. ක්‍රියා කාරි ප්‍රදේශ අංක 1339 (Active Region 1339 ) යන නමින් හඳුන්වන ප්‍රදේශය සහ ඊට යාබද සූර්ය ලප පොකුරේ විශ්කම්භය කිලෝ මීටර 100 000 ටත් වඩා වැඩි වන අතර එම එක් තනි සූර්ය ලපයක ප්‍රමාණය පෘතුවියේ ප්‍රමාණයටත් වඩා විශාල වේ.මේ වනවිට; වසර 11 කට වරක් එළෙඹෙන සූර්ය ක්‍රියාකාරිත්වයේ උපරිම අවධියේ පවතින සූර්යයා මධ්‍යම ප්‍රමාණයේ සිට විශාල ප්‍රමාණය දක්වා වූ විවිධ ප්‍රමාණ වල ගිනි සිළු මේ වනවිටත් නිකුත් කර ඇති අතර තවත් එවැනිම හෝ ඊට වඩා ප්‍රභල ගිනි සිළු නිකුත් කිරීමේ හැකියාවෙන් යුක්ත වේ.

‘ලකී - මාලනී’ විවාහය කඩා දැමුවේ ප්‍රසිද්ද සිනමා හා ටෙලි නිලියක්

සිංහල සිනමාවේ නිලි රැජින මාලනී ෆොන්සේකා සහ ලකී ඩයස් අතර විවාහය බිඳ වැටීම සඳහා මූලික හේතුව වී ඇත්තේ ප්‍රසිද්ද සිනමා හා ටෙලි නිලියක් බව වාර්තාවේ.ඇයට පවුල් කැඞීම සඳහා සුවිශේෂි හැකියාවක් තිබෙන අතර, මේ වන විට ඇයව ක්‍ෂෙත‍්‍රයේ කිසිදු නිලියක් තම සැමියාට හෝ පෙම්වතාට හඳුන්වා නොදීමට තරම් පරිස්සම් සහගතය. ඇය අතින් මෙසේ විනාශ වූ තවත් පවුලක් වන්නේ, නිල්මිණී තෙන්නකෝන්ගේ දෙවන විවාහයයි. මෙම ප්‍රසිද්ද සිනමා හා ටෙලි නිලියගේ නොමනා කි‍්‍රයා කලාපය නිසා අද වන විට නිල්මිණී තෙන්නකෝන් තම දරුවා සමග දෙවන සැමියාගෙන් වෙන් වී තනිව වාසය කරනු ලබයි. 

කරුගෙන් ලතාට උපන්දින තෑග්ගක්

හෙළ ගීත කෝකිලාවිය ලතා වල්පොලයන්ගේ 78 වැනි ජන්ම දිනය ඊයේට යෙදී තිබුණි.ලතා 1934 නොවැම්බර් 11 වැනිදා ජන්ම ලාභය ලැබුවාය.ලතා වල්පොල මහත්මිය දැනට පදිංචිව සිටින මාළඹේ, උතුරු තලංගම නිවසට ගිය එජාප නියෝජ්‍ය නායක කරු ජයසූරිය මහතා ලතා වල්පොල මහත්මියට සුභ පැතූ අයුරු සේයාරුවේ දැක්වේ. මෙම අවස්ථාවට වෛද්‍ය වසන්තා ජයසූරිය මහත්මියද එක්වූවාය.ඇය වෙනුවෙන් ප්‍රණාම උළෙලක්‌ 13 වැනිදා සවස මොරටුව කටුබැද්ද ජනකලා කේන්ද්‍රයේදී පැවැත්වීමට කටයුතු යොදා තිබේ.

2018 පොදුරාජ්‍ය ක්‍රීඩා උළෙල - ඕස්ට්‍රේලියාවේ ගෝල්ඩ් කොස්ට්ට ඡන්ද 43යි හම්බන්තොටට ඡන්ද 27යි

2018 පොදුරාජ්‍ය මණ්ඩල ක්‍රීඩා උළෙල පවත්වන රට පිළිබඳව තීරණය කිරීම සම්බන්ධයෙන් පැවති ඡන්ද විමසීමේ ජයග්‍රහණය වැඩි ජන්ද 16 ක් ලබාගනිමින් ඕස්ට්‍රේලියාවේ ගෝල්ඩ් කෝස්ට් නගරයට හිමිවිය.ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා රටවල් 71 ක් සුදුසුකම් ලබා ඇති අතර තරගාවලි‍ය පැවැත්වීමේ අයිතිය හිමිකරගැනිම සඳහා ඡන්ද 36 ක් ලබාගත යුතුව තිබිණි.‍ ඒ අනුව ඡන්ද විමසීමේ දී ගෝල්ඩ් කොස්ට් ඡන්ද 43 ක් ද, හම්බන්තොට ඡන්ද 27 ක් ද ලබා තිබේ.

භාරත ඝාතන සැකකාර 'තත්පර කට්‌ටා' සන්නද්ධ කණ්‌ඩායමක්‌ විසින් පැහැර ගනී

හිටපු මන්ත්‍රී භාරත ලක්‌ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතා ඇතුළු සිව් දෙනකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ තවත් ප්‍රධාන සැකකරුවකු බව කියන වැවේ ප්‍රියන්ත නොහොත් "තත්පර කට්‌ටා" නමැත්තා මින්නේරිය දියබෙදුම නෑහින්න ප්‍රදේශයේ සැඟවී සිටියදී නාඳුනන සන්නද්ධ කණ්‌ඩායමක්‌ විසින් ඊයේ (11 වැනිදා) පැහැර ගෙන ගොස්‌ ඇත.