Ads 468x60px

.

Facebook ගිණුම් වලට ලිංගික ඡායාරූප එක්වෙයි

සමහර ෆේස්බුක් ග්‍රාහකයින්ගේ වෙබ් පිටු තුළට එල්ලවී තිබෙන පරිගණක වෛරසයක් හේතුවෙන් ඔවුන්ගේ වෙබ් පිටුවට ලිංගික ක්‍රියා දැක්වෙන ඡායාරූප (pornographic) ඇතුළු අනවශ්‍ය ඡායාරූප එකතුවී තිබෙන බවට චෝදනා එල්ලවේ.බී.බී.සී. ලෝක සේවය වාර්තා කරන්නේ මේ නිසා මෙම ග්‍රාහකයින් සිය ෆේස්බුක් පිටු අක්‍රීය කර තිබෙන බවයි.මෙම ඡායාරූප ග්‍රාහකයින්ගේ ප්‍රවෘත්ති මූලාශවල පෙණුනු බව සඳහන්ය.මේ පිළිබඳව දැනුවත් වී තිබෙන බවත් ඒ වෙනුවෙන් විමර්ශනයක් ආරම්භ කර තිබෙන බවත් ෆේස්බුක් සමාගම සඳහන් කර ඇත.ෆේස්බුක් පාඨකයින් රැසක් ට්විටර් සමාජ ජාල වෙබ් අඩවියේ බ්ලොග් සටහන් තබමින් පවසා තිබෙන්නේ අළුත් “පෝන් සයිට්“ එකක් සොයාගත් බවත් එය ෆේස්බුක් බවයි.

ඓශ්වර්යාට දියණියක්

සුපිරි බොලිවුඩ් නිළි ඓශ්වර්යා රායි බච්චන් අද පෙරවරුවේ දියණියක බිහි කළාය.  බි.බි.සී. ලෝක සේවය පැවසුවේ, මුම්බායි සෙවන් හිල්ස් රෝහලේදී ඓශ්වර්යා බිහි කළ දියණිය ඉතා සුවයෙන් පසු වන බවයි.
මේ වන විට මාතෘ පදවියට පත් ඓශ්වර්යා රායිට ලොව නන් දෙසින් සුබපැතුම් ගලා එන බව වාර්තා වේ.කෙසේ වෙතත් ඓශ්වර්යා නිවුන් දරුවන් බිහි කිරීමට නියමිත බවට මීට පෙර වාර්තා පළ විය.ඊට අමතරව පසුගිය 2011-11-11 වෙනිදා ඇයගේ දරු ප්‍රසූතිය සිදු වන බවට ද වාර්තා පළ වි තිබුණි.

ශ්‍රී ලංකා රූ රැජනට ශාන්ත කිට්‌ස්‌ රූ රැජන මුණගැසුණු මොහොත..

පොදු රාජ්‍ය මණ්‌ඩලීය ක්‍රීඩා සම්මේලනයේ නිල සමාරම්භක උත්සවය පසුගියදා ශාන්ත කිට්‌ස්‌ දිවයිනේ බ්‍රිම්ස්‌ටෝන් කඳු මුදුනේ පිහිටි බලකොටුවේදී අති උත්කර්ෂවත් ලෙස පැවැත්විණි. ඡායාරූපයෙන් දැක්‌වෙන්නේ මේ අවස්‌ථාවට සහභාගි වූ ශ්‍රී ලංකා රූ රැජන ස්‌ටෙෆ්නි සිරිවර්ධන මෙනවියට ශාන්ත කිට්‌ස්‌ රාජ්‍යයේ රූ රැජන වන ඉයන් ටැවියන් මෙනවිය මුණගැසුණු දුලබ මොහොතයි.

Google Maps සෑම ක්ලික් 1000 කටම ඇමරිකානු ඩොලර් 4ක මුදලක් අය කරයි

ලබන වසරේ ජනවාරි මස සිට ගූගල් සිතියම් බහුලව භාවිත කරන වෙබ් අඩවි වලින් මුදලක් අයකිරීමට ගූගල් සමාගම සූදානම් වේ. යම් වෙබ් අඩවියක් තුලදී දිනකට ගූගල් සිතියම් මත පිවිසුම් 25000ට අධික ප්‍රමාණයක් සිදුවේ නම් එවැනි වෙබ් අඩවි වලින් මෙම මුදල අයකරනු ඇත.සංචාරක ආයතන සහ ඉඩම් වෙළදාමේ යෙදෙන ආයතන ඉලක්ක කරගනිමින් මෙම නව පියවර ගන්නා බව ගූගල් සමාගම ප්‍රකාශ කරයි. තම පාරිභෝගිකයින්ට ඔවුන් කැමැති පිහිටුම් බලා තෝරාගැනීම සඳහා ගූගල් සිතියම් භාවිත කිරීමට සලස්වා දීමට බොහෝ ආයතන පෙළඹී ඇත. සම්පූර්ණයෙන්ම නොමිලයේ ලබාදෙන මෙම සේවාව ඔස්සේ අසීමිත ලෙස වානිජමය කටයුතු සඳහා පෙළඹීම තුලින් සිය සේවාවේ ගුණාත්මකභාවයට සිදුවන හානිය අවම කිරීමට මෙම පියවර ගෙන ඇත.

ඉදිරියේ දී අලුතින් බිහිවන වෙබ් අඩවි ලියාපදිංචිය අනිවාර්යයි ලු

ශී‍්‍ර ලංකාව සම්බන්ධ ප්‍රවෘත්ති පළ කරනු ලබන වෙබ් අඩවි 20ක් ජනමාධ්‍ය හා ප්‍රවෘත්ති අමාත්‍යාංශයේ ලියාපදිංචිය වෙනුවෙන් මේවන විට සිය ඉල්ලුම් පත් යොමු කර ඇති බව එම අමාත්‍යාංශය කියා සිටී.ලියාපදිංචිය සඳහා වූ අයදුම්පත‍්‍රය ජනමාධ්‍ය හා ප‍්‍රවෘත්ති අමාත්‍යංශයේ http://www.media.gov.lk/ වෙබ් අඩවියේ පළකර තිබේ.ශ‍්‍රී ලංකාව තුල ක‍්‍රියාත්මක වෙබ් අඩිවි සහ ඉදිරියේ දී අලුතින් බිහිවන සියලු එවැනි ප්‍රවෘත්ති වෙබ් අඩවි අමාත්‍යාංශයේ ලියාපදිංචිය අනිවාර්යය කර තිබේ.

මම කැමතියි, එයා මගෙන් අහන්න බයයි ! - යුරේනි නොෂිකා

කිඳුරංගනා ටෙලිනාට්‍යයේ සංජුගේ චරිතයට පණ පොවමින් පේ‍‍්‍රක්ෂකයා අතර ජනපි‍‍්‍රයත්වයට පත්වූ යුරේනි නොෂිකාගේ කැමැත්ත ඇති පෙම්වතෙක් ඇයගෙන් විමසන තුරු බලා සිටින බව මාධ්‍යයට පවසා තිබිණි. ඔහු ආදරය අයැදීමට බියෙන් පසුවන බව තමාට හැෙඟන බවද නොෂිකා පවසන්නීය.එසේ බියෙන් පසුවන්නේ මන්දැයි ඇය නොදන්නා බවද සඳහන්කර තිබේ.නොෂිකා මෙසේපවසන්නීය.
මට හිතෙන්නෙත් මගෙන් අහන්න බයයි කැමැත්ත. මන් දන්නෑ ඇයි කියල... මට තමයි අහන්න වෙලා තියෙන්නේ.. ඒ නිසා ඔයගොල්ලෝ මම වෙනුවෙන් ඒක කරන්න..

ඓශ්වර්යාගේ දරු ප්‍රසූතිය නොවැම්බර් 17 ලු දැනට ගැබ් ගැනීම වෙනුවෙන් - කෝටි 150ක්

පුංචි භච්චන් පිලිගන්න දැන් හැම දෙයක්ම ලෑස්තියි. ඒත් ඉතින් එයා එන්නේ එයාට  ඕනි වෙලාවට මිසක් අපිට  ඕන වෙලාවට නොවෙයිනේ. හැමෝම හිතුවේ 2011.11.11 ඓශ්චර්යා දරුවා බිහි කරයි කියලා. නමුත් ඒක එහෙම වුනේ නැහැ. ගිය ඉරිදා සවස තමයි අයිශ්ව රෝහල් ගත කළේ. ඇය වෙනුවෙන් වෙන් කරලා තියෙන්නේ වී.වී.අයි.පී. කාමරයක්. ඒ මදිවට රෝහලේ ආරක්ෂාවත් වැඩි කරලා. අපිට ලැබුණු ආරංචියේ හැටියට නම් අයිශ්ගේ ගැබ් ගැනීම වෙනුවෙන් මේ වන වට කෝටි 150ක් වියදම් කරලා තියෙනවා.

විනාඩි 15ක් රී - චාර්ජ් කිරීමෙන් සතියක ආරෝපන කාලයක බැටරියක්


ජංගම දුරකථන සහ ලැප්ටොප් සඳහා භාවිත කරනු ලබන බැටරි කෙටි කාලයකින් රී- චාර්ජ් කළ හැකි තාක්ෂණයක් අමෙරිකානු විද්‍යාඥයින් පිරිසක් විසින් හඳුනා ගනු ලැබ තිබේ.ඔවුන් පවසන්නේ, නව බැටරිය වසර 5ක පමණ කාලයකින් වෙළඳපොළට හඳුන්වා දිය හැකි බවයි.නව තාක්ෂණය උපයෝගී කර ගිනිමින් නිපදවනු ලබන ජංගම දුරකථන බැටරියක් විනාඩි 15ක් රී - චාර්ජ් කිරීමෙන් සතියක ආරෝපන කාලයක් ලබාගත හැකි වනු ඇති.

අඟහරු ග්‍රහයා මත දුම්රිය ස්‌ථානයක්‌

අඟහරු ග්‍රහයා මත දුම්රිය ස්‌ථානයක්‌, දුම්රිය පාරක්‌ සහ දුම්රිය මැදිරියක්‌ තිබෙන බව ඇසුවොත් ඔබ මවිතයට පත්වනු ඇත. එහෙත් ජෝශප් ස්‌නිපර් නමැති අභ්‍යවකාශ ගවේශකයා අඟහරු ග්‍රහයාගේ ඡායාරූප විමර්ශනය කිරීමෙන් මෙතෙක්‌ හෙළි නොවූ රහස්‌ හෙළි කර තිබේ. ස්‌නිපර්ගේ මේ තොරතුරු ගැන රුසියානු අභ්‍යවකාශ විශේෂඥයන් එකඟ වී ඇත. අඟහරු ග්‍රහයා මතුපිට ඇති විශාල ආවාටය අසල විවිධ ඉදිකිරීම් ද ක්‍රියාත්මක වී ඇතැයි ජෝශප් ස්‌නිපර් කියා සිටී. මේ රහස්‌ තොරතුරු හෙළිවීමත් සමග ඇමරිකානු නාසා ආයතනය "නිව් රෝවර්" යානාව එකී ආවාටය අසලට ගොඩබැස්‌සවීමට සැලසුම් කර තිබේ.