Ads 468x60px

.

එක එක්කෙනාගෙන් එක එක යෝජනා ලෑබෙනවා - සඳනි සුලක්‌ඛනා.

වයස අවුරුදු 11 දී කීර්ති බණ්‌ඩාරගේ සුදු පරවියෝ ටෙලි නාට්‍යයෙන් රඟපෑමට පැමිණි ඇය රංගන ශිල්පිනියක්‌ ලෙස ක්‍ෂේත්‍රයේ දිග ගමනක්‌ යන්න උත්සාහ කරන යුවතියක්‌. ටෙලි නාට්‍ය රංගනයට පය තැබූ ඇය වයසින් එතරම් මුහුකුරා නොගියත් පසුගිය දිනවල සිනමාවටද එක්‌වුණා කියලා අපට දැනගන්න ලැබුණා. ඇය නමින් සඳනි සුලක්‌ඛනා. මේ දිනවල සඳනි මොනවද කරන්නේ...? නිමල් රත්නායකගේ මලී ටෙලි නාට්‍යයේ රූගත කිරීම් වලට සහභාගි වෙනවා. ඒ වගේම චන්දන ධර්මප්‍රියගේ සපුමලී ටෙලිනාට්‍යයේ සහ නාලන් මෙන්ඩිස්‌ගේ ඉසුරු සංග්‍රාමය ටෙලිනාට්‍යයේද රූගත කිරීම්වලට දායක වෙලයි ඉන්නේ. තවම මම උසස්‌ පෙළ හදාරන වයසෙ සිටින තරුණියක්‌.

Google+ හා Face Book වෙනුවට Microsoft වෙතින් "Socl.com" නමින් සමාජ ජාලාවක්

මයික්‍රසොෆ්ට් ආයතනය විසින් සමාජ ජාලාවක් හදුන්වා දෙන්නට යන බවට තොරතුරු වාර්ති වේ. හෙලිවී ඇති කරුනු වලට අනූව Socl.com  නමින් මෙම අඩවිය නම්වනු ඇති බවත් ෆේස්බුක් හා ‍ටුවිටර් ඔස්සේත් තම ගිනුමට ඇතුලු වන්නට හැකිවනු ඇති බවත් පැවසේ. දැනට තොරා ගත් පිරිසක් අතරේ මෙම අඩවිය අත්හදා බැලෙමින් පවතී.මෙම අඩවිය බොහො  දුරට google+ හා සමාන වනු ඇති අතර google+ වල ඇති බොහෝ උපාංග හා සමාන උපාංගවලින් සමන් විත වනු ඇතැයිද කියැවේ.

සිසුවියන්ගේ ඇඳුම් ඉවත් කොට ලිංගික හිංසා පීඩා කරමින් නවක වදය දෙයි

පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ කලා පීඨයේ පළමු වසරේ සිසුවියන් දස දෙනෙකු අඩනිරුවත් කොට නවක වදය ලබා දුන්නේ යයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් සැක පිට එහි දෙවැනි වසරේ සිසුවියන් තිදෙනෙකුගේ පන්ති තහනම් කිරීමට විශ්ව විද්‍යාල බලධාරීන් තීරණය කොට ඇත.විශ්ව විද්‍යාල වැසිකිළියක් තුලදී අදිල ජ්‍යෙෂ්ඨ සිසුවියන් තිදෙනා නවක සිසුවියන් දස දෙනෙකුගේ ඇඳුම් ඉවත් කොට ලිංගික හිංසා පීඩා කරමින් නවක වදය ලබා දී ඇතැයි සඳහන් වේ.මෙලෙස සිසුවියන් නවක වදයට ලක් කරනු විශ්ව විද්‍යාල පාලකවරයාට හසුවී ඇති අතර ඊට අදාල විනය ක‍්‍රියාමාර්ග ගෙන තිබේ. ඒ අනුව එම සිසුවියන් තිදෙනාට සති පහක පන්ති තහනමක් පැනවීමට තීරණය කර ඇත.

මෙරට සංගීත ක්‍ෂේත‍‍්‍රයේ ප‍්‍රබුද්ධයෝ යැයි කියන අය මට කිසිම තැනක් දීල නෑ - ඉරාජ්

මෙරට සංගීත ක්‍ෂේත‍‍්‍රයේ සිටින ප‍‍්‍රබුද්ධ යැයි සඳහන් කරන කිසිදු අයෙකු තමාට තැනක් දී නැතැයි නව පරපුරේ සංගීතකරුවෙකු වන ඉරාජ් වීර රත්න කියයි.ඇමරිකාවේ පැවැතිි හොලිවුඞ් මියුසික් ඉන් මීඩියා එවෝඞ්ස්’ නැමැති සම්මාන උළෙලට ඉරාජ්ගේ නිර්මාණයක් තෝරා ගැනී මෙන් පසුව සතිඅන්ත පුවත්පතක ටැබ්ලොයිඞ් අතිරේකයකට සම්මුඛ සාකච්ඡාවක් ලබාදෙමින් ඔහු මේ බව පවසා තිබිණි.මෙම සම් මාන උළෙල පසුගිය 17 වැනිදා  ඇමරිකාවේදී පැවැතිනි.හොලිවුඞ් මියුසික් ඉන් මීඩියා එවෝඞ්ස් කියන සම්මාන උළෙලයි. මෙහිදී සම්මාන දෙන්නේ චිත‍‍්‍රපට, පරිගණක කී‍‍්‍රඩා සඳහා සංගීත නිර්මාණ කරන, චිත‍‍්‍රපට තේමා සඳහා සංගීත නිර්මාණය කරන සහ ඊට අමතරව ඕනෑම සංගීත අංශයක් සඳහා අයදුම් කළ හැකි අංශයක් තිබෙනවා. මම අයදුම් කළේ ඒ අංශයටයි. එහිදී ගීත 4ක් ඉදිරිපත් කළා. ඒ ගීත 4න් 3ක් මෙම අංශයේ සම්මාන ප‍‍්‍රදානයට නිර්දේශ වී තිබෙනවා.

වයින්හවුස් හොල්මනක් වෙලාලු

පසුගිය ජූලි මාසයේදී මියගිය ප‍්‍රසිද්ධ ගායිකා ඒමි වයින්හවුස්ගේ හොල්මන ලන්ඩනයේ පිහිටි සිය නිවසේ සිටින බව එංගලන්ත සංගීතඥ පීටර් ඩොහර්ටි පවසන්නේ යැයි සන් පුවත්පත වාර්තා කරයි. වයින්හවුස් ගේ මරණයෙන් පසුව ඇයව කිහිපවරක් දුටු බවත් තවදුරටත් සිය ලන්ඩන් නිවසේ සිටීමට නොහැකි බවත් 32 හැවිරිදි පීටර් සිය මිතුරන් හට පවසා ඇතැයි එහි සඳහන් වේ.මෙම සිද්ධියෙන් බියට පත්වූ පීටර් මේ වන විට ප‍්‍රංශයට ගොස් ඇතැයිවාර්තා වේ.වයින්හවුස් මෙන්ම මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වූ ගායකයෙකු වන පීටර් හට වයින්හවුස් පෙනී ඇත්තේ මත්ද්‍රව්‍ය ගත් අවස්ථාවකදී බව බොහෝ පුද්ගලයන් පැවසුවද, එසේ නොවන බව පීටර් පවසයි.

බ‍්‍රහස්පති ග‍්‍රහයාගේ චන්ද්‍රයෙක් වන යුරෝපාගේ අයිස් යටින් වැව්

බ‍්‍රහස්පති ග‍්‍රහයාගේ චන්ද්‍රයෙක් වන යුරෝපාගේ් අයිස් වලින් වැසුනු මතුපිටට යටින් වැව් ඇතැයි විද්‍යාඥයින් පවසන බව විදෙස් වාර්තා සඳහන් කරයි. යුරෝපා පෘෂ්ඨයෙන් කි.මී. 3ක් ගැඹුරින් ඇතැයි විද්‍යාඥයින් අනුමාන කරයි.මේ ආකාරයෙන් යුරෝපා මත තිබෙන ජලය හේතුවෙන් එහි ජිවීන් සිටීමේ  හැකියාවක් ඇතැයිපැවසේ.මීට අමතරව, යුරෝපා පෘෂ්ඨයෙන් කි.මී. 10-30ක් ගැඹුරින් විශාල සාගරයක් ඇතැයි විද්‍යාඳයින් විහ්වාස කරයි.බ‍්‍රහස්පතිආසන්නයෙන්ම පිහිටි චන්ද්‍රයන් අතුරින් සයවැනි ස්ථානයේ පසුවන යුරෝපා, ගැලීලියෝ ගැලිලි විසින් සොයාගන්නා ලදී.

අපි මාධ්‍යත් සමඟ එකතු වෙලා සටන් කළේ මේ ප්‍රතිඵලය ලබා ගන්නයි - හිරුණිකා


සිය පියාගේ ඝාතනය සම්බන්ධයෙන් දුමින්ද සිල්වා අත්අඩංගුවට ගන්නැයි, අධිකරණය කළ නියෝගය සම්බන්ධයෙන් තමන් ඉතා සතුටු වන බව හිරුණිකා ප්‍රේමචන්ද්‍ර පැවසූවාය.ඇය ඒ බව පැවසුවේ, විදේශ ගතව සිට යළි ඊයේ දිවයිනට පැමිණි අවස්ථාවේදීය."මාස එකහමාරක් තිස්සේ අපි මාධ්‍යත් සමඟ එකතු වෙලා සටන් කළේ මෙන්න මේ ප්‍රතිඵලය ලබා ගන්න රජයෙන් හෝ ආයතනවලින් වෙච්ච නැති දෙයක් ඉකුත් 15 වැනිදා අධිකරණයෙන් ඉටු වුණා. ඒක ඉතිහාසයේ නොමැකෙන සළකුණක් මට ඉතාමත් සතුටුයි.