Ads 468x60px

.

අපේ ඇමතිට හරියන අපේම ප‍්‍රයිම් ටයිම්

ලංකාවේ ජනපි‍්‍රය ටෙලි නිලියන් නිතර දෙවේලේ කෙටි දුරකතන පණිවුඩ, නැත්නම් ‘ටෙක්ස්ට්’ මගින් සැපදුක සොයා බලන 60 පැනපු ඇමතිවරයෙක් පිළිබඳව වාර්තාවේ. ටෙලි නිලියන් තරගයට මෙන් ඔහුගේ ජංගම දුර කථනයට ‘ටෙක්ස්ට්’ එවනු ලබයි. හැම වෙලාවෙම ඔහුගේ දුරකතනය කීක්... කීක්...’ ගාපු ගමන්ය. සද්දය ඇසුනු විගස මොන වැඩ තිබ්බත් ඇමතිවරයා, ‘ඒ ගමන කවුද දන්නෑ’ කියමින් සිනහ වී දුරකතනය ගෙන ‘ටෙක්ස්ට්’ එක කියවනු ලබයි.

පිටසක්වල ජීවියකුගේ මළසිරුරක් ශීතකරණයක

පිටසක්වල ජීවියකුගේ මළසිරුරක් දෙවසරක් පුරාවට සිය නිවසේ ශීතකරණයක තබාගෙන සිටි කාන්තාවක් පිලිබඳව රුසියාවෙන් වාර්තා වේ.බටහිර රුසියාවේ පෙට්රොසාවොඞ්ස්ක් නගරයේ වෙසෙන මාර්තා යෙගොරොව්නම් නැමැති මෙම කාන්තාව පවසන්නේ 2009දී මෙම ජීවියා සොයාගත් බවයි.ජීවියා රැගත් යානාව තම නිවස සමීපයේ වනාන්තරයට කඩා වැටුණ බවත් සුන්බුන් අතර සිටි මෙම ජීවියා සොයාගත් බවද ඇය වැඩිදුරටත් පවසා ඇත.

ඇමෙරිකානු ඉංජිනේරුවන් පිරිසක් ලොව බර අඩුම ද්‍ර‍්‍රව්‍යය සොයාගනියි

ලොව බර අඩුම ද්‍ර‍්‍රව්‍යය සොයාගත් බව ඇමෙරිකානු ඉංජිනේරුවන් පිරිසක් පවසා ඇත. මෙම ද්‍රව්‍යය ස්ටයිරෆෝම් වලට වඩා සිය ගුණයක් බරින් අඩු බවත් ශක්තිය උරාගැනීමේ විශේෂ හැකියාවක් ඇතිබවත් ඔවුන් පවසයි.ලැටිස් ආකාරයකට තැබූ කුඩා ලෝහ බට වලින් සැදුම්ලත් මෙම ද්‍රව්‍යයේ ඝනත්වය, ඝන සෙන්ටිමීටරයකට මිලිග‍්‍රෑම් 0.9ක්වන බව විදෙස් වාර්තා සඳහන් කරයි.මේ දක්වා ලොව බර අඩුම ඝනද්‍රව්‍යය ලෙස සැලකුණු එරෝජෙල් වල ඝනත්වයද ඝන සෙන්ටිමීටරයකට මිලිග‍්‍රෑම් 1.0කි.

භච්චන් දියණියට නමක් තැබීමට රසික රසිකාවියන්ට අවස්ථාවක්

බොලිවුඩ් හි සුපිරි නළු නිළි යුවලක් වන ඓයිශ්වර්යා රායි හා අභිෂේක් භච්චන් ගේ කුළුඳුල් දියණියට නමක් තැබීමට ඇගේ දෙමාපියන්ගේ රසික රසිකාවියන්ට අවස්ථාව ලැබෙනු ඇති බව වාර්තා වේ.රසික රසිකාවියන්ගේ දහස්ගණනක් සුභපැතුම් සඳහා සිය ට්විටර් සමාජ ජාලය හරහා ස්තූති කරමින් අභිෂේක් ඉල්ලා ඇත්තේ සිය දියණියට තැබීම සඳහා සුදුසු නම් එවන ලෙසයි.’අ’ අකුරින් නම් එවන මෙන් ඔහු සඳහන් කර ඇත.

ශලනි තාරකාගේ 21 වැනි උපන්දිනය

 
ශලනි තාරකාගේ 21 වැනි උපන්දින සාදය පසුගිය 18 වෙනිදා ජයට කලා කරුවන් ‍රැසකගේ ප්‍රධානත්වයෙන් පැවත්වුනා. ඇගේ උපන්දින සාදය සමගම ඇයගේ වෙබ් අඩවියක්ද විවෘර්ත කෙරුනා (www.shalanitharaka.com). එහි පිංතූර කිපයක් අප වෙත ලැබි තිබෙනවා.ඒවා පහතින් නරබන්න.

නිලියක් එංගලන්තයේ නාට්‍යකට නළු නිළියන් රැගෙන යන මුවාවෙන් ලක්‍ෂ 50කට විදලා

ප‍්‍රවීණ චිත‍්‍රපට නිළියක්, තරුණයන් 30කට ආසන්න සංඛ්‍යාවකට එංගලන්තයේ රැකියා ලබාදෙන බවට පොරොන්දු වී රුපියල් ලක්‍ෂ 50ක පමණ මුදලක් වංචා කර සැඟවී සිටින බවට පොලීසියට පැමිණිලි ලැබී ඇත.මීගමුව, කටුවපිටිය ප‍්‍රදේශයේ ව්‍යාජ රැකියා නියෝජිත ආයතනයක් පවත්වාගෙන යමින් දිවයිනේ නොයෙක් ප‍්‍රදේශවල තරුණයන් රවටා රුපියල් ලක්‍ෂයේ සිට ලක්‍ෂ 10 දක්වා මුදලක් එක් අයෙකුගෙන් ලබාගෙන ඇති බවට පොලීසියට ලැබී ඇති පැමිණිළි වල දැක්වේ.එංගලන්තයේ රූගත කරන ටෙලි නාට්‍යකට නළු නිළියන් රැගෙන යන මුවාවෙන් තානාපති කාර්යාලවලට ව්‍යාජ තොරතුරු ලබා දෙමින් එම තරුණයන් එංගලන්තයට

2008 වසරේ ලංකා රූ රැජින ලෙස කිරුළ හිමිකර ගත් ෆේත් ලෑන්ඩර්ස් යුගදිවියට

2008 වසරේ ශ්‍රී ලංකා රූ රැජින ලෙස කිරුළ හිමිකර ගත්තේ ඇයයි. රූපවාහිනී වෙළඳ දැන්වීම් නිරූපණය සඳහාද ඉන්පසු දායක වූ ඒ සුරූපිනිය ෆේත් ලෑන්ඩර්ස්ය. ශ්‍රී ලංකාවේ ගුවන් සේවයේ රැකියාවේ නියුතු ෆේත් පසුගියදා යුගදිවියට පිවිසියාය. ඇගේ අතගනු ලැබුවේ ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ගුවන් නියමුවෙකු වන ගයාන්ය. ෆේත්ගේ හැඩකාර අලූත් ජීවිතයේ තොරතුරු සඳහන් වන්නේ මෙලෙසිනි. 

අලූත් ජීවිතය සුන්දරයි. ගයාන් ගුවන් නියමුවරයෙක්. ශ්‍රී ලංකන් ගුවන් සේවා ක්‍ෂේත‍්‍රයට සම්බන්ධව දෙදෙනාම කටයුතු කිරීම නිසා සතුටුයි.අපි දෙන්නම ශ්‍රී ලංකන් ගුවන් සේවයට එක් වී වසර හත අටක් වෙනවා. එහිදී දැන හඳුනාගත් අවබෝධය අන්තිමට කෙළවර වුණේ විවාහයෙන්.


සියලුම ජායාරූප බලන්න මෙතන ක්ලික් කරන්න.

කෙටි පණිවිඩයක් යැවීමෙන් ඔබට අවශ්‍ය තේ වර්ගය ලගදීම

එස්.එම්.එස්. පණිවිඩයක් යැවීමෙන් අනතුරුවඅනුව තේ නිපදවන යන්ත‍්‍ර ළඟදීම කොළඔ ප‍්‍රසිද්ධ ස්ථාන කිහිපයකම සවිකිරීමට නියමිත බව වාර්තා වේ.ටීලක් සන්නාම නාමය යටතේ නම් කර ඇති මෙම යන්ත‍්‍රය නිෂ්පාදනය කිරීමට ශ‍්‍රී ලංකාවේ ව්‍යවසායකයෙකු පසුගියදා සමත් විය.
මෙම යන්ත‍්‍ර ළඟදීම කොළඔ ප‍්‍රසිද්ධ ස්ථාන කිහිපයකම සවිකිරීමට නියමිත බව පවසන නී-සේ ජාත්‍යන්තර සමාගමේ සභාපති ජී.එල්. තිලකරත්න මහතා මාධ්‍ය වෙත පැවසා ඇත්තේ මෙම යන්ත‍්‍රයට තවත් උපාංග එක්කිරීමෙ ඉදිරියේදී කටයුතු කරන බවයි.ලබාදී ඇති අංකයක් වෙත මොබිටෙල් ජංගම දුරකතනයක් මගින් කෙටි පණිවිඩයක් යැවීමෙන් අනතුරුව තමාට අවශ්‍ය තේ වර්ගය ඇනවුම් කිරීමට පාරිභෝගිකයාට මෙමගින් අවස්ථාව ලැබේ.

නෙහාරාගේ වැඩි ඇගෑලුම් බව මේනකට හරහට හිටී

අලුයට ගිනි පුපුරු මෙන් විටින් විට ඇවිලෙමින් නිවෙමින් තිබූ මේනක රාජපක්‍ෂ හා ඔහුගේ බිරිය විරංගි අතර ගැටුම් පසුගිය දිනක පොලිස් පොත දක්වාම දුරදිග ගොස් ඇතැයි වාර්තා වේ.එම දුර දිගයාම දික් කසාදයක් දක්වා නොගියද එය දුක් කසාදයක් බවට පත්ව අතැයි සතිඅන්ත පුවත්පතක ටැබ්ලොයිඩ් අතිරේකයක් හෙලිකර තිබේ.මෙම ගැටුම්වලට ජනපි‍්‍රය නිළි නෙහාරා පීරිස් හා මේනක අතර තිබෙන වැඩි ඇගෑලුම්බව හේතුවී ඇතැයික්ෂේත‍්‍ර ආරංචි මාර්ගවලින් වාර්තා වේ. කෙසේවුවද මේනක හා විරංගි විවාහවූයේ තෙවසරක පේ‍්‍රමසම්බන්ධයකින් පසුව බවත් පැවසේ.මේ වනවිට මේනකට හා විරංගිට දියණියක්සිටියි.

කොටන කුකුළාට කොයි කොටුවත් එකයි - මර්වින්

ජනාධිපතිවරයා ඇතුළු වැදගත් පුද්ගලයින්ට අපහාස කරන මාධ්‍යවේදීන්ගේ ලිපිනයන් තමා සොයමින් සිටින බවත්, එවැනි පුද්ගලයින් ඉක්මනින්ම 'පෙට්ටියක්' සුදානම්කර තබා ගන්නා ලෙසත් මහජන සම්බන්ධතා ඇමැති මර්වින් සිල්වා මහතා දැනුම්දීමක් කර සිටියි.ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන්ගේ සංගමයේ නව සභාපති පදවිය බාර ගැනීම සඳහා ඊයේ (20) කටුනායකට ගිය අවස්ථාවේදී ඇමතිවරයා එම අනතුරු හැගවීම කළේය.එහිදී ඔහු වැඩිදුරටත් මෙසේද පැවසිය. '' අද මාධ්‍යකාරයන් කියලා හොරුන් ටිකක් ඉන්නවා. වැදගත් පුද්ගලයින්ට අපහාස කරන පාහරයන් ටිකක් ඉන්නවා. මම උන්ගේ ඇඞ්රස් හොයා හොයා ඉන්නේ. ඒ නිසා උන්ට කියන්නේ දැන්ම පෙට්ටියක් බුක් කරගන්න කියලයි.භාරත - දුමින්ද ප‍්‍රශ්නයේ දී රාජපක්‍ෂ පරපුරට නොයෙකුත් දේ කියනවා.  වෙන එවුන්  කරන වැරැදිවලට රාජපක්‍ෂ පවුල පලිද?