Ads 468x60px

.

සිරස ප්‍රවුර්ති මැදිරියේ සියුම් වෙනස

වෙසක් උත්සවය වෙනුවෙන් මැදිරියේ කිසිදු විශේෂත්වයක් කර නොමැත . එහෙත් නත්තල් සමයේ බලන්න. සැරසිලි වලින් අලංකාර කර ඇත. සිරස මේ වෙනස තුලින් ඉතා සියුම් අන්දමින් රටේ ජන මනසට ලබා දෙන පණිවිඩය කුමක්ද ? වෙසක් යනු මෙරටට කිසිදු විශේෂත්වයක් නැති දෙයක්බවත් නත්තල් යනු මෙරටට විශේෂත්වයක් ඇති දෙයක් බවත් නොවේද ? බහුතර බෞද්ධයන් වෙසෙන රටකට මේ දෙබිඩි පිළිවෙත ගැලපේද .?




නීතිඥවරියකගේ සිරුර රූගත කළ පුද්ගලයෙකුට වැඩ වරදී.

නිතීඥවරියකගේ ශරීරයේ විවිධ ස්ථාන ජංගම දුරකතනයකින් ඡායාරූප ගත කළ පුද්ගලයෙකු මේ මස 30 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අනුරාධපුර ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් දර්ශිකා විමලසිරි අද නියෝග කළා.  අනුරාධපුරයේ සිට කැකිරාව  බලා බස් රථයකින් ගමන් කරමින් සිටියදී මෙම නීතිඥවරියගේ ඡායාරූප ගත් බවයි ඔහුට එරෙහිව චෝදනා එල්ල වී තිබුණේ. මෙලෙස රක්ෂිත බන්ධනාගාරගත කෙරුණේ තිරප්පනේ පන්සල පාර ප‍්‍රදේශයේ පුද්ගලයෙකුටයි.

භෂ්මාවශේෂ වලින් පබළු වර්ගයක්

මේ දින වල දකුණු කොරියාවේ වෙනස්ම ආකාරයේ ප‍්‍රවණතාවයක් පවතින බව වාර්තා වේ.ඒ, මියගිය පුද්ගලයන්ගේ භෂ්මාවශේෂ වලින් පබළු සෑදීමයි.දස වසරකට පෙර, කොන්ෆියුසියස් ආගමික විශ්වාස වලට අනුව මියගිය පුද්ගලන් වැළලීම දකුණු කොරියාවේ සාමාන්‍ය සිරිත විය.කෙසේ වුවද, කාලයත් සමග මතමතාන්තර වෙනස්වීමත් හා සොහොන් සඳහා ඇති ඉඩ සිමා වීමත් සමග මියගිය පුද්ගලයන් ආදාහනය කිරීමට දකුණු කොරියානු ජාතිකයන් වැඩිදෙනෙකු පෙළඹී ඇත.මේ සමග, භෂ්මාවශේෂ වලින් පබළු සෑදීම වැනි ව්‍යාපාර බිහිවී ඇත.

සිරිධම්ම හිමිට විරුද්ධව සමලිංගියක ප්‍රශ්නත් තියෙනවලු

පිටිදූවේ සිරිධම්ම හිමියන් පිළිබඳ ලිපි මාලාවක් අප ඔබ වෙත ගෙන ආවා. මෙම කතාවේ අලුත්ම තත්ත්වය අනුව උන්වහන්සේ භික්ෂු භාවයෙන් නෙරපීමට යන බවයි වාර්තා වෙන්නේ. මේ පිළිබඳව පසුගිය ඉරිදා ලක්බිම, රිවිර හා ලංකාදීප යන පුවත්පත් තුනේම ලිපි පලවී තිබුනා.උන්වහන්සේගේ විනය විරෝධී ක්‍රියා පිළිබඳ පසුගියදා පුවත්පත් සාකච්ජාවක් පැවැත්වූ අතර එහිදී කෝට්ටේ නාග විහාරාධි පති මාදුළුවාවේ සෝභිත හිමියන් විසින් පිටිදූවේ හිමියන්ගේ ක්‍රියා කලාපය දැඩි දෝෂ දර්ශනයට ලක් කලා.ශාසනයෙන් නෙරපීම අවසාන අරමුනයි.මල්වතු මහනායක හිමියන් දැනුවත් කිරීමට යයි.

ජෝතිෂ්‍යවේදීන්ගේ උපදෙස් අනුව පබෝදා විවාහය ලබන ජූලි මාසයට පෙර

ජනපි‍‍්‍රය සිනමා, ටෙලි නාට්‍ය නිළියක් හා හඬකැවීම් ශිල්පිනියක් වන රශී පබෝදා සංදීපනී විවාහව වීමට සුදානමින් සිටින්නේ ගරාජ් හිමිකරුවෙක් සමග බව වෙත වාර්තා වේ.පබෝදාට සහකරුවෙකු සොයා ගැනීමට ඇගේ මව වන ගීතා කාන්ති ජයකොඩි විසින් සතිඅන්ත පුවත්පතක පලකළ මංගල දැන්වීමට අනුව මේ විවාහය තීන්දුවී ඇතැයිපැවසේ.ගරාජ් හිමිකරු හා පබෝදා ලබන වසරේදී ජූලි මාසයට පෙර විවාහවීමට තීරණය කර අතැ බවද මේ අතර වාර්තා වේ.ගීතාට සිය දියණිය ලබන ජූලි මාසයට පෙර විවාහ කර දෙන ලෙස ජෝතිෂ්‍යවේදීන් විසින් ලබාදී ඇති උපදෙසක් අනුව මේ තීන්දුව ගෙන ඇති බවද පැවසේ.පබෝදා, මේ වසරේදී සිය රංගන දිවියට වසර 25 ක් සම්පූර්ණ කළාය.ඉකුත් රයිගම් ටෙලීස් සම්මාන උළෙලේදී පබෝධා දක්ෂතම නිළිය ලෙස ද සම්මානයට පාත‍‍්‍ර වූවාය.

2012 අය වැය ලේඛනය සහ ගුටි බැට,වතුර බෝතල් හුවමාරුව

දෙවැනි ධුර කාලයේ දෙවැනි අයවැය ලේඛනය ජනාධිපතිවරයා විසින් අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. මෙය මහින්ද රාජපක්‍ෂ රජයේ හත්වැනි අයවැය ලේඛනයයි. 2012 වසර සඳහා ඉදිරිපත් කරනු ලබන මෙම අයවැය විසර්ජන පනතට අනුව ලබන වසරට සමස්‌ත වියදම රුපියල් බිලියන 1,284 කි. හෙට සිට 30 දා දක්‌වා දින හතක්‌ අයවැය දෙවැනි වර කියෑවීමේ විවාදය පවත්වා ඡන්ද විමසීම පැවැත්වෙන අතර අනතුරුව දෙසැම්බර් 01 දා සිට 21 වැනිදා දක්‌වා අයවැය විසර්ජන පනත තුන්වන වර කියෑවීම විවාදය දිනපතා පැවැත්වේ.