Ads 468x60px

.

තමාට එස්.එම්.එස් මනාප එවූ තරුණයාට සුරේන්ද්‍රගෙන් ගුටි

සිරස සුපර් ස්ටාර් දෙවන අදියරත් සමගින් ජනප්‍රියත්වයට පත්වූ තරුණ ගායක සුරේන්ද්‍ර පෙරේරා ගිනිඅවි ළඟ තබාගැනීමේ චෝදනාව මත ලබන 27 වනදාට පෙර දඹුල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත්කරන ලෙස දඹුල්ල මහේස්ත්‍රාත්වරයා විසින් නියෝගකොට ඇත.ඒ දඹුල්ල හෝටලයකදී සිදුවූ ගැටුමකදී වෙඩි තැබීමට උත්සාහ කිරීමේ ඇතිවූ සිද්ධියක් මතයි. වාර්තා වන පරිදි සිද්ධිය මෙසේය. සුරේන්ද්‍ර පෙරේරා සහ ඔහුගේ යහළුවන් ඇතුළු පවුලේ උදවිය 12 දෙනෙකු පමණ පසුගියදා සිගිරිය බැලීමට විනෝද චාරිකාවක් ගොස් ඇති අතර රාත්‍රී කාලයේ දඹුල්ලේ හෝටලයක් ඉදිරිපිට වාහනය නවත්වා හෝටල් හිමිකරුගෙන් හෝටලයේ මත්පැන් පානය කිරීමට අවසර ඉල්ලා ඇත.

ඓශ් ප්‍රසූතියට ‍ගිය රෝහලේ වර්ජනයක්


සුපිරි බොලිවුඩ් නිළි ඓශ්වර්යා රායි බච්චන්ගේ කුළුදුල් දරු ප්‍රසූතියට සමගාමීව ඇය නේවාසිකව සිටින මුම්බායි සෙවන් හිල්ස් රෝහලේ හෙද කාර්ය මණ්ඩලය වැටුප් ඉහළ නංවා  ගැනීමේ උත්සහයක නිරතව සිටී.
ඉන්දීය වාර්තා පවසන්නේ, ආරම්භයක් වශයෙන් පෙරේදා රෝහලේ හෙද කාර්ය මණ්ඩලය පැය 3ක සංකේත වර්ජනයක නිරත වු බවයි.
තම ‍රෝහල වෙත සියලුදෙනාගේම අවධානය යොමුව ඇති අවස්ථාවේ පැවති වර්ජනය හේතුවෙන්සේවක වැටුප් 15%කින් ඉහළ නැංවීමට පරිපාලනය වාචිකව එකඟ වී ඇතැයි, එම වාර්තාවල සඳහන් වේ.

ගිරවකුගේ හැඩයෙන් යුත් අරුම පුදුම බතල අලයක්

ගිරවකුගේ හැඩයෙන් යුත් අරුම පුදුම බතල අලයක් පසුගියදා කුරුණෑගල ප්‍රදේශයෙන් හමු විය. කුරුණෑගල යග්ගපිටියේ පදිංචි ආනන්ද ප්‍රේමලාල් මහතාගේ ගෙවත්තේ පිහිටි බතල වගාවෙන් මේ අරුම පුදුම ගිරා බතල අලය හමු වී ඇත. ආනන්ද ප්‍රේමලාල් මහතාගේ නිවුන් දරුවන් දෙදෙනා ගිරා බතල අලය සමඟ ඡායාරූපයට මුහුණ දුන් අයුරු.

ජැකලින්ගේ ආශාව සජිඞ් ඛාන්ට පමණක්ම නොවන බව එළිවෙයි

ජනපි‍්‍රය බොලිවුඞ් නිළි ජැකලින් ෆර්නැන්ඩස් ගේ සිත ගොස් ඇත්තේ බොලිවුඞ් අධ්‍යක්‍ෂ සජිඞ් ඛාන්පමණක්නොවන බව වාර්තා වේ. ඉන්දීය මාධ්‍ය වාර්තා කරන අන්දමට ඇය විවිධ බලයන් සතු ගල් කි‍්‍රස්ටල් වලට ද දැඩි ඇල්මක් දක්වයි.එක් එක් ගල් වර්ගවලට ආවේනික වූ සුව කිරීමේ ගුණ ඇතුලූ ගුණාංග ඇති බවත්, ඒවා හේතුවෙන් පුද්ගල යන්ට ඇති වන බලපෑම පිළිබඳව ජැකලින් විශ්වාස කරන බවත් එහි සඳහන් වේ.දිනපතා ජීවිතයේ මුහුණදීමට තිබෙන බාධක කම්කටොලූ මැඩ ඉදිරියට යාමට අවශ්‍ය ශක්තිය හා උනන්දුව මෙම ගල් වලින් ලැබෙන්නේ යැයි  ජැකලින් විශ්වාස කරන බව ඇයට සමීප ආරංචිමාර්ග සඳහන්කරන බවඉන්දීය මාධ්‍ය කියා සිටියි.