Ads 468x60px

.

දකුණට බල පෑ සුළගින් 10ක් මරුට


දිවයිනේ දකුණු දිග ප්‍ර‍දේශවලට අද පෙරවරුවේ බලපෑ තද සුළං තත්ත්වය හේතුවෙන් පුද්ගලයින් 10 දෙනෙකු මියගොස් තිබේ.ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසන්නේ, සුළඟින් නිවාස දහසකට අධික සංඛ්‍යාවක් හානියට පත්ව ඇති බවය.එහි සහකාර අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි පැවසුවේ ගාල්ල, මාතර හා හම්බන්තොට දිස්ත්‍රික්ක හරහා මෙම සුළඟ හමාගිය බවය.එයින් වැඩිම බලපෑම  මාතර දිස්ත්‍රික්කයට එල්ල වී තිබේ.මාතර දිස්ත්‍රික් ලේකම් ඩබ්ලිව්.කේ.කේ.අතුකෝරල මහත්මිය පැවසුවේ දිස්ත්‍රික්කයේ පුද්ගලයින් දස දෙනෙකු මේ හේතුවෙන් මියගොස් ඇති බවය.

ඔබ ගාමණී චිත්‍රපටය බැලුවාද?

එහි එන සත්‍ය කථාවේ සිදුවීම් හා මෙම ඡායාරූප අතර ඇති සම්බන්ධතාවය වටහා ගන්න.මෙම ඡයාරූප නැවත ජාතිවාද ඇති කිරීමට නොව ගාමනී වැනි ජාතිකත්වය ජන හදවතට වද්දන චිත්‍රපටයක් සාධාරන මුදලක් දී නැරඹීමට නොහැකිව ‍හොර සීඩී මඟින් නරඹන තමන් ඉපදුනු බිමට ණය කාරයන්ටයි.   [සංවේදී සිත් ඇත්තන් මෙම ඡායාරූප නරඹීමෙන් වළකන්න.]

සරත් ෆොන්සේකා මහතා නිදහස් කරගැනීමට ගතවූ පැය 24 තුල අත්සන් 1,010ක්

ඇමෙරිකාවේ ධවල මන්දිරය නිල වෙබ් අඩවිය ඔස්සේ පෙත්සම් යැවීමේ වැඩ සටහනක් ක්‍රියාත්මක වෙනවා.මෙමගින් ලෝකයේ ඕනෑම රටක සිට පෙත්සම් ඉදිරිපත් කල හැකි අතර දින 30ක කාලය තුළදී එයට අත්සන් 25,000 ක් එකතු වුවහොත් එම පෙත්සම සම්බන්ධයෙන් මැදිහත් වීමට ඇමරිකානු රජය ඉදිරිපත් වනවා.මේ සඳහා ශ්‍රී ලංකාවෙන් යොමුකර ඇති පලමු පෙත්සම ඊයේ යොමු කළා. ඒ හිටපු හමුදාපති සරත් ෆොන්සේකා මහතා නිදහස් කරගැනීම සඳහායි. ඊයේ ආරම්භ කළ මෙම පෙත්සම සඳහා ගතවූ පැය 24 තුල අත්සන් 1,010ක් ලැබී තිබෙනවා.
 මේ සඳහා ඔබත් දායක වීමට කැමති නම් පහත පියවර අනුගමනය කිරීමෙන් ඒ සඳහා දායක විය හැකිය

බේබද්දන් අධිවේගී මාර්ගයේ තියාගෙන මත්පැන් බීලා

දකුණු අධිවේගී මාර්ගය විවෘත කිරීමට පෙර එහි අත්දැකීම විඳ ගැනීමට මහජනතාව වෙනුවෙන් දින දෙකක් මාර්ගය විවෘත කිරීමට පසුගියදා රජය පියවර ගත්තේය.එනම් නොවැම්බර් 19 වනදා හා 20 වනදා මහජනතාවට පයින් ඇවිද යාමට පා පැදි වලින් යාමට මාර්ගය විවෘත වූ අතර රජය ඇතැම් පිවිසුම් ස්ථානවල උත්සවද සංවිධානය කර තිබුණි.
කෙසේවෙතත්, මාර්ග සංවර්ධන අධිකාරියේ දකුණු අධිවේගී මාර්ගය සම්බන්ධයෙන් පත්කර ඇති උසස් නිළධාරියෙකු පැවසුවේ මෙම දින දෙක තුළදී ඇතැම් පුද්ගලයින් මාර්ගය අපවිත්‍ර කරමින් හැසිරී ඇති ආකාරය කණගාටුවට කරුණක් බවයි.

නිරෝෂා විරාජිනිගෙන් සංගීත පන්තියකට වඩා වෙනස්‌ දෙයක්‌

අවුරුදු විස්‌සක්‌ සැලකිය යුතු කාලයක්‌... කලාකරුවෙකුට විශේෂයෙන්ම ගායන ශිල්පිණියකට අවුරුදු විස්‌සක අත්දැකීම් ඉතාම වැදගත්. නිරෝෂා විරාජිනි පියවරෙන් පියවර කලබලයක්‌ නැතිව අවුරුදු විස්‌සක්‌ ගායන ක්‍ෂේත්‍රයේ ඉදිරියට ගමන් කරමින් සිටින්නීය. මේ කාලය තුළ ඇය ගායනා කළ ගීත එකක්‌ නෑර රසික හදවත් දිනා ගන්නට සමත් විය. එක රැයකින් එක්‌ ගීයකින් ගායන ලොවේ කිරුළු පළඳින්නට සිහින දකින අතිශයෝක්‌තියෙන් තමන් ගැන සිතන අලුත් පරපුරට නිරෝෂා විරාජිනි, දීපිකා ප්‍රියදර්ශනී වැනි ඒ පරපුරේ සිටින අදත් ක්‍ෂේත්‍රයේ නමක්‌ තබා සිටින ශිල්පීන් ශිල්පිණියන් ආදර්ශයකි. ඔවුන් ගයන්නේ සුගායනීය ගීත මිස... අද පරපුරේ ඇතැමුන්ගේ හඬින් අපට ඇසෙන වාක්‍ය රචනා නොවේ.

නොකියා රැකියා 17,000ක් කපා හැරිමට තිරණය කරයි

ප‍්‍රකට නොකියා දුරකතන සමාගම පත්ව ඇති දැඩි ආර්ථික අර්බුධයෙන් ගොඩඒම සදහා රැකිය අවස්ථා දාහත් දහසක් කපා හැරිමට තිරණය කර ඇතැයි විදෙස් වාර්තා කියා සිටී. දැනට සමාගමේ සේවයේ නිරත සංඛ්‍යාව හැත්තෑ හතර දහසකි. මෙම කපාහැරිමෙන් යුරෝ බිලියන එකක මුදලක් ඉතිරි කර ගැනිම සමාගමේ අපේක්ෂාවයි.