Ads 468x60px

.

ලංකාවේ ජනමාධ්‍යවල ජනපි‍්‍රය මාතෘකාව - උදාරි මවක් වීමලු.

ජනපි‍්‍රය නිලි උදාරි වර්ණකුලසූරිය මවක් වීමට යාමේ පුවත මේ දිනවල ලංකාවේ ජනමාධ්‍යවල ජනපි‍්‍රය මාතෘකාව බවට පත් වී තිබේ. අප එම පුවත හෙළි කළේ මීට තුන් මාසයකට ඉහතදීය. උදාරිගේ මව්පියන්ටත් කලින් අප එම පුවත දැනගත්තේය. එම පුවත අප සැල කළ  පසු කවුරුත් හිතුවේ එය බොරුවක් කියාය. නමුත් එය ඇත්තක් බව මාස තුනකට පසු උදාරිම පිළිගනී. එම පුවත කලින් හෙළි කිරීම පිළිබඳව උදාරි අප හා උරණ වී සිටියාය. ඒ වෙනත් හේතුවක් නිසාය.

මේනකා ‘ජනපි‍්‍රය’ කෙසේ වුවද ජන (අ) පි‍්‍රය අයෙක් වීමට වැඩි ඉඩකඩක්

ස්වර්ණවාහිනියේ ඩාන්ස් ස්ටාර්ස් ඩාන්ස් හි තෙවැනි ස්ථානයට පත් නිළියක්, මෝස්තර නිරූපිකාවක් හා නර්තන ශිල්පිනියක් වන මේනකා පීරිස් ගේ දක්‍ෂතාවන් පැසසීමට පැමිණි පේ‍්‍රක්‍ෂකයන් පිරිසකට ජනපි‍්‍රය ඇමැතිවරයෙකුගේ චක්ගෝලයන් පිරිසක් පහරදී ඇතැයි වාර්තා වේ.සති අන්ත ටැබ්ලොයිඩ් පුවත්පතක් මේ බව වාර්තා කර තිබේ.මේ තත්ත්වය මත මේනකා වැඩි කළක් නොගොස් ‘ජනපි‍්‍රය’ කෙසේවුවද ජන(අ)පි‍්‍රය අයෙක්වීමට වැඩි අවස්ථාවක් ඇතැයි ද එහි දක්වා තිබේ.

මෙන්න අශාන්තිගේ Try එක...

ආශාන්ති අපේ ලංකාවේ ඉන්න Hip-Hop රැජිණ විදියටයි සලකන්නේ. ඇත්තටම ඇය දක්ෂ ගායිකාවක්. ලොකු ටී-ෂර්ට් එකයි, බැගී කලිසමයි ඇඳලා, කැප් එක පැත්තට දාලා යකඩ චේන් එක දාගෙන ඉන්න අශාන්ති බැලු බැල්මටම චන්ඩි කෙල්ලෙක් වගේ. දැන් අශාන්තිට ඕනේ මේ Style එක වෙනස් කර ගන්න. ඇඳුම් පැළඳුම් වෙනස් කරනවා වගේම, Hair Style එකත් අශාන්ති වෙනස් කරලා.

බෙරගලත් ගණිකා නිවාසයක් - දිනකට හය හත් දෙනෙකු සමඟ ගණිකා වෘත්තියේ

කෑගල්ල බෙරගල යුද හමුදා කඳවුර සමීපයේ පිහිටි ගණිකා නිවාසයක් වටලා එහි සිටි කාන්තාවන් දෙදෙනකු හා තවත් පුද්ගලයකු කෑගල්ල කොට්ඨාස පොලිස් දූෂණ මර්ධන අංශය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.ඇඟලුම් කම්හලක සේවයේ යොදවන බව හඟවා මෙම තරුණි යන් රවටා ගෙන ගොස් මෙම ආයතනයේ ගණිකා වෘත්තියේ යොදවා ඇති බව පොලිස් පරීක්‍ෂණවලින් අනාවරණය වෙයි. අත් අඩංගුවට ගත් එක් තරුණියක් විසිඑක් වැනි වියේ පසුවන අතර ඇය ඇඹිලිපිටිය ප්‍රදේ්ශයේ පදිංචිකාරියකි. අනෙක් තරුණිය විසි හත් හැවිරිදි වියේ පසුවන අතර ඇය මැල්සිරිපුර ප්‍රදේ්ශයේ පදිංචි තැනැත්තියකි.

අධීවේගීයේ ප්‍රථම රිය අනතුර - අද පෙරවරු 7.15ට ( Photo )

දක්ෂිණ අධිවේගී මාර්ගයේ කහතුඩුව ප්‍රදේශයේ සිදු වූ රිය අනතුරකින් පුද්ගලයින් දෙදෙනෙකු තුවාල ලබා තිබේ.අද පෙරවරු 7.15ට පමණ මෙම අනතුර සිදු වී ඇති බව කැළණිගම පොලිස් මුරපොළේ නිලධාරියෙකු පැවසුවේය.මෝටර් රථයක් වේගය පාලනය කර ගැනීමට නොහැකිව පෙරළීමෙන් මෙම අනතුර සිදුව ඇත.දක්ෂිණ අධිවේගී මාර්ගය ජනතාවට විවෘත කිරීමෙන් පසුව සිදු වූ ප්‍රථම අනතුර ලෙස මෙය සැලකෙයි.

ගයනිගේ දොස්තර හාදකම

සිරස සුපර්ස්ටාර් හරහා ගායිකාවක් ලෙස ජනාදරයටපත් ගයනි මධූෂා තෙන්නකෝන්ගේ පෙම්වතා දොස්තරවරයෙක් බව වාර්තා වේ.ඔහු සම පිළිබඳව ප‍්‍රතිකාර කරන්නෙකු බවත් පැවසේ.ගයනිගේ හා දොස්තරගේ හාදකම මේ වන විට ඇගේ ගීතය මෙන්ම ක්ෂේත‍්‍රයේ මල් ගහක් ගහක් ගානේ දන්නා බවද පැවසේ.මේ ඇයි හොඳැයිය ගයනිගේ ගෙදර අයත් දන්නා බවද වාර්තා වන අතර එහෙත් දෙදෙනාගේ සම්බන්ධයට මෙතෙක් අවසරයක් ලැබී නැතැයිපැවසේ.මේ හාදකම පිළිබඳව සතිඅන්ත පුවත්පතක්හෙළිකර තිබිණි.

නිරෝෂාගේ කුලූඳුල් ගීතය ශිහාන් මිහිරංග සමග යුග ගීයක්

ජනපි‍්‍රය නිවේදිකාවක්, නිළියක් හා මෝස්තර නිරූපිකාවක් වන නිරෝෂා පෙරේරා නව පරපුරේ ජනපි‍්‍රය ගායක ශිහාන් මිහිරංග සමග යුග ගීයක් ගායනා කර තිබේ.මෙම නිරෝෂාගේ කුලූඳුල් ගීතය ගායනා වන බවපැවසේ.‘ආදරය කරන්න’ ලෙස මෙම ගීතය නම්කර ඇතැයිපැවසේ. ලබන දෙසැම්බරයේදී මෙම ගීතය එළිදැක්වීමට නියමිත අතර මේ වන විට එහි රූප රචනය සිදුවන බවද මේ අතර වාර්තා වේ.

උදාරි වඩාත් කැමැති පුතෙකුටලු

තමා මවක් වීමට යන බව පසුගිය සුමති ටෙලි සම්මාන උළෙලේ ජනපි‍්‍රය නිළිය බවට පත්වූ උදාරි වර්ණකුලසූරිය කියයි.උදාරි මේ බව පවසා තිබුණේ සතිඅන්ත පුවත්පතක ටැබ්ලොයිඩ් සගරාවක් සඳහාය. මේ වසරේදී තමාට පසු තැවෙන දේවල් සිදු නොවුන බවද පවසන උදාරි තමා පුතෙකු වැදීමට වඩාත් කැමැති බවද සඳහන්කර තිබේ.සැමියා, තාත්ත කෙනෙක් වීමේ සිහිනයද තමා සැබෑ කළ බවත් ඇය පවසන්නීය.

අධිවේගියේ බල්ලෝ එන එක නවත්තන්න වෙනම දැලක් දාලා

දක්ෂිණ අධිවේගී මාර්ගය ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ අතින් ඊයේ පෙරවරුවේ විවෘත කෙරුණා. පෙරවරු 10.45 ට යෙදුනු සුභ මොහොතින් අධිවේගී මාර්ගයට පිවිසෙන ගාල්ල සිමෙන්ති කම්හල අසල සමරු පලකය ජනාධිපතිතුමා විසින් නිරාවරණය කරනු ලැබීමෙන් අනතුරුව පින්නදුව ප‍්‍රවිශ්ඨ මාර්ගය අසලදී ජනාධිපතිවරයා විසින් ප‍්‍රවේශ පත‍්‍රයක් මිළදී ගෙන සිය මෝටර් රථයෙන් කරන්දෙණිය බලා ගමන් ආරම්භ කළා . 

ස්ත‍්‍රී දුෂණයක දී පිළිසිඳ ගන්නා දරු ගැබක් ඉවත් කීරීම ඔවුන්ට කරන යහපතක්

ස්ත‍්‍රී දුෂණයක දී පිළිසිඳ ගන්නා දරු ගැබක් ඉවත් කීරීමට, සෞඛ්‍යය අමාත්‍යාංශය හා අධිකරණ දෙපාර්තමේන්තුව එක්ව නව නීති සම්පාදනය කිරීම කාන්තා හා ළමා සංවර්ධන අමාත්‍යංශය බලාපොරොත්තු වෙනවා.ස්ත්‍රී දුෂණයක් සිදුවූ විට දූෂණය වූ පුද්ගලයාගේ දරුවෙක් ජීවිත කාලය පුරාම මානසික වේදනා විඳිමින් රැක බලාගතයුතු අවස්ථාවෙන් නිදහස් වීමට මේ අනුව කාන්තාවන්ට පුලුවන් වෙනවා.ඒ අතරම මන්ද මානසික දරුවෙකු හෝ ශාරීරික දුබලතා ඇතිව හෝ පිළිසිඳ ගෙන ඇතැයි සනාථ කර ගත් කාන්තාවකට එම දරු ගැබ ඉවත් කිරීමට අවසර ලැබෙන නව නීති සකස් කිරීමටත් බලාපොරොත්තු වන බවයි එම අමාත්‍යාංශයේ ලේකම් සුමිත‍්‍රා රාහුබද්ධ මහත්මිය පෙන්වා දෙන්නේ.