Ads 468x60px

.

ජිනාගේ ගණිකාවන් සියල්ල නිදොස්

කොල්ලූපිටියේ සුපිරි ගණිකා නිවාසයක් වටලා ජිනා මැඩම් සහ ඇගේ සහචර ගණිකාවන් පස් දෙනෙකු අල්ලාගනු ලැබුවේ පසුගිය වසරේ දෙසැම්බර් මාසයේය නමුත් ගණිකාවන් ලෙස මඩමක සේවය කිරීම වරදක් ලෙස නොසලකන බැවින් ජිනා මැඩම්ගේ සහායක කාන්තාවන් සියල්ලට අධිකරණයෙන් නිදහස හිමිව තිඛෙනවා.ලංකාවේ පවත්නා නීතිය අනුව ගණිකා නිවාස ආඥා පනතේ 2 (අ) වගන්තිය අනුව ගණිකා නිවාසයක් පවත්වා යාම කළමනාකරණය කිරීම හා ඊට සහයවීම යන චෝදනා යටතේ කෙනෙකු වරදකරුවෙකු බවට පත් කළ හැකි වුවත් පුරුෂයින් හා එක්කිරීමේ අරමුණින් ගණිකා නිවසක රඳවා සිටින

අධිවේගී මාර්ගය ඉදිකිරීමට රුපියල් කෝටි 7000 ක්

අලූතින් ඉදිකරන ලද දක්ෂින අධිවේගී මාර්ගයේ ඊයේ දිනයේදී පමණක් ප‍්‍රධාන ගණයේ රිය අනතුරක් ඇතුළු රිය අනතුරු 36 ක් සිදුව ඇතැයි මාර්ග සංවර්ධන අධිකාරිය පවසයි. එම අනතුරු හේතුවෙන් මාර්ග සංවර්ධන අධිකාරියට රුපියල් ලක්ෂ 7 ක පමණ අලාභයක් සිදුව ඇතැයිද වාර්තා වේ.මාර්ගය විවෘත කිරීමෙන් පසුව පැය 12 කදී රුපියල් ලක්ෂ 12 ක ආදායමක් ලබා තිබිණි.මෙම මාර්ගයේ සේවක සේවිකාවන් 450 ක් සේවය කරති.

සේවයක් කිරීමට කියා කොලපාට ග්‍රේරු නිල්පාට වෙයි

එ.ජා.ප පාර්ලිමේන්තු මන්ත්‍රී මොහාන් ලාල් ‍ග්‍රේරූ මහතා මීට ස්වල්ප මොහොතකට පෙර ආණ්ඩු පක්ෂයේ අසුන්ගත් බව අද පාර්ලිමේන්තු වාර්තාකරු පවසයි. ඔහු අද දහවල් මෙවර අයවැය දෙවන වර කිය වීමේදී අයවැයට පක්ෂව ඡන්දය දුන් අතර අයවැයේ දැක්ම යහපත් බැවින් රටේ අධ්‍යාපන ක්ෂේත්‍රයට යම් සේවයක් කිරීමට ඉඩ ප්‍රස්ථාව සලසාගැනීම වෙනුවෙන් මෙසේ ආණ්ඩුවට සහයදෙන බව හෙතෙම පාර්ලිමේන්තුවේදී පවසා ති‍බේ.

2012 අයවැය විරෝධයට කඳුළු ගෑස් ප්‍රහාරයක්

සමාජවාදී තරුණ සංගමය සංවිධානය කළ උද්ඝෝෂණයට මීට ටික වේලාවකට පෙර පොලිසිය කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කළේය.2012 අයවැයට විරෝධය දැක්වීමේ අරමුණින් මෙම විරෝධතාව කළ බව සංවිධායකයින් පවසයි. විරෝධතාකරුවන් පැවසුවේ කොළඹ ටෙක්නිකල් මංසන්ධියේ සිට මුදල් අමාත්‍යාංශය වෙත යාමටය.කදුළු ගෑස් ප්‍රහාරය එල්ල වුණේ කොළඹ, කොටුව ලේක්හවුස් වටරවුම අසළදීය.

උපකාරයක් ලෙස ජැකලයින් ලංකාවේ චිත්‍රපටයක

ශ්‍රී ලංකාවේ උපන් බොලිවුඞ් නිළි ජැකලයින් ලංකාවේ නිෂ්පාදනය කරන චිත්‍රපටයකට සිය දායකත්වය ලබාදීමට කැමැත්ත පලකොට ඇත. ඇය මේ දිනවල කොළොඹ බහුජාතික සමාගමක වෙළඳ දැන්වීමක රුගත කිරීම් වලට සහභාගී වෙමින් සිටින අතර ලංකාවේ චිත්‍රපටය සඳහා ඇයට අරාධනාකොට ඇත්තේ මේ අතරතුරය.ඇයට චිත්‍රපටයේ පෙනී සිටීමට ඇත්තේ කුඩා දර්ශනයක පමණක් වන අතර නිෂ්පාදකයන් විසින් ඒ සඳහා ඩොලර් 10,000 ක මුදලක් ගෙවීමට කැමැත්ත පලකොට ඇත.

ගයේෂා පෙරේරාත් එක්ක ඕනවට එපාවට කරන්න බෑලු..

(2006 වසරේ"මිස් ශ්‍රී ලංකා"කිරුළ දිනාගැනීමෙන් පසු ජාත්‍යන්තර සංචාරක රූ රුජින තරගය නියෝජනය කිරීමට ඇයට අවස්ථාව උදාකරගත් ඇය එහි එක් තරග අංශයක් වන Miss Talent තරග අංශය ජයග්‍රහණය කරමින් ශ්‍රී ලංකාවට කීර්තියක් රැගෙන ඒමට සමත්වූවාය. එමෙන්ම රංගන ශිල්පිණියක්, මෝස්තර නිරූපණ ශිල්පිණියක්, නර්තන ශිල්පිණියක් මෙන්ම රූපවාහිනී නිවේදිකාවක් ලෙස ද ශ්‍රී ලාංකේය කලා ක්ෂේත්‍රය වෙනුවෙන් ඇය සිට දායකත්වය ලබාදුන්නාය. ප්‍රේක්ෂක ඔබ ඇය වඩාත් හොඳින් හඳුනන්නේ රංගන ශිල්පිණියක ලෙසයි.මෙවර ආලින්දයට ගොඩවදින ඇය ගයේෂා පෙරේරාය.

සිසුවියක දියේ ගිල්වා සිහිසුන් කර දූෂණය කරයි

බාලවයස්කාර පාසල් සිසුවියක දියේ ගිල්වා සිහිසුන්කර දූෂණය කළ බවට චෝදනා ලැබ සැකපිට අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ සැකකරුවෙකු දෙසැම්බර් මස (12) දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස අනුරාධපුර අතිරේක මහේස්ත්‍රාත් චන්දිම එදිරිමාන්න මහතා නියෝග කළේයරක්ෂිත බන්ධනාගාර ගත කෙරුණේ දහයේ ඇළ හිදෝගම ලිපිනයේ තාවකාලිකව පදිංචි ස්ථිර ලිපිනයක් නොමැති අනුරාධපුර නගරයේ ව්‍යාපාරික ස්ථානයක බර උසුලන්නෙකු වන (නාට්ටාමි) ප්‍රසන්න සම්පත් උදයකුමාර (24) යන අයයි.

අධිවේගයේ ගතවූ පැය 48 තුල වාහන විසි පන්දහසක්

දක්ෂිණ අධිවේගී මාර්ගය විවෘත කර ගතවූ පැය 48 තුල එම මාර්ගයේ රථවාහන විසි පන්දහසකට ආසන්න ප‍්‍රමාණයක් ගමන්කර ඇතැයි පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා සඳහන් කරයි. ඒ අතරින් අනතුරට ලක්වූයේ එක් වාහනයක් පමණක් බවද ඔහු කියා සිටී.පදිකයන් නොමැතිවීම, ත‍්‍රීරෝධ රථ සහ යතුරුපැදි ධාවනය නොවීම, පෞද්ගලික මගී වාහන අතර තරගයක් නොමැතිවීම අනතුරු අවමවීමට බලපාන කරුණු බවද මාධ්‍ය ප‍්‍රකාශකවරයා පෙන්වා දේ.

ෆේස්බුක් ගිණුම් අත්හිටුවයි - පැමිණිලි 1600ක්


ෆේස් බුක් අපචාර සම්බන්ධයෙන් මේ වනවිට පැමිණිලි 1600කට අධික සංඛ්‍යාවක් ලැබී ඇතැයි ශ්‍රී ලංකා පරිගණක හදීසි ප්‍රතිචාර සංසදය පවසයි. ‍එහි ජ්‍යෙෂ්ඨ තොරතුරු ආරක්ෂක ඉංජිනේරු රෝහණ පල්ලියගුරු පැවසුවේ ව්‍යාජ ෆේස්බුක් ගිණුම් සම්බන්ධයෙන් වැඩි පැමිණිලි සංඛ්‍යාවක් ලැබී ඇති බවය.අදාල පැමිණිලි මත එම ගිණුම් අත්හිටුවීමට පියවර ගත් බව ඔහු පැවසීය.