Ads 468x60px

.

අද ශේෂාද්‍රි උපන් දිනය සමරනවා. අපේ සුබ පැතුම්

ශේෂාද්‍රි ප්‍රියසාද්....ශ්‍රී ලංකාවේ සිනමා රසිකයින්ට නම් අමුතුවෙන් හඳුන්වා දෙන්න ඕනේ චරිතයක් නෙවෙයි. උදයකාන්තගේ “චැලෙන්ජර්“ film එකේ Main role එකක් රඟපාමින් සිනමා ජීවිතය පටන් ගත්තත්, ශේෂාද්‍රි කියන්නේ අපේ රටේ ප්‍රවීන චිත්‍රපට අධ්‍යක්ෂවරයෙක් ගේ දියණියක්. තමුන්ගේ පළමු රඟපෑමෙන්ම ඉමහත් ජනප්‍රියත්වයට පත් වෙන්න වාසනාව ලැබූ ශේෂාද්‍රි රඟ පෑ තවත් films කීපක් ම ළඟදී තිරගත වෙන්නත් නියමිතයි. තමුන් ගේ පියා වන දිනේෂ් ප්‍රියසාද් ගේ “ඇද්ද කොඩිය - දැම්මා ලණුව“ film එකත් , උදයකාන්ත වර්ණසූරිය ගේ “සෙනසුරු මාරුව“ film එකත් ඒ අතරින් විශේෂයි. සිනමාවට හුඟක් ආදරය කරන ශේෂාද්‍රි නිතරම කියන්නේ එයා ටෙලි නාට්‍ය වල රඟපාන්න නම් ඒ තරම් කැමැත්තක් නැහැ කියලයි. 

දෙපා මුලටම ආවත් බහුතරයකට සිහිනයක් වූ අධිවේගිය

පසුගියදා විවෘත කළ දකුණු අධිවේගී මාර්ගයේ පවනට බඳු වේගයෙන් වාහන එහා මෙහා යන අයුරු දරු මල්ලන්ද කැටුව පැමිණ ඈතින් බලා සිටින සමහර පොඩි එවුන් පාලම්වල සිට අත වනයි. කෑ ගසයි ඉපිලෙයි. මන දොළ පිනවන කෙත්වතු, රබර් වතු, කුරුඳු වතු, කඳු වැටි මැදින් වැටී ඇති මෙම මාර්ගය ඇත්තෙන්ම සුන්දරය. සිරුරට රුධිර නාලිකා අවශ්‍ය සේම රටක සංවර්ධනයට මෙවැනි මාර්ග පද්ධතියක් අත්‍යවශ්‍යය.
කිලෝ මීටර් සියයක වේගයෙන් ධාවනය කෙරුණු මා ගමන් ගත් මෝටර් රථය කොට්ටාවේ සිට ගැලනිගම පිවිසුමට හරියටම විනාඩි දහයකින් පැමිණි අතර කුරුඳුගහහැතැක්මට විනාඩි හතලිස් පහකින් පැමිණියේය.

2013 ෆොන්සේකාටත් පාලක පන්තියටත් තීරණාත්මකයි

තිස්වසරක සාපලත් යුද්ධය අවසන් විය. ඒ මහා යුධ මෙහෙයුමට රටේ ජනාධිපතිවරයගේ සිට නූපන් දරුවා දක්වා සැවොම විවිධ අයුරින් දායක වූහ. එහෙත් අවසානයේ මේ මහා යුධ ජයග්‍රහනය බෙදාගැනීම උදෙසා පිල් දෙකක් මතුවන්නට විය. ජාත්‍යන්තර මෙන්ම ලාංකේය දේශපාලන සන්දර්භය උඩු යටිකුරු කරමින් යුද්ධයේ දේශපාලන නායකත්වය මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා වෙත ගොනුවෙද්දී යුධ භූමියේ නායකත්වය්ය ජනරාල් සරත් ෆොන්සේකා වෙත ගොනු විය. මේ තනතුරු දෙක අතර සම්බන්ධීකරණය තුළ තවත් ප්‍රබල චරිතයක් ලෙසින් මෙය සමාජය තුළ කැපී පෙනෙන්නට විය.

උපාලි ධර්මදාස නවලෝක රෝහලෙන් එලියට

උපාලි ධර්මදාස නවලෝක රෝහල් සමාගමේ අධ්‍යක්‍ෂ මණ්ඩලයෙන් ඉවත් වී ඇති බව වාර්තා වේ.කෙසේ වෙතත් ධර්මදාස මහතාගේ තීරණය හේතු මේ වන විට අනාවරණය වී නැති බව ෆිනෑන්ෂල් ටයිම්ස් පුවත්පත වාර්තා කරයි.වසර 26ක් පුරාවට නවලෝක රෝහල් සමාගමේ අධ්‍යක්‍ෂ මණ්ඩල සාමාජිකයෙක්සිටි ඔහු ඉන් ඉවත් වන විට විධායක නොවන අධ්‍යක්‍ෂකවරයෙක් ලෙස කටයුතු කළේය.

ලංකාවේ තීන්තවල පිළිකා කාරක - සමීක්ෂණය ඇමතී අනින් නවතියි

අප නිවාස අලංකරණය සදහා බවිත කරන තීන්තවල අන්තර්ගතය ගැන ඔබ කවදා හෝ සිතුවද ? තීන්ත ගා විගස දැනෙන සුවද එන්නේ කුමක් නිසාද? තීන්ත මෙතරම් ඉක්මනින් ජලයේ දිය වන්නේ කුමක් නිසාද ? තීන්ත බාල්දියකට ඇත දැමු විට අතට සීතලක් දැනෙන්නේ මක් නිසාද? මේ ආදී විවිදාකාර දේවල් තීන්ත සමග සගවා ඇති බව ඔබ මදෙකට සිතුවාද ?

තරුණ මන්ත්‍රීවරයෙක් නීති විද්‍යාලයේ වාර්තාවක් තබයි

තරුණ පාර්ලිමේන්තු මන්ත්‍රී වරයෙක් නීති විද්‍යාලයේ, දීලික්ත නීතිය (Law of Delicts) ප්‍රශ්න පත්‍රය සඳහා ලකුණු 99ක් ලබමින් වාර්තාවක් තබා ඇති බව නීති විද්‍යාලයේ අභ්‍යන්තර ආරංචි මාර්ග වාර්තා කරයි.මෙම නව වාර්තාවත් සමඟ වසර හැටකට වඩා පැරණි වාර්තාවක් අහෝසි වී යන අතර මෙම තරුණ මන්ත්‍රීවරයාගේ නම නීති විද්‍යාලයේ වාර්තාවන් අතර ඉහළම තැනක සඳහන් වේ. 

මීගමුවේ ලාබාල සුරූපි ළඳුන් සිටි සුපිරි ගණිකා නිවාසයක් වටලයි

ලාබාල සුරූපි ළඳුන් විදේශිකයන්ට හා දේශීය ධනවත් ව්‍යාපාරිකයන්ට අලෙවි කරමින් මීගමුව වැල්ලවීදිය බොලක්‍ද්ඤා මාවතේ සුපිරි නිවහනක ඉතා රහසිගතව කාලයක සිට පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් මීගමුව පොලිසිය වටලා ගණිකා වෘත්තියෙහි යෙදුණු මෑතදී විවාහ වූ තරුණියන් තිදෙනෙක් අත්අඩංගුවට ගෙන ඇත. එහි කළමනා කරු හා සේවකයකු ද අත්අඩංගුවට ගෙන ඇත.මීගමුව පොලිසියේ පාරිසරික අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ආර්. ඩී. එම්. සිරිල් මහතාට ලැබුණු පැමිණිලි මත මීගමුව පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ගාමිණී හල්ලව මහතාගේ උපදෙස් මත අධිකරණ යෙන් ස්ථානය සෝදිසි කිරීමේ වරෙන්තුවක් පළමුව ලබා ගත්තේය.

පාතාල කල්ලි නායක ෆෙරෝස්‌' පැහැර ගනී

මීගමුවේ පාතාල කල්ලි නායක මොහොමඩ් ජලීල් මොහොමඩ් ෆෙරෝස්‌ නොහොත් "ෆෙරෝස්‌" නමැත්තා නාඳුනන සන්නද්ධ කණ්‌ඩායමක්‌ විසින් පෙරේදා (30දා) රාත්‍රි 9.30 ට පමණ මීගමුවේදී පැහැරගෙන ගොස්‌ ඇත.
මොහු මිනී මැරුම්, කප්පම් ගැනීම් ඇතුළු දරුණුම ගණයේ අපරාධවල යෙදෙමින් මීගමුව ප්‍රදේශය භීතියට පත්කරගෙන සිටි පුද්ගලයෙකි.

ලැම්බෝගිනි,ඇස්ටන් මාර්ටින්,පොර්ෂ් කොළොඹට


රාත්‍රියේ පැවැත්වෙන ස්ට්‍රීට් රේසින් තරඟයක් ප්‍රථම වතාවට රාජ්‍යය අනුග්‍රහය යටතේ මෙම මස 15 හා 16 පැවැත්වීමට නියමිතයි.මෙය සංවිධානය කරනු ලබන්නේ යෝෂිත රාජපක්ෂගේ කාල්ටන් ස්පෝර්ට් නෙට්වර්ක් හා නාමල් රාජපක්ෂගේ තාරුණ්‍යට හෙටක් සංවිධාන දෙක එක්කාසු වීම මගිනි.ඒ අනුව දෙසැම්බර් 16 වන දින අන්තර්ජාතික සංගීත උළෙලක් පැවැත්වීමට නියමිතයි.මෙම උළෙල සඳහා ශ්‍රීලංකා ක්‍රීඩා මෝටර රථ පදවන්න්නගේ සංගමය හා ක්‍රීඩා මෝටර්සයිකල් සංගමය සහය පලකොට ඇත.