Ads 468x60px

.

මහේල - ලිහිණි විවාහය දෙසැම්බර් 07

ශී‍්‍ර ලංකා ජාතික කි‍්‍රකට් පිල නියෝජනය කිරීමට එක්වරක් වරම් ලැබූවද ස්ථාවර වීමට අපොහොසත්වූ මහේල උඩවත්ත ලබන දෙසැම්බර් 07 වැනිදා විවාහවීමට නියමිත බව වාර්තා වේ.මහේලගේ හිත ගෙන මහේල හා යුගදිවියට ඇතුළුවීමට සැරසෙන ඈ නමින් ලිහිණි ටි‍්‍රෂානි මෝරල්ය.මොවුන් දෙපලගේ විවාහ උත්සවය සිනමන් ග‍්‍රෑන්ඩ් හෝටලයේදී පැවැත්වීමට නියමිතය.

පියාත් දරුදෙදෙනාත් අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ගයේ දී දුම්රියට බිලි

වවුනියාවේ සිට කොළඹ දක්වා ධාවනය වූ දුම්රියේ, වැල්ලව රංගල අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ගයේ දී ත්‍රිරෝද රියක් ගැටීමෙන් පියා සහ අවුරුදු හතක් සහ අටක් වයසැති දරුදෙදෙනා මරුමුවට පත් වූහ. වැල්ලව, වරද්දන පාරේ පිහිටි අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග යේදී පියෙකු සහ දරු දෙදෙනෙකු එලෙස මියගොස් ඇත. අද පස්වරු 2.15ට පමණ වු එම අනතුරින් මියගොස් ඇත්තේ, වැල්ලව බමුණාපොත ප්‍රදේශයේ පදිංචිකරුවන් පිරිසකි.

රාවතාවත්ත ළමා නිවාසය හරිගස්සනකන් මෙවර නත්තලට මම සහභාගී වෙන්නේ නැහැ - අගරදගුරු

මෙවර නත්තල් උත්සව සමයේ දී පැවැත්වෙන කිසිදු රාජ්‍ය උත්සවයකට හෝ කිසිදු රාජ්‍ය සංස්ථා වැඩසටහනකට තමන් සහභාගි නොවන බව කොළඹ අගරදගුරු අතිඋතුම් කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන් පවසයි. මත භේදයට ලක්වූ මොරටුව, රාවතාවත්ත ළමා නිවාසය සම්බන්ධයෙන් සාධාරණයක් ඉටුකරන තුරු තමන් මෙම තීරණය ක්‍රියාත්මක කරන බව කාදිනල්තුමන් සඳහන් කරයි. ‍ අද(03) කොළඹ පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් මැල්කම් රංජිත් හිමිපාණන් මේ බව සඳහන් කළේය.‍ ගබ්සා කිරීම තහනම් නිසා යම්කිසි හේතූන් නිසා තමන් බලාපොරොත්තු නොවන ආකාරයේ ගැබ්ගැනීමක් සිදුවුණොත් එවැනි අයට සහයවීම පොදු සමාජයේ වගකීමක් විය යුතු බව එම හිමිපාණන් පෙන්වාදුන්නේය. 

බොලවුඩයේ සුපිරි සිනමා තරු ඇගේ පච්ච

සංජේ දත්, අජේ දේව්ගන්, සායිෆ් අලි ඛාන්, දීපිකා පදුකෝන්, සුෂ්මිතා සෙන්  හා තවත් බොලවුඩයේ සුපිරි සිනමා තරු කිහිපයක්ම ටැටූ කාලවට පි‍්‍රයකරන බැවින් බොලිවුඩ් අධ්‍යක්‍ෂවරුන්ට ටැටූ කලා පෙනෙන ආකාරයේ ජවනිකා වලට නළු නිළියන් සොයා ගැනීමට කරදයක් නැතැයි වාර්තා වේ.මේ තතත්වය හොලිවුඩයේ තරමක් වෙනස් බවත් පැවසේ.හොලිවුඩ් නළු නිළියන් ටැටූ නිසා අතුරු ආබාධ ඇතිවෙතැයි යන බිය නිසා ටැටූ ඇගේ ඇඳ ගැනීමට අකමැති බවද වාර්තා වේ. ටැටූ ඇග පුරා ඇඳ ගැනීමේ අලුත් බොලිවුඩ් නළුවා වී ඇත්තේ රිතිෂ් දේශ්මුඛ් බවද පැවසේ.

‘පබා’ බේබි ගැන අම්මා කියයි

ගම්පහ දිස්ති‍්‍රක් පාර්ලිමෙන්තු මන්තී‍්‍රනී හා ජනපි‍්‍රය නිළි උපේක්‍ෂා ස්වර්ණමාලිට (පබා) රාජයෝගයක් ඇතැයි ඇගේ මව නිර්මලීසිල්වා මහත්මිය කියයි.ඇය මේ බව පවසා තිබුණේ සතිපතා කලා පුවත්පතක් සඳහාය.ඇගේ කේනද‍්‍රයේ රාජ යෝගයක් ඇතැයිඇය කවදා හෝ රටේ ජනපි‍්‍රය චරිතයක් වනු ඇතැයි තමා සිතා සිටි බවද නිර්මලී මහත්මිය පවසන්නීය.පබාගේ ළමා කලයේ දී ඇය හැදින්වූයේ ‘බේබි’ යන නමින් බවද නිර්මලී මෙහිදී හෙළිකර තිබේ.උපේක්‍ෂා කුඩා කාලයේ දග නැතත් දෙයක් අවශ්‍යවුනොත් එය අවශ්‍යම බවද නිර්මලී පවසන්නීය.පබාගේ එක හොර වැඩක් තිබූ බවත් ඇය කිසිදිනක තමාගේ පාසල් වාර්තා පොත අත්සන් කිරීමට මවට නොදුන් බවත් නිර්මලි හෙළිකර ඇත.

පරිඝණක මිළට ගන්නා අසරණ පාරිභෝගිකයාට කලක පටන් දෙන නින්දිත ප්‍රහාරය.

පරිඝණක හා උපාංග මිළදී ගන්නන්ට යුනිටි ප්ලාසා යනු අමුතු නමක් නොවේ. ලැප්ටොප් එකක්, වෙනත් සාදා නිමකල පරිඝණකයක්, පරිඝණකයක් සාදා ගැනීම පිණිස ඕනෑම උපාංගයක් බාලම තත්වයෙන් අඩුම මිළට ගැනීමට කදිම තැන මෙයයි.මෙම ව්‍යාපාර වල ජාතිකත්වය අපි පසුවට තබා, යුනිටි ප්ලාසා පාරිභෝගිකයන්ගේ  සැබෑ ජනතා අත්දැකීම් වලින්ම මුලින් පටන් ගනිමු.

අපේ උන් ගේ ගොන් වැඩ

එක්තරා හොට් ඇන්ඩ් ෆාස්ට් නිවුස් පාඨකයෙක් පහත සදහන් විස්තරය මෙහි පලකරන්න කියා ඉල්ලමින් අපවෙත ඊ මේලය ක් ඒවා තිබෙනවා.එය කොතරම් දුරට සත්‍ය දැයි සොයා බැලීම අප පාඨකයන් සතුයි.
පසුගිය දින වල අපේ සිංහල බෞද්ධයන් කරපු  වැරදි  වැඩක්  තමයි  අපේ බෞද්ධ හාමුදුරු කෙනෙකු කල වැරද්දක්  රට  වටේට ප්‍රචාරය කිරීම. ඇත්තටම සිංලයෝ  මේ වගේ  වැඩ  කරන්නේ නැ. උන් වහන්සේ වැරද්දක් කලත් එක රට වටේට මේල් කරල් ෆේස් බුක් එකේ දාල අපේම නම කැත කර ගත්ත එකක් තමයි කලේ.

මහේල හොඳ නායකයෙක් - දිල්ෂාන්ගේ බිරිඳ මංජුලා කියයි

මංජුලා කොහොමද ජීවිතේ ?මේ දවස්වල ටිකක් කාර්ය බහුලයි. තව චූටි සාමාජිකයෙකුත් පවුලට එකතු වෙලානේ ඉන්නේ.ඩිල්ශාන් කි‍්‍රකට් ටීම් එකේ කැප්ටන් වුණ එක ගැන මොකද හිතන්නේ. ?ඒක ලොකු ආඩම්බරයක්, බිරිදක් විදියට. ඇත්තටම මම මෙහෙම දෙයකුත් කියන්න  ඕනි මම ලොකුවට ඒ පැත්තෙන් දකින එක්කෙනෙක් නෙමෙයි. මම ඩිල්ශාන් සෙල්ලම් කරන විදියට තමයි ගොඩක්ම ආස කළේ. නමුත් මේ කාලේ මම් හිතන්නේ ඩිල්ශාන්ගෙන් මම ඒ ආස කරපු විදිය ටිකක් නැවතිලා තියෙනවා කියලා මට පේනවා. මට ඒක ආපහු ඩිල්ශාන්ගෙන් දකින්න  ඕනි. ඩිල්ශාන්ගේ කැප්ටන්සි එකත් එක්ක එයා ඒ තත්ත්වෙට එනවා දකින්නයි මට  ඕනි.

srilankamirror අවහිර කලාට කෝටි පහක වන්දියක් ඉල්ලයි

ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වන එහෙත් මෙරට ලියාපදිංචිවී නැති වෙබ්අඩවි ලියාපදිංචි කිරීම සඳහා එම වෙබ්අඩවි පිළිබඳව විධිමත් පරීක්‍ෂණයක් පවත්වන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය විදුලි සංදේශ නියාමන කොමිසමට ඊයේ (02) නියෝග කළේය.එසේම දැනට අවහිර කර ඇති වෙබ්අඩවි තුළට මෙරටදී පිවිසීමට ඇති බාධා ඉවත් කිරීමේ හැකියාව පිළිබඳවද එම පරීක්‍ෂණයේදී සොයාබලන ලෙසටද නියම කෙරිණි. එම අධිකරණ නියෝගය අනුව වෙබ් අඩවි සම්බන්ධ පරීක්‍ෂණ පවත්වා ඉදිරි කටයුතු කිරීමට විදුලි සංදේශ නියාමන කොමිසම වෙනුවෙන් පෙනී සිටි නීතිඥ අලි සබ්රි මහතා අධිකරණය හමුවෙහි එකඟතාව පළකළේය.
මෙලෙස අවහිර කර ඇති වෙබ්අඩවි ඔස්ට්‍රේලියාවේ ලියාපදිංචි කර ඇති නමුත් මෙරට ලියාපදිංචි කර නැති බව ඒ මහතා අධිකරණයට දැනුම් දුන්නේය.

පාසලේ මුර ගාස්‌තු නොගෙව්වැයි උරණ වූ විදුහල්පතිවරයාගේ මැරයෝ දැරියකට පහර දෙති

පාසලේ මුර ගාස්‌තු නොගෙවීම නිසා විදුහල්පතිවරයා තමාගේ පංති තහනම් කළ බව මාධ්‍යයට පැවසීමෙන් උරණ වූ පිරිසක්‌ ඊයේ (02 වැනිදා) උදේ කළ පහරදීමකින් ඇඹිලිපිටිය කැටගල්ආර විදුහලේ සුසිලි සඳමාලි ශිෂ්‍යාව සහ ඇයගේ දෙමව්පියන් තුවාල ලබා ඇඹිලිපිටිය මූලික රෝහලට ඇතුළත් කර ඇත. ඇඹිලිපිටිය කැටගල්ආර විද්‍යාලයේ හතර වන ශේ්‍රණියේ ඉගෙනුම ලැබූ වයස අවුරුදු නවයක සුසිලී සඳමාලි නමැති දැරිය රුපියල් එක්‌දහස්‌ දෙසීයක වසරක මුර ගාස්‌තු නොගෙව්වැයි උරණ වූ විදුහල්පතිවරයා මීට මාස හතරකට පමණ පෙර සිට එම දියණියගේ පාසල් ගමන තහනමකට ලක්‌කොට තිබේ.