Ads 468x60px

.

උමයංගනා ගාමන්ට් යයි

ජනපි‍්‍රය ටෙලි නාට්‍ය නිළි උමයංගනා වික‍්‍රමසිංහ ඇඟලූම් කර්මාන්තයේ ප‍්‍රවර්ධනය උදෙසා වන වැඩසටහනකට සම්බන්ධවී ඇතැයි වාර්තා වේ.උමයංගනාට පැවරී ඇත්තේ එම කර්මාන්තයේ නියැලී සිටින පිරිසට වෘත්තීය මට්ටම එහි වටිනාකම පිළිබඳව දැනුම්වත් කිරීමේ දේශන සඳහා සහභාගිවීම බවද පැවසේ.මෙම වැඩසටහන ඒකාබද්ධ ඇඟලූම් සංගම් සංසදය මඟින් සිදුකෙරෙන කාර්යයක් බවද වාර්තා වේ.අදාළ වැඩසටහන යටතේ දිවයින පුරාම පිහිටි ඇඟලූම් කර්මාන්ත තිබෙන දිස්ත‍්‍රික්කවලට ගොස් මේ දැනුවත් කිරීම සිදු කරන බවත් එයට තවත් කලාකරුවන් කිහිප දෙනකුම එක්ව සිටින බවත්, උමයංගනා මාධ්‍යට පවසා තිබේ.

ස්වභාවික උණ ගස්වලින් විදුලි රික්සෝවක්


පැයට කිලෝමීටර් 40 ක වේගයෙන් ගමන් කළ හැකි පරිසර හිතකාමී රික්සෝවක් හෙවත් ත‍්‍රිරෝද රියක් ජපානයේ යොඩෝගාවා සමාගම නිපදවයි. එම සමාගම මේ රිය හඳුන්වනුයේ විදුලි රියක් ලෙසයි. තිදෙනකුට ගමන් කළ හැකියි.එය මීටර් 2.5 දිග මීටර් 1.2 පළල මීටර් 1.6  උසැතිය. සම්ප‍්‍රදායික ජපාන නිර්මාණ අනුව ස්වභාවික ද්‍රව්‍යවලින් නිපැදවූ මේ රියේ තට්ටුව පදම් කළ උණ ගස්වලින් නිපදවා තිබේ.ශ්‍රී ලංකා මුදලින් එහි මිල රුපියල් ලක්‍ෂ 14 කට ආසන්නය.

පාතාල සාමාජිකයකු වන නේවි රුවන් පැහැරගෙන

පාතාල සාමාජිකයකු බව කියන රුවන් චන්දිමාල් ඩෙප් හෙවත් නේවි රුවන් නමැති අයත් ඔහුගේ මිතුරෙකුත් සුදුපාට වෑන් රථයකින් පැහැරගැනීමට ලක්ව තිබේ. සිය සැමියා ඊයේ පස්වරුවේ පමණ ධම්මික නමැති මිතුරකුද සමග පැහැරගෙන ගොස් ඇති බවට තමන්ට දැන ගන්නට ලැබුණු බව පවසා ඔහුගේ බිරිඳ අද අලුයම 2.00 ට පමණ වරකාපොළ පොලීසියට පැමිණිලි කර ඇත. මේ පිළිබඳ වරකාපොළ පොලීසියෙන් කළ විමසීමකදී එහි නිලධාරියෙකු කියා සිටියේ රුවන් නමැති අයෙකු පැහැරගත් බවට පොලීසියට පැමිණිල්ලක් ලැබී ඇතත් ඔහු නේවි රුවන්ද යන්න පොලීසිය නොදන්නා බවයි. 

අධිවේගියේ මේ වන විට රිය අනතුරු 8 ක් - අද තවත් රිය අනතුරක්


දක්ෂිණ අධිවේගි මාර්ගයේ දොඩංගොඩ ප්‍රදේශයේ සිදුවූ රිය අනතුරකින් පුද්ගලයින් දෙදෙනෙකු තුවාල ලබා තිබේ.පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි අජිත් රෝහණ  පැවසුවේ අද පෙරවරු 9 ට මෝටර් රථයක් පෙරළීමෙන් එම අනතුර සිදුව ඇති බවයි.තුවාල ලැබූවන් හොරණ මූලික රෝහලට ඇතුලත් කර තිබේ.පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සදහන් කළේ මේ වන විට දක්ෂිණ අධිවේගි මාර්ගයේ රිය අනතුරු 8 ක් සිදුව ඇති බවය.

පුද්ගලයින් 191 දෙනෙකුට මරු කැඳවමින් ලක් ඉතිහාසයේ බිහිසුණුම ගුවන් අනතුර


පුද්ගලයින් 191 දෙනෙකුට මරු කැඳවමින් සප්තකන්‍යා කඳු වැටියේ ගැටීමෙන් සිදු වූ ගුවන් අනතුර ‍ලංකා ඉතිහාසයේ බිහිසුනුම ගුවන් අනතුර ලෙස හැඳින්විය හැකිය.එම අවාසනාවන්ත අනතුර සිදුවී අදට වසර 37ක් සපිරේ.එනම් 1974 දෙසැම්බර් 04 වැනි දින හරිටම රාත්‍රී 10.10ට එම ගුවන් අනතුර සිදුවිය.මාර්ටින් එයා ගුවන් සේවයට අයත් එම්.සී. ඩොනල්ඩ් ඩග්ලස් ඩී.සී. වර්ගයේ මෙම යානය ඉන්දුනීසියාවේ සුරබයා ගුවන් තොටුපලින් පිටත් වුණේ සවුදි අරාබියේ ජෙඩා ගුවන් තොටුපලට යාමේ අරමුණිනි.

වෙඩි වැදුණු දුමින්දගේ හිසෙහි ජායාරුප

පසුගියදා මුල්ලේරියාවේ සිදු වූ වෙඩි තැබීමකින් දුමින්ද සිල්වා මන්ත්‍රීවරයාගේ හිසට වෙඩි උණ්ඩ තුනක් ඇතුලත් වූ අතර බරපතල තත්වයෙන් රෝහල් ගත කරනලදී.මේ වනවිට දුමින්ද සිල්වා මන්ත්‍රීවරයාට වෙඩි තැබුවේ කව්රුන් විසින්දැයි යන්න උසාවියේ විභාග වන අතර පහතින් දැක්වෙන්නේ දුමින්ද සිල්වා වෙනුවෙන් පෙනී සිටින නීතිඥවරයා විසින් වෙඩි වැදුණු දුමින්ද සිල්වාගේ හිසෙහි ජායාරුප හා වෛද්‍ය වාර්තා ඉදිරිපත්කර තිබුණු අයුරුයි.

ධවල මන්දිරයට පෙත්සමක් - ෆොන්සේකාට නිදහස දීමට ජනාධිපති සුදානම්

ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හිටපු හමුදාපති සරත්ෆොන්සේකා මහතාගේ පවුලේ සාමාජිකයන් මුණගැසී ෆොන්සේකා මහතා නිදහස් කිරීමට ඇති ඉඩකඩ පිලිබඳ සොයාබැලීමට සුදානම් බව ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ ජනරාල් බන්දුල ජයසේකර මහතා කියා සිටිනවා.
ජනාධිපතිතුමා මේ අදහස් පලකොට ඇත්තේ සරත් ෆොන්සේකා මහතාගේ දියණිය වන අප්සරා ෆොන්සේකා ධවල මන්දිරයට පෙත්සමක් ඉදිරිපත් කරන බව දැනගැනීමෙන් පසුවය.