Ads 468x60px

.

ලබන වසරේ පෙබරවාරි 04 වන නිදහස් දා ජෙනරාල්ට නිදහස


ලබන වසරේ පෙබරවාරි 04 වන නිදහස් දා ජෙනරාල් සරත් ෆොන්සේකා මහතාට පූර්ණ ජනාධිපති සමාවක් ලබාදී නිදහස් කිරීමට ජනාධිපතිවරයා තීරණය කර ඇතැයි ආණ්ඩුවේ ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයෙකු පැවසීය.ජෙනරාල් සරත් ෆොන්සේකාට එරෙහි සුදු කොඩි නඩුවේදී බෙදුනු තීන්දුවක් ලැබීම රජයට බරපතල ලෙස අවාසිදායක වී ඇති බවත්,ජෙනරාල් සරත් ෆොන්සේකා නිදහස් කරන ලෙස ජාතික හා ජාත්‍යන්තර වශයෙන් නැඟ එන විරෝධයන් හමුවේ මෙවැනි තීරණයක් ගැනීමට ජනාධිපතිවරයාගේ අවධානය යෙමු වී ඇත.

බෙල්ලන්තර සිරි සදහම් අසපුව හෙවත් බෙල්ලන්තර මාලිගාව

බෙල්ලන්තර සිරි සදහම් අසපුව මහල් හතරකින් යුත් ආරාම මන්දිරය, බෝ මළු දෙකක් සහිත බෝධි වෘක්ෂය, අසූ මහා ශ්‍රාවක ප්‍රතිමා, අටවිසි බුද්ධ ප්‍රතිමා, සිරිපතුල, දහසක් බුදුවරු වැඩ සිටින චෛත්‍යය, තුන් හාරදාහකට වුවද එකවර අසුන් ගත හැකි විශාල ධර්ම ශාලාව ආදී ස්ථාන රාශියක් පර්චස් 70ක භූමිය පුරා විහිදී ඇති අතර එම ස්ථාන සියල්ල නරඹා අවසන් කිරීමට පැයක් පමණ ගතවන බවයි සඳහන් වන්නේ.

දීපාලිට මගේ හෘර්දයාංගම ස්තූතිය - සරත් ෆොන්සේකා

මහාධිකරණයේ විනිසුරුවරියකව සිටි  විනිසුරු දීපාලි විජේසුන්දර මහත්මිය අභියාචනාධිකරණ විනිසුරුවරියක ලෙස ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා ඉදිරියේදී ඊයේ (05) පස්වරුවේ දිවුරුම් දී තිබේ.
මෙම දිවුරුම් දීම අරලියගහ මන්දිරයේදී සිදුවී ඇති අතර එම අවස්ථාවට ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග මහතාද එක් වි ඇත.සුදු කොඩි නඩු විභාගය විනිශ්චය කල ත‍්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලේ සභාපති විනිසුරුවරිය ලෙස කටයුතු කලේද දීපාලි විජේසුන්දර මහත්මියයි.

මනූෂ සහ උපේක්ෂා නෙරපීම වැළකූ නියෝගය තවදුරටත්


උපේක්ෂා ස්වර්ණමාලි, මනූෂ නානායක්කාර යන මන්ත්‍රිවරුන් පක්ෂ යෙන් නෙරපීම වලක්වමින් කොළඹ දිසා අධිකරණය එක්සත් ජාතික පක්ෂයට දුන් නි‍යෝගය තවදුරටත් බලාත්මක කිරීමට බස්නාහිර පළාත් සිවිල් අභියාචනා මහාධිකරණය අද නියෝග කළේය.ඒ, එක්සත් ජාතික පක්ෂය ඊට අදාළ ව ගොනු කළ අභියාචනයක්  සලකා බැලූ අවස්ථාවේ දීය.මෙහිදී එක්සත් ජාතික පක්ෂය වෙනුවෙන් පෙනී සිටින ජනාධිපති නීතිඥ ඉක්‍රම් මොහොම්ඩ් මහතා පෞද්ගලික හේතුන් මත නඩුවට පෙනී නොසිටින බව දැන්වීය.

මෙවර උඳුවප් පොහෝදින සවස 5.03 ට වසරේ අවසන් චන්ද්‍රග්‍රහණය


මේ වසර තුළ ශ්‍රි ලංකාවාසීන්ට දැකබලා ගත හැකි අවසන් චන්ද්‍රග්‍රහණය ලබන 10 වැනිදා දිස්වන බව ආතර් සී ක්ලාක් මධ්‍යස්ථානය පවසයි.
නිවේදනයක් නිකුත් කරන එම මධ්‍යස්ථානය පැවසුවේ ලබන 10 වැනිදාට යෙදෙන උඳුවප් පොහෝදින සවස 5.03 ට චන්ද්‍රග්‍රහණය ආරම්භවන බවය.එය රාත්‍රී 11 තෙක් දර්ශනයවන බව ආතර් සී ක්ලාක් මධ්‍යස්ථානය පවසයි.එම මධ්‍යස්ථානය පවසන්නේ එම පුර්ණ චන්ද්‍රග්‍රහණය පියවි ඇසින් නැරඹීමට හැකියාව ඇති බවය.

පාකිස්තාන නිළියක් මුස්ලිම් ලෝකය කළඹයි - වීනා මලික් නිරුවතින්

මුස්ලිම් ලෝකය තුල මහත් මතබේදයට තුඩු දෙන අදහස් පල කිරීමෙන් ප‍්‍රසිද්ධියට පත්ව සිටින පාකිස්තාන ජාතික නිළියක වන 33 හැවිරිදි වීනා මලික් ඉන්දියානු සඟරාවක් වන FHM සඟරාවේ ඡයාරූපයකට නිරු වතින් පෙනී සිට තිබේ. ඇය තම වම් අතේ ISI නම් අකුරු පෙලද පච්ච කොටා සිට ඇත. මෙම අකුරු පෙළින් පාකිස්තාන බුද්ධි තොරතුරු සේවාවේ නම නිරූපනය වේ.

තවත් පාතාල නායකයෙක් වන ක‍්‍රිස්ටෝපර් පැහැරගනී

කොළඹ ප‍්‍රදේශය මූලික කර ගනිමින් මත්කුඩු ජාවාරමේ නිරත පාතාල සාමාජිකයෙකු වූ ක‍්‍රිස්ටෝපර් ප‍්‍රනාන්දු නාඳුනන කණ්ඩායමක් විසින් පැහැරගෙන ගොස් තිබේ.ජම්පටා වීදියේ පිහිටි ඔහුගේ නිවසේදී ඊයේ පස්වරුවේ මෙම පැහැර ගැනීම සිදුකොට ඇත. මේ සම්බන්ධයෙන් ඔහුගේ ඥාතීන් පොලීසියට පැමිණිල්ලක් කර තිබේ.මොහු කොළඹ ප‍්‍රදේශයට අවට මත්කුඩු බෙදාහැරි ප‍්‍රධාන පෙලේ මත්කුඩු ජාවාරම්ක රුවෙකු බවත්, මොහු ඇතුළු මොහුගේ කණ්ඩායම මනුෂ්‍ය ඝාතන කිහිපයක්ම සිදුකොට ඇති බවටත් තොරතුරු ලැබී ඇතැයි පොලීසිය පවසයි.

දඹර අමිල හිමිගෙන් ටෙරන්ස් පුරසිංහට වාග් සංග්‍රහයක්

වල් පරයා, තෝ මරනවා ලෙස පටන්ගෙන ඉතා පහත් පෙලේ අසභ්‍ය වචන වලින් තමන්ට බැණ වැදුනු බව පුරසිංහ මහතා විසින් කරන ලද පැමිණිල් ලක සඳහන්ය.ශ‍්‍රී ජයවර්ධන විශ්ව විද්‍යාලයේ කථිකාචාර්යවර යෙකු වන ටෙරන්ස් පුරසිංහ මහතාට එම විශ්ව විද්‍යාලයේම කථිකාකාචාර් යවරයෙකු වන පුජ්‍ය දඹර අමිල හිමි විසින් අසභ්‍ය වචනයෙන් බැන වැදී මරණ තර්ජන එල්ල කර අතැයි ඒ මහතා විසින් මිරිහාන පොලීසිය වෙත කරන ලද පැමිණි ල්ලක දැක්වේ.

ටෙලි නාට්‍යවලට යද්දි සමහර දේවල් කැප කරන්න සිද්ධ වුණා - රුවන්ගනී


අවුරුදු කුමරියක ලෙසින් ක්‍ෂේත‍්‍රයට පිවිස නිරූපණ ශිල්පිනියක, රංගන ශිල්පිනි යක සහ නිවේදිකාවක ලෙස ක්‍ෂේත‍්‍ර ගණනක සිය දක්‍ෂතා ප‍්‍රකට කරන ශිල්පිනි යක ලෙස රුවන්ගනී රත්නායක හැඳින්විය හැකිය. සෑම  සෙනසුරාදා වකම රාත‍්‍රී 8.30 ට ස්වර්ණවාහිනිය ඔස්සේ විකාශනය වන ‘අහසින් වැටුණා’ ටෙලි නාට්‍යය හරහා ඔබට සමීප වන රුවන්ගනී ස්වර්ණවාහිනිය ඔස්සේ විකාශනය වන ‘හැඩකාර සඳුදා’ සහ ‘වෙඩින්’ වැඩසටහන් ද ඉදිරිපත් කරනු ලබනවා.

වාසයට සුදුසු ප්‍රථිවියට සමාන ග්‍රහලොවක්

ප්‍රථිවියට සමාන ග්‍රහ ලෝකයක් පවතින බව තාරකා විද්‍යාඥයින් විසින් තහවුරු කරගනු ලැබ තිබේ.කෙප්ලර් 22 බී ලෙස එය නම් කර තිබේ.
තාරකාවක් වටා පිහිටි මෙම ග්‍රහලොව වාසයට සුදුසු කලාපයක පිහිටා ඇති බව විද්‍යාඥයින්ගේ අදහස වේ.ප්‍රථිවියට වඩා දෙගුණයකට වඩා විශාල වන මෙම ග්‍රහ ලෝකය පිහිටා ඇත්තේ ආලෝක වර්ෂ 600ක් දුරිනි.