Ads 468x60px

.

බලමු..මම තව අවුරුද්දක් ආණ්ඩුව ගැන බලනවා - උපේක්ෂා

පසුගිය සතියේ සරසවිය පුවත්පතට උපේක්ෂාගේ මව විසින් ලබා දුන් සාකච්චාවකදී උපේක්ෂාගේ කේන්දරයේ රාජ යෝග තිබෙන බව පවසා තිබුනත් ඇයට මෙවර අමාත්‍යමණ්ඩල සංශෝධනයේදී  නියෝජ්‍ය ඇමතිකමක් වත් නොලැබෙන බව වාර්තා වේ.උපේක්ෂා ස්වර්ණමාලි නොහොත් පබා එක්සත් ජාතික පක්ෂෙන් තරඟකොට මංත්‍රී ධුරයක් ලබාගෙන ආණ්ඩුවට එක්වුයේ 18 වන සංශෝධනයට සහය පළකරමිනි. ඒ පිටුපස ඇයගේ සැමියා මහේෂ් සිටි බව පසුව ඇය විසින් හෙළිකරන ලදී.ඇයගේ විවාහය අසාර්ථක වීමත් සමග නැවත ඇය විපක්ෂය වෙත එක්වන බවට රාවයක් පැතිර ගියත් ඇය විසින් එය ප්‍රතික්ෂේප කරන ලදී.නමුත් මේවන විට ඇය සිටින්නේ තම පක්ෂය පිලිබඳ ස්ථාවර අදහසකින් නොවන බව වාර්තා වේ.

ඓයිශ්වර්යා රායි යළිත් සිය රංගන කටයුතු වල

සති කිහිපයකට පෙර මව් පදවිය ලැබූ සුපිරි බොලිවුඩ් නිළි ඓයිශ්වර්යා රායි යළිත් සිය රංගන කටයුතු වලට අතගැසීමට සූදානම් වන බව ඉන්දීය ටැබ්ලොයිඩ් මාධ්‍ය වාර්තා කරයි.පසුගිය දිනක චිත‍්‍රපටියක් පිළිබඳව සාකච්ඡා කිරීමට ප‍්‍රවීණ බොලිවුඩ් අධ්‍යක්‍ෂ සන්ජේ ලීලා බන්සාලි ඓයිශ්බැහැදැකීමට පැමිණ ඇති අතර, ඔහුගේ නිර්මාණයට එක්වීමට ඇය වහා කැමැත්ත පළ කර ඇතැයි බොලිවුඩ් ආරංචිමාර්ග වැඩිදුරටත් පවසයි.

මාව සැක කරනවා නම් එවැනි පීඩන තත්තවයන් විඳවන්න මට බැහැ - නිරෝෂා

‘සිත හඬයි’ ගීතයෙන් මීට වසර විස්සකට පමණ පෙර සංගීත දිවිය ඇරඹූ නිරෝෂා විරාජිනී ඉතා ඉක්මනින් ජනප්‍රිය වූයේ විරහ ගීයෙන් සිත් ඇදගන්නා මධුර ස්වරයක් ඈ සතුව වූ නිසයි. ඇය තෙවන වරට විවාහ වුනේ දෙරණ රූපවාහිනී නාලිකාවේ අලෙවි අංශයේ යසන්ත නිමලතේජ සමඟයි. ඒ 2009 ජූලි 29වනදා කොළඹ ගලදාරී හෝටලයේ දී. නමුත් එම විවාහයත් මේ වනවිට අසාර්ථක වී තිබෙනවා. ඊට පෙර ඇය විවාහවී සිටියේ යුධ හමුදා කපිතාන්වරයෙකු වන නලින්ද සම්පත් සමඟයි. ඔවුන් දික්කසාද වූයේ 2005 වසරේදීයි. පසුගිය ඉරිදා සිළුමිණ පුවත්පතට ඇය ප්‍රකාශ කර සිටියේ මෙලෙසින්

උපාලි අංකල්’ විසින් නාමල් පුතාට ලක්‍ෂ 700 ක් පමණ වටිනා ඇස්ටන් මාර්ටින් රථයක්

නවලෝක සමූහ ව්‍යාපාරයේ අධ්‍යක්‍ෂකවරුන් වන ජයන්ත ධර්මදාස හා උපාලි ධර්මදාස ශී‍්‍ර ලංකා කි‍්‍රකට් පාලක මණ්ඩලයේ සභාපති පුටුව වෙනුවෙන්  සුබ සහ යස රංගනයක යෙදෙමින් සිටින බව වාර්තා වේ.
ශී‍්‍ර ලංකා කි‍්‍රකට් පාලක මණ්ඩලයේ අන්තර් පාලන කමිටුවේ සභාපති වරයා ලෙස කටයුතු කළ ඞී.එස්. ද සිල්වා මහතා ඔහුගේ බෑණාවරුන් සමග ගෙන ගිය කොල්ලකාරී පාලනයෙන් පාලක මණ්ඩලය මුදවා ගැනීමේ අරමුණින් ඞී.එස්. ද සිල්වා සහ ඔහුගේ බෑණාවරුන් පන්නා දැමීමේ උපක‍්‍රමයක් ලෙස ජනාධිපතිවරයා විසින් අතුරු පාලන කමිටුවේ සභාපති තනතුර භාර ගන්නා ලෙස ජයන්ත ධර්මදාසට ආරාධනා කර තිබේ.

පුහුණුකරුගෙන් සචින්ට කම්මුල් පහරක්

ඉන්දියාවේ සුපිරි පිතිකරු සචින් ටෙන්ඩුල්කාර් ට ජගත් ක්‍රිකට් ක්ෂේත්‍රයේ විශිෂ්ට ක්‍රීඩකයෙකු වීමට මං විවර කළ ඔහුගේ පුහුණුකරු රාමාකාන්ට් අක්රි කාර් පසුගියදා 79 වැනි වියට පා තැබීය.ඒ නිමිත්තෙන් පැවැති උපන්දින උත්සව යේදී ඔහු විසින් මෙතෙක් සඟවා ගෙන සිටි ටෙන්ඩුල්කාර් පිළිබඳ රහසක් ප්‍රසිද්ධියට පත්විණි.පුහුණු කඳවුරක් පැවැත්වීම සඳහා ඩුබායි රාජ්‍යයට පැමිණි අවස්ථාවකදී අක්රිකාර්, ටෙන්ඩුල්කාර්ගේ සාර්ථකත්වය පිටුපස ඇති රහස වන්නේ ලකුණු ලබා ගැනීමට ඔහු තුළ තිබූ බලවත් ආශාව බව කියා තිබේ. එහෙත් ඔහු අනාවරණය නොකළ දෙය වූයේ එම ආශාව ටෙන්ඩුල් කාර්ගේ සිතට කාවැද්දීම සඳහා වෙහෙස වී වැඩ කිරීමේ වැදගත්කම ඔහුට වටහා දීම පිණිස අක්රිකාර් ඔහුගේ ජනපි‍්‍රය ශිෂ්‍යයාට තදින් පහර දීම පිළිබඳවය.

අසැබි අඩවි 100,000 පමන XXX නමින් ඩොමේනයක්

මෙතැන් පටන් XXX ඩොමේනයන් භාවිතයට මුදා හරින බවට අලුත්ම වාර්ථා පවසයි. අසැබි අඩවි 100,000 පමන මෙම නව ඩොමේනයත් සමග එක්වනු ඇති බවට බලාපොරොත්තු පලවී ඇත. ඩොලර් 80 සිට මෙම ඩොමේනයන් මිල කිරීමට නියමිත අතර එම වෙබ් අඩවි දෛනිකව මැකා‍ෆි ආරක්ශක මෘදුකාංගය අසුරෙන් හානිකර මෘදුකාංගවලින් තොර බවට සොයා බැලෙන බවටත් පැවසේ.බාල පරපුර අනවශ්‍ය හා අයහපත් වෙබ් අඩවිවෙත පිවිසීම පහසුවෙන් සීමා කරගන්නට මෙම පියවර

පුංචි තිරයට පෑයූ අලූත්ම හැඩකාරිය - කේතකී...


‘සිහින පියාපත්’ නාට්‍යය හැඩ කරන පුංචි තිරයට පෑයූ අලූත්ම හැඩකාරිය ඇයයි. රංගනයට පැමිණීමට පෙර නිරූපණ ශිල්පිනියක ලෙස කටයුතු කළ ඇය දේශීය වෛද්‍ය අංශයේ සිව්වන වසරේ ඉගෙනුම ලබන සිසුවියකි. සඳුන් රාජකරුණාගේ අධ්‍යක්‍ෂණයෙන් ස්වාධීන රූපවාහිනිය ඔස්සේ විකාශය වන ‘සිහින පියාපත්’ නාට්‍යයේ ඇය රඟපාන්නේ කේතකී නමිනි. නමුත් ඇයගේ සැබෑ නාමය ඉෂාරා සඳමිණිය. ‘සිහින පියාපත්’ හැඩකරන ඇය සමග සඳැල්ල පිළිසඳරට එක්වෙමු.

මෙවර නත්තල් සමයේ දී SLT වෙතින් සුවිශේෂී දීමනා රැසක්

මෙම නත්තල් සමයේ දී සුවිශේෂී දීමනා රැසක් තිළිණ කරමින් උත්සව සමය සැමරීමට මෙරට ප‍්‍රධාන සන්නිවේදන සේවා සපයන්නා වන ශ‍්‍රී ලංකා ටෙලිකොම් සැරසෙයි.මේ අනුව උත්සව සමය සඳහාම සැලසුම් කළ ”ක‍්‍රිස්මස් කනෙක්ෂන්” වෙතින් බ්‍රෝඩ්බෑන්ඩ්, මෙගාලයින්, සිටිලින්ක්, පියෝ ටීවී සබඳතා 2011 දෙසැම්බර් 01 වැනිදා සිට 31 වැනිදා දක්වා සුවිශේෂ මිල ගණන් යටතේ ලබා ගැනීමට පාරිභෝගිකයන්ට හැකි වනු ඇත.මෙම දීමනාව සියළු SLT ප‍්‍රාදේශීය කාර්යාල සහ ටෙලිෂොප් මධ්‍යස්ථාවලින් ලබා ගත හැකිය.

සන් එෆ්.එම් ඇරයුමෙන් අරාෂ් ලංකාවට

සන් එෆ්.එම් විසින් සංවිධානය කරනු දෙසැම්බර් 9 වනදා පැවැත්වීමට නියමිත සංගීත ප්‍රසංගයට සහභාගී වීම සඳහා අරාෂ් අපසුගියදා ලංකාවට පැමිණියා.එහිදී ලබාගත් ජායාරුප  කිහිපයක් පහතින් බලන්න.

දිලන්තට ලංකාවට පැමිණීමේ තහනම තාවකාලිකව ඉවත් කරයි

ශ්‍රී ලාංකිකයෙකු වන අන්තර්ජාතික රේසින් ශුරයෙකු වන දිලන්ත මාලගමුවට ශ්‍රීලංකාවට පැමිණීමට පනවා තිබු තහනම උසාවිය විසින් තාවකාලිකව ඉවත්කොට තිබෙනවා.මෙම තහනමට හේතු වී ඇත්තේ දිලන්ත විසින් සිදුකරන ලද නොමනා ගනදෙනුවක් සම්බන්ධයෙන් නැගුනු චෝදනා හේතුවෙනි.දිලන්ත විසින් ලංකාවේ ව්‍යාපාරිකයෙකු වන ගනදිපම් සිවජෝති නම් පුද්ගලයෙකු ජපානයේ යෝශියුකි හයාෂි වෙත හදුන්වා දී ඇත්තේ ලංකාවේ ආයෝජන කටයුත්තක් සඳහායි.