Ads 468x60px

.

විවාහ වුණහම රංගනයෙන් ඈත් වෙනවා - පියුමි

තමා විවාහ වූ පසුව රංගනයෙන් සමුගන්නා බව නිලංජනා හා බොඳ මීදුම් හි රඟපෑ චරිත ඔස්සේ ජනප‍්‍රියත්වයට පත් පියුමි පුරසිංහ පවසයි. මීදුම අතිරේකය හා කළ සම්මුඛ සාකච්ඡාවකදී ඇය මෙසේ පවසා ඇත. මම හිතන්නේ විවාහයෙන් පස්සේ කාන්තාවකට රංගනය සුදුසු නැහැ කියලයි. ඊට වැඩිය කරන්න වැඩ ගොඩක් තියෙනවා. ගෙදරදොර වැඩවලට මුල් තැන දිය යුතුයි. අනික මං කැමති නෑ විවාහයෙන් පස්සේ කාර්යබහුල වෙන්න, යැයි ඇය පවසා ඇත.

දරුවකු රැගෙන හදාගැනීම තම සිහිනයක් - ජැකලින් කියයි

බොලිවුඞ් සිනමා නිළි සුෂ්මිතා සෙන් මෙන් තමාද අවිවාහක මවක් ලෙස දරුවකු අරන් හදා ගැනීමට කැමති බව සිනමා නිළි හා ශ‍්‍රී ලංකා රූ රැුජින ජැකලින් ෆර්නැන්ඩස් පවසන බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි. දරුවකු රැගෙන හදාගැනීම මගින් ඔවුන්ට ජීවිතයේ නොලද පවුලක් හා අවස්ථා ලබාදීම ඉතා සුන්දර දෙයක් බවත්, එය තමාගේ සිහිනයක් බවත්, සුදුසු කලකදී එම සිහිනය සැබෑ කරගැනීමට තමාට හැකි වේ යැයි පතන බවත් ඇය පවසා ඇත.

කන්තලේ ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍රය කඩා මුදල් පැහැරගෙන (පින්තුර)

ඊයේ(08) රාත්‍රී 08 ත් අද(09) පෙරවරු 08 ත් අතර කාලය තුළ කිසියම් පිරිසක් විසින් කන්තලේ ප්‍රදේශයේ බැංකුවක ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍රය කඩා මුදල් පැහැරගෙන ගොස් ඇති බව පොලිසිය පවසයි. සැකකරුවන් මෙතෙක් අනාවරණය වී නොමැති අතර කන්තලේ පොලීසිය වැඩිදුර විමර්ශන පවත්වාගෙන යනු ලබයි. ටෙලර් යන්ත්‍රයක පෙරදින රාත්‍රියේ කඩා අඩුගණනේ රුපියල ලක්ෂ පනහක් පමණ සොරාගන්නට ඇතැයි පොලිසිය අනුමාන කරයි.

සරාගී නිළි මල්ලිකා වාහන සෝදයි

බොලිවුඞ්හි සරාගි නිළි මල්ලිකා ෂරාවත් මේ දිනවල වාහන සෝදන බව වාර්තා වේ.  වෙනස් ආකාරයකට තම රසික රසිකාවියන් අතරට යාම සඳහා මෙය තෝරාගත් බව ඇය ප‍්‍රකාශ කර ඇත.මෙම වාහන සේදීමේ වැඩසටහන පිළිබඳ ආරංචි වී මල්ලිකා ෂරාවත්ගේ රසික රසිකාවියන් තම මෝටර් රථය සෝදා ගැනීම සඳහා පැමිණෙමින් සිටින බවත්,  බොහෝ දෙනෙකු මෙම රථ පෝලීමේ සිටින්නේ, මල්ලිකා ෂරාවත්ගේ මෙම වැඩසටහන සජිවීව දැකබලා ගැනීමට බවත්, බොලිවුඞ් ආරංචි මාර්ග පවසයි.

ආරක්‍ෂක අංග වල දෝෂයක් - සකර්බර්ග්ටත් වැඩ වැරදෙයි

ෆේස්බුක් හි ඇති ව තිබූ ආරක්‍ෂක අංග වල දෝෂයක් හේතුවෙන් එහි නිර්මාතෘ මාක් සකර්බර්ග්පීඩාවට පත්ව ඇතැයි වාර්තා වේ.මෙම දෝෂය උපුටාදැක්වීමට ෆේස්බුක් ජාලයට ඇතුළත් කර තිබූ සකර්බර්ග් ගේ පෞද්ගලික ඡායාරූප 14ක් වෙනත් වෙබ් අඩවියක පල කිරීමට කිසියම් පිරිසක් විසින් කටයුතු කර තිබේ.නිවේදනයක් නිකුත් කරන ෆේස්බුක් සමාගම පවසා ඇත්තේ මෙම දෝෂය නිවැරදි කර ඇති බවයි.

මොරටුව රාවතාවත්තේ ළමා ජාවාරම සෙවිම අපරාධයක්ද?

මොරටුව රාවතාවත්තේ පේ‍්‍රම් ළමා නිවාසය ජාතික ළමා ආරක්ෂක අධි කාරිය විසින් සෝදිසියට ලක්කළේ එහි සිදුවෙනවා යයි කියන බිහිසුණු ළමා ජාවාරම පිළිබඳව ඔත්තු ගොඩාක් ළමා ආරක්ෂක අධිකාරියට ලැබුණු හෙයිනි. ළමා ආරක්ෂක අධිකාරිය නිතියට එකගව ක‍්‍රියා කළේය. අපි ඕක පරික්ෂා කරන්ට එනවා නොකියා එය පරික්ෂාවට ගියේය.පේ‍්‍රම් ළමා නිවාසයට ගිය ළමා ආරක්ෂක අධිකාරියේ පිරිස් තිගැස්සුනහ.

ශේවාග් ගෙන් නව ලෝක වාර්තාවක් - එක්දින තරගයකදී වැඩිම ලකුණු 219

ඉන්දෝර්හිදී බටහිර ඉන්දීය කොදෙව් පිලට එරෙහිව පැවැත්වෙන සිව්වැනි එක්දින තරගයේදී ඉන්දීය ආරම්භක පිතිකරු විරේන්ද්‍ර ශේවාග් ලකුණු 219 ලබාගත්තේය.ඒ සමඟ ඔහු එක්දින ඉනිමකදී වැඩිම ලකුණු ලබාගත් පිතිකරුවා ලෙස නව ලෝක වාර්තාවක් පිහිටුවීමට සමත්විය.සේවැග් එක්දින තරගයක ඉනිමකදී ද්විත්ව ශතකයක් ලබාගත් දෙවැනි පිතිකරුවා වන අතර ඉන්දීය පිතිකරු සචින් තෙන්ඩුල්කාර් 2010දී දකුණු අප‍‍්‍රිකාවට එරෙහිව ලකුණු 200 ක් ලබා ගත්තේය.

ප්‍රේක්ෂකයන් බැනවැදීම හේතුවෙන් හිරු එෆ්.එම් ෆෑන් පේජ් තාවකාලිකව වසා දමයි

අරාෂ් විසින් පවත්වන්නට නියමිත සංගීත ප්‍රසංගය සඳහා නොමිලේ ප්‍රවේශ පත් ලබාදීමට හිරු එෆ්.එම් විසින් ඔනල්යින් ක්‍රීඩාවක් සුදානම්කොට තිබු අතර එය ජයග්‍රහණය කල අයට රුපියල් දෙදාහක් වටිනා ටිකට් පත් නොමිලේ ලබා දෙන බවට පොරොන්දුවී තිබුණි.සන් එෆ්.එම් නියමිත පරිදි 2000 ටිකට්පත් ලබාදුන්නත් හිරු එෆ්.එම් වෙතින් ඔවුන්ගේ රසිකයන් මුලා කොට රුපියල් 1000 ටිකට්පත් ලබා දී ඇත.එහිදී ප්‍රවේශපත්‍ර එකතු කර ගැනීමට ගිය පිරිස් එය දැනගැනීමත් සමග ඔවුන්ට බැනවැදී ඔවුන්ගේ ෆේස්බුක් ෆෑන් පේජ්හි  ඒ බව සඳහන් කිරීමත් සමග ඊයේ දිනයේ හවස (8) හිරු එෆ්.එම් ෆෑන් පේජ් තාවකාලිකව වසා දැමීමට සිදුවිය.

පෙම්වතියගේ පවුලම මරා පෙම්වතාත් දිවි නසා ගනී

ප්‍රේම සම්බන්ධතාවක්‌ මුල්කරගෙන ඇතිවූ ආරවුලක්‌ මත තණමල්විල හම්බෙගමුව කොටවෙහෙරමංකඩ ප්‍රදේශයේ එකම පවුලේ මව, පියා, දියණිය වෙඩි තබා කෲර අන්දමින් ඝාතනය කළ පොලිස්‌ විශේෂ කාර්ය බළකායෙන් පලා ආ කොස්‌තාපල්වරයකු එම ගිනි අවියෙන්ම වෙඩි තබාගෙන සිය දිවි හානි කරගෙන ඇත.