Ads 468x60px

.

උදයන්ති - ධනංජය අනග රැගුම් හසුවී රූගත කිරීම් ඇන හිටලා

මොහාන් නියාස් මහතා විසින් අධ්‍යක්‍ෂණය කරනු ලැබූ ස්වාධීන රූපවාහිනියේ විකාශය වන ‘මිලා’ මෙගා ටෙලි නාට්‍යහි අත්තනගල්ල ප‍්‍රදේශයේ වලව්වක පසුගියදා සිදුකළ රූගත කිරීම් හදිසියේ නවතා දැමීමට සිදුවී ඇතැයි වාර්තා වේ. මෙම ටෙලියේ රූගත කිරීම් හදිසියේ නැවැත්වීමට සිදුව ඇත්තේ එහි ප‍්‍රධාන චරිත සඳහා පණ පොවන උදයන්ති කුලතුංග හා ධනංජය සිරිවර්ධන නිසා බව පැවසේ.
මොවුන් දෙදෙනාගේ අනග රැගුමක් අදාළ රූගත කිරීම් සිදු කළ වලව්වේ හිමිකරුට හසුවීම හේතුවෙන් ඔහු මෙම ටෙලිය එම වලව්වේ රූගත කිරීමට විරුද්ධ වී ඇතැයි වාර්තා වේ.

සාක්‍ෂි හා ද්‍රෝණිගේ හමුව යාදිත් හා සාක්‍ෂි දෙදෙනාගේම සැලැසුමක්ලු

සාක්‍ෂි රාවත් ඉන්දීය කි‍්‍රකට් පිලේ නායක මහේන්‍ද‍්‍ර සිං ද්‍රෝණිගේ බිරිඳය. සාක්‍ෂිට ද්‍රෝණි මුලින්ම මුණගැසුනේ 2007 දෙසැම්බර් මාසයේදී කල්කටාවේ ටාජ් බෙන්ගෝල් හෝටලයේදී බව පැවසේ.
ද්‍රෝණිගේ හොඳම මිතුරා මෙන්ම ඔහුගේ කළමණාකරුවාද වූ යාදිත් දත්තා ද්‍රෝණි හා සාක්‍ෂි අතර හමුවට සහයෝගය ලබාදී තිබේ. ඉන්දියාව හා පාකිස්තානය අතර ඊඩ්න්ගාඩ්න් කී‍්‍රඩාංගනයේ පැවැති තරගයක් අතර තුරදී සාක්‍ෂි හා ද්‍රෝණිගේ හමුව ටාජ් බෙන්ගෝල් හෝටලයේදී සිදුවූ බවද පැවසේ. මේ හමුවේදී ද්‍රෝණි හා සාක්‍ෂි කතා කරනු ලැබුවේ වචන කිහිපයක් පමණක් බව යාදිත් කියයි.

කාරුණික නිවේදනයයි ( ශ්‍රී ලංකා පොලිසිය )

හුදෙකලාව පිහිටි නිවෙස්වල තනිව ජීවත් වන වයෝවෘද්ධ කාන්තාවන් සුරක්ෂිත කර ගැනීම සඳහා පියවර ගන්නැයි පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.හුදකලාව පිහිටි නිවෙස්වල තනිව ජීවත් වන වයෝවෘධ කාන්තාවන් අපරාධකරුවන් විසින් ඝාතනය කල සිද්ධීන් කිහිපයක් පසුගිය දිනවල වාර්තා වූ අතර එවැනි කාන්තාවන් සිටින නිවෙස්වලට පැමිණ මුදල් සහ දේපළ කොල්ලකා ඔවුන්ද ඝාතනය කල සිදුවීම්වාර්තා වූ බව පොලිස් මූලස්ථානය පවසයි.විශේෂයෙන්ම තම වයෝවෘධ මව හුදකලාව නිවෙස්වල තබන දරුවන්, මෙම අපරාධ ප්‍රවනතාවය කෙරෙහි අවධානය යොමු කලයුතු අතර අපරාධකරුවන් මුදල් හෝ දේපල සොරකම් කිරීමට මෙවැනි කාන්තාවන් සිටින නිවෙස් තොරාගනු ලබන්නේ ඔවුනට කිසිම තර්ජනයක් ඇති නොවන නිසා බවට ‍අනාවරණය වී ඇත.

ටෙනිසන් නිලන්තිට තට්ටු කරන්න නොගත් උත්සාහයක් නැතිලු

මේ දිනවල තිරගතවන ‘තෑන්ක් යූ බර්ටි’ චිත‍්‍රපටයේ සඳකොමළිගේ චරිතය රග පාන්නේ නිළියක් හා නර්තනන ශිල්පිනියක් වන නිලන්ති ඩයස්ය. එහි ප‍්‍රධාන චරිතය වන බර්ටිගේ චරිතයට පණ පොවන්නේ ටෙනිසන් කුරේ.මෙම චිත‍්‍රපටයේ පිටපතට අනුව ටෙනිසන්ගේ පෙම්වතිය සඳකොමළීය.චිත‍්‍රපටයට අනුව සඳකොමළී හා පෙමින් වෙලෙන්නට ටෙනිසන් නොගත් උත්සාහයක් නැතැයි නිලන්ති ඩයස් සති අන්ත පුවත්පතකට පවසා තිබිණි.

170 දෙනෙකුට එකවර චිත්‍රපටය රසවිදීමට හැකියාව ඇති ලංකාවේ පලමු ත්‍රිමාණ සිනමා ශාලාව

ලංකාවේ පලමු ත්‍රිමාණ සිනමා ශාලාව පසුගියදා විවෘත කළා. ඒ මැජස්ටික්සිටි වෙළඳ සංකීර්ණයේ අලුතින් ඉදිවූ පස්වන මහලෙහිය. MC 3D Superior ලෙස නම් කර ඇති මෙහි පළමු ත්‍රිමාන චිත්‍රපටය ලෙස Three Musketeers චිත්‍රපටය පසුගිය 2 වනදා සිට ජනතාවට නැරඹීමට අවස්ථාව ලැබී තිබෙනවා.මෙම සිනමාහලේ 170 දෙනෙකුට එකවර චිත්‍රපටය රසවිදීමට හැකියාව තිබෙනවා. චිත්‍රපටය ඇරඹෙනතුරු රැදී සිටීමටය අගනා විශාල විසිත්ත කාමරයක්ද තිබෙන අතර ආබාධිතයන් සඳහා චිත්‍රපට ශාලාවෙහි තරප්පු පෙළ වෙනුවට රෝදපුටුවකින් ගමන්කිරීමේ හැකියාවද තිබෙනවා.

මහින්ද බාලසුරියට හා සෝම හිමිට දුන් උපාධි බොරුවක්

රුසියාවේ ශාන්ත පීටර්ස්බර්ග් නුවර පිහිටි "මුලික අධ්‍යයනයන් පිළිබඳ ජාත්‍යන්තර විශ්වවිද්‍යාලයට" උපාධියක් හෝ අධ්‍යන තානාන්තරයක් පිරිනැමීමට බලයක් නැති බව රජය විසින් අවධාරණය කොටසිටිනවා.
එම වීශ්වවිද්‍යාලයෙන් පිරිනමන විද්‍යා උපාධි ආචාර්ය උපාධි හා මහාචාර්ය උපාධි එරට රජය මගින් නොපිළිගන්නා බව රුසියාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය වැඩි දුරටත් සඳහන් කරසිටිනවා.

නිරෝෂි රූපවාහිනියට මාරුවූයේ යැයි ස්වර්ණවාහිනියේ ප‍්‍රධානියා හැඩූ කඳුලින්

ස්වර්ණවාහිනී නාලිකාවේ නිවේදිකාවක්වූ නිරෝෂි අබේසිංහ හදිස්සියේම ජාතික රූපවාහිනියට මාරුවූයේ ස්වර්ණවාහිනී නාලිකාවේ ප‍්‍රධානියෙකුගෙන් සිදුවන බලපෑම්වලින් බේරීමට බව විශ්වාස කටයුතු ආරංචි මාර්ගයකින් වාර්තා වේ.
කෙසේවුවත් ඇය ස්වර්ණවාහිනියෙන් ඉවත්වීමට තීරණය කිරීමෙන් පසුව එහි පාලනාධිකාරියට මෙන්ම තමන්ගේ සහෝදර මාධ්‍ය සඟයන්ට කීවේද තමා ස්විස්ටර්ලන්තයේ පදිංචියට යාමට තීරණය කර ඇති බැවින් ස්වර්ණවාහිනියේ නිවේදන වෘත්තියට සමුදෙන බවයි.

සඳලි කාලයකදී මහණ වෙයිද ?

නිවේදිකාවක්, රංඟන ශිල්පිනියක්, ටෙලි නාට්‍ය නිෂ්පාදිකාවක් වන ‘සුළඟ’ හා ‘නිල්නෙතු’ ටෙලි නාට්‍ය හරහා ප්‍රේක්ෂක ජනාදරයට පත් ආශා එදිරිසිංහ තමා ඉදිරි කාලයකදී මහණ වෙයි දැයි, නොවේදැයි කියා  තමා නොදන්නා බව පවසයි.ඇය මේ පිළිබඳව පවසා තිබුනේ සති අන්ත පුවත්පතක් සමඟ පැවති මාධ්‍ය සාකච්ඡාවකදීය.සුළඟ ටෙලිනාට්‍යයේ නිෂ්පාදිකාවක් වන එම නාට්‍යයේම සඳලිගේ චරිතයට පණ පොවමින් රංගනයෙන් දායක විය. සඳලිගේ චරිතයේ මහණ වීම පිළිබඳව එහි තවත් චරිතයක් විසින් සිහිනෙන් දකින ජවනිකාවක් පිළිබඳව ඇය පවසා ඇත්තේ මෙසේය.

පේ‍්‍රම් ළමා නිවාසය රටට දෙන පණිවිඩය

මැල්කම් රංජිත් කාදිනල් තුමා වර්ජනයක. නෝබට් අන්ද්‍රාදි  අනුරාධපුර බිෂොප් වර්ජනයේ. හෙට අනිද්දා වෙනවිට සේරම බිෂොප්වරු ඊට එක්වෙන්ඩ පුලූවනි. මේ අය රාජ්‍ය උත්සව වර්ජනය කරන්නේ ජාතික ළමා ආරක්ෂක අධිකාරිය මොරටුව රාවතාවත්ත පේ‍්‍රම් ළමා නිවාසය වැටලීම ගැන විරුද්ධත්වය පාමිනි. එය අනතුරු හැගවිමකි. ජාවාරම් පිළිබඳව මොන තොරතුරු ආවත් කතෝලික සභාවට අයත් ස්ථාන පරික්ෂා කිරිමට රජයේ ආරක්ෂක අංශවලට අයිතියක් නැති බව රජයට දෙන පණිවිඩයකි.

අද පස්වරු 5.04ට අහස දිහා බලාගෙන ඉන්න - වසරේ අවසන් චන්ද්‍රග්‍රහණය


මේ වසරේ අවසන් චන්ද්‍රග්‍රහණය අද (10) රාත්‍රියේ ශ්‍රී ලංකාවාසීන්ට දැකබලා ගැනීමේ අවස්ථාව උදාවේ.කොළඹ විශ්වවිද්‍යාලයේ භෞතික විද්‍යා අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය, තාරකා විද්‍යාඥ ආචාර්ය චන්දන ජයරත්න පැවසුවේ ශ්‍රී ලංකාව ඇතුළු ආසියානු රටවල්වලට මෙන්ම ඔස්ට්‍රේලියාවට ද මෙම චන්ද්‍රග්‍රහණය දර්ශනයවන බවය.මෙවැනි පුර්ණ චන්ද්‍රගහණයක් යළි ශ්‍රී ලංකාවාසීන්ට දර්ශනය වන්නේ 2014 වර්ෂයේ ඔක්තෝබර් මාසයේ බව ද ඔහු සඳහන් කළේය.