Ads 468x60px

.

ලංකාවට අලුතෙන් එන නයිට් රේස් අත්‍යවශ්‍ය ද..?

සැබවින්ම රාත්‍රී මෝටර් රථ තරඟ ලංකාවට අත්‍යවශ්‍ය කරුණක්ද? මේ සම්බන්ධව විවිධ මත පළකරන්නෝ වෙති.රජයේ සල්ලි යන්නේ නැත්නම් තිබ්බට මොකද? දුප්පතුන්ට ඔය මුකුත් නැහැ වැනි වදන් මේ සම්බන්ධයෙන් නිතර ඇසෙන ප්‍රතිවිරුද්ධ අදහස්ය.මෙම තරඟාවලියට ඉහළපෙලේ ව්‍යාපාරිකයන් විසින් ලක්ෂ 200 කට ආසන්න මුදලක් දැනටමත් වෙනකොට ඇතැයි පැවසේ. ඒ අනුව මෙහි ටිකට්පත් රුපියල් 50 සිට 3000 දක්වා මිලකර ඇත.

විවාහයට හදිස්සියක් නෑ සීලය ආරක්‍ෂකරගෙන ඉන්නවා - නදීශා

සිනමා හා ටෙලි නාට්‍ය නිළියක් ලෙස ජනපි‍්‍රයත්වයට පත් නදීෂා හේමමාලි විවාහ නොවී සිටීමට තීරණය කර අතැයි වාර්තා වේ.සීලය ආරක්‍ෂකරගෙන බෞද්ධානුකූල ව ජීවිතයක්  ගෙවීමට මෙම තීරණය ගත් බව ඇය සති අන්ත පුවත්පතකට පවසා තිබිණි.තමාට පේ‍්‍රමයේදී අනන්තවත් වැරදී ඇතැයිඇය පවසන්නීය.කෙසේවුවද තමාට පෙම්වතෙක් ඉන්නා බවත්, ඒත් විවාහයට හදිස්සියක් නොමැති බවත් පවසන නදීෂා, එය විවාහයකින් කෙළවරවේවිදැයි නොදන්නා බවත් ඇය සඳහන්කර තිබේ.

WILD ROSE GAYESHA - ගයේශා පෙරේරා

Love is much like a Wild Rose, Beautiful and Calm,This time Sri Lanka’s Beautiful & Calm Actress GAYESHA PERERA comes out in a powerful collection of Nature Photography.Check out Gayesha’s Garden of Roses. . .Photographed By Lolitha Samarajeewa Hair & Make up : Gayani Batz Outfits : Niluka Wanigarathne ("The Stitch") Retouching By Amy Rachel ( http://www.modelmayhem.com/2417023 ) & Lolitha Samarajeewa Location : Gods Paradise Nature Resort ( http://www.godparadise.net/ )

බෙහෙත් ගන්න යන්නේ බලාගෙනයි

කොල්ලූපිටියේ පෞද්ගලික රෝහලකට අතේ අමාරුවකට බෙහෙත් ගැනීමට ගිය විට එහි සිටි වෛද්‍යවරයා තමා අතපත ගෑ බව කොළඹ ඇමෙරිකා තානාපති කාර්යාලයයේ සේවිකාවක කොළඹ කොටුව මහේස්ත‍්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය හමුවේ ඊයේ (13) කියා සිටියාය.

ප්ලාස්ටික් කුඩ මෙහෙයුම ව්‍යාපාරිකයෙකුගේ කොන්ත‍්‍රාත්තුවක් ද ...?

එළවළු සහ පළතුරු ප‍්‍රවාහනයට ප්ලාස්ටික් කූඩ අනිවාර්ය කිරීම කිසියම් ව්‍යාපාරිකයෙකුගේ කොන්ත‍්‍රාත්තුවක්දැයි අනුරාධපුර දිස්ති‍්‍රක් වාණිජ - කර්මාන්ත හා කෘෂිකර්ම මණ්ඩලය සැක පළ කරයි.එහි ප‍්‍රධාන විධායක අධ්‍යක්ෂ පී.බී. දිසානායක මහතා පෙන්වා දෙන්නේ ප්ලාස්ටික් යනු පරිසරයටද අහිතකර නිෂ්පාදනයක් බවයි.

උදයන්ති සමඟ අනග රැඟුමක් තිබුනේ නැහැ - ධනංජය

ස්වාධීන රූපවාහිනියේ විකාශය වන ‘මිලා’ මෙගා ටෙලි නාට්‍යහි අත්තනගල්ල ප‍්‍රදේශයේ වලව්වක පසුගියදා සිදුකළ රූගත කිරීමක් එහි ප‍්‍රධාන චරිත සඳහා පණ පොවන උදයන්ති කුලතුංග හා ධනංජය සිරිවර්ධනගේ අනග රැඟුමක් හේතුවෙන් අත් නොහැරිය බවත්, එවැනි කිසිදු සිදුවීමක් නොවූ බවත්, ධනංජය සිරිවර්ධන කියයි.

‘සූරසේන’ සුසාර දිනාල් වූ හැටි

සිරස මාධ්‍ය ජාලයේ විශේෂාංග ඒකකයේ ප‍්‍රධානි සුසාර දිනාල් ඉස්කෝලේ යන අවදියේදී භාවිතා කළ නම අත්හැර වර්තමාන නම ලබාගත් ආකාරය පිළිබඳව වාර්තාවේ.කොළඹ කොල්ලූපිටියේ මහානාම විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකු වන ‘සූරසේන මුදියන්සෙලාගේ සුසාර’ ඔහු හා එකට අකුරු කළ සියලූම දෙනා අමතන්නේ ‘සූරසේන’ නමිනි.

කි‍්‍රකට් කී‍්‍රඩාවේ ‘ෆයින්ලෙග්’ කියන්නේ ස්තී‍්‍ර අංගෝපාංගයක් ලු

ශී‍්‍ර ලංකා කි‍්‍රකට් කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨ කී‍්‍රඩකයින් සියලූ දෙනාම තම බිරින්දෑවරුන්ට කතා කිරීමට පෙර ඒ සඳහා ශී‍්‍ර ලංකා කි‍්‍රකට් පාලක මණ්ඩලයේ මාධ්‍ය කළමණාකරු වන බ‍්‍රයන් තෝමස්ගෙන් අවසර ගත යුතු යැයි වාර්තාවේ. කී‍්‍රඩා අමාත්‍ය මහින්දානන්ද අලූත්ගමගේගෙන් ලකුණු දමා ගැනීම සඳහා බ‍්‍රයන් තෝමස් මෙම නීතිය තදින්ම කි‍්‍රයාත්මක කරමින් සිටී. කි‍්‍රකට් කී‍්‍රඩකයන් හා පාලක මණ්ඩලය අතර අත්සන් කර ඇති ගිවිසුමේ වගන්ති ප‍්‍රකාරව කී‍්‍රඩකයන්ට මෙම සීමාව පැනවෙන්නේ ජනමාධ්‍යයන්ට කි‍්‍රකට් කී‍්‍රඩාව සම්බන්ධයෙන් ප‍්‍රකාශයන් සිදු කරන අවස්ථාවේදී පමණි.

අද රාත්‍රි 10 න් පසු ජෙමිනිඩ්ස්‌ උල්කාපාත වර්ෂා

වාර්ෂිකව හට ගන්නා උල්කාපාත වර්ෂා අතර වසරේ අවසන් උල්කාපාත වර්ෂාව වන ජෙමිනිඩ්ස්‌ උල්කාපාත වර්ෂාව අද 14 වැනිදා රාත්‍රි හටගැනීමට නියමිතය. ශ්‍රී ලංකාවට දිස්‌වන මෙම උල්කාපාත වර්ෂාව අද රාත්‍රි 10 න් පසු පාන්දර 5.00 තෙක්‌ අහස නිරීක්‍ෂණය කළොත් මිථුන රාශිය පසුබිම්කර හට ගන්නා අන්දම පියවි ඇසින් දැකගත හැකිය.

අදත් එළවළු නැහැ. - විරෝධතාවලදී 66ක් අත්අඩංගුවට.

එළවළු සහ පළතුරු ප‍්‍රවාහනයේදී ප්ලාස්ටික් කූඩ අනිවාර්ය කිරීමට විරෝධය පළ කරමින් ගොවීන් ආරම්භ කළ උද්ඝෝෂණ හේතුවෙන් අද (14)  දිනයේත් කොළඹ මැනිං වෙළෙදපොළ ඇතුළු ආර්ථික මධ්‍යස්ථාන වලට එළවළු ලොරි පැමිණ නැහැ. මැනිං වෙළෙදපොළේ වෙළෙද සංග මයේ සභාපති ලාල් හෙට්ටිගේ සඳහන් කළේ අද (14)  අලූයම කිසිදු එළවළු ලොරියක් වෙළෙදපොළට පැමිණ නොමැති බවයි.