Ads 468x60px

.

මම දැන් දරුවෙක් ලැබෙන්න ඉන්න අම්මා කෙනෙක් - උදාරි

දැන් මම දරුවෙක් ලැබෙන්න ඉන්න අම්මා කෙනෙක්. මම දන්නවා මට ඉදිරියේදී රූගතකිරීම් වලට කාලය වෙන් කරන්න බැරි බව. ඒ නිසා මම භාරගත් ටෙලිනාට්‍ය දෙක වන වන්දනා හා සිහින පියාපත් නිසා මම කාර්යබහුලයි. රූගතකිරීම් දිගටම කරගන යනවා. ඒ වගේම චිත්‍රපටියක ටත් දායක වුණා. ඉදිරියෙදීත් චිත්‍රපටයක් කරන්න ආරාධනා ලැබුණා. ඒ නිසා පුළුවන් තරම් ඉක්මනට වැඩ කටයුතු නිම කරන්න සූදානම් වෙනවා.

ගම් වල කැලැ පත්තර මොඩන් වෙලා ඉලෙක්ට්‍රොනික් කැලැ පත්තර කලාවක් ඇවිල්ලා - මනුෂ

ගම් වල දැක්කා කැලැ පත්තරයක් ගහනවා මොකක්හරි උනාම බොරු කතාවක් හදල ලිං ගැට්ටේ අලවල තියෙනවා. දැන් මේක ටිකක් මොඩන් වෙලා අලුත් කැලැ පත්තර කලාවක් බිහිවෙලා තියෙනවා ලෙක්ට්‍රොනික් කැලැ පත්තර කලාවක්.ජනමාධ්‍යය අමාත්‍යංශයේ වැය ශීර්ෂය පිලිබඳ විවාදයකට එක්වෙමින් මනුෂ නානායක්කාර මන්ත්‍රීතුමා වෙබ් අඩවි ලියාපදිංචිය පිලිබඳ ප්‍රකාශයක් සිදු කළා.

තවත් ටිකක්

ඊ මේලයක් මගින් අප සහුර්ද පාඨකයෙක් පහත සඳහන් විස්තරය අප වෙත ඒවා,එය හොට් ඇන්ඩ් ෆාස්ට් නිවුස් හි පලකරන්න කියමින් ඉල්ලීමක් කර තිබෙනවා. ඔහුගේ ඉල්ලීම පරිදි අප එය මෙහි පළකරන අතර ගැහැණු පිරිමි අතර ඇති වෙනස ගැන අප වග නොකියන්නෙමු.

ප්ලාස්ටික් එළවලූ පෙට්ටි හා ප්ලාස්ටික් මිනී පෙට්ටි

මිනිපෙට්ටි භාවිතා නොකරන්නේ මුස්ලිම්වරු පමණි. බෞද්ධයෝත් මිනීපෙට්ටි නැමැති ක‍්‍රිස්තියානි චාරිත‍්‍රය අකුරට අනුගමනය කරති. මේ නිසා මොනතරම් ගස් විනාශයක් රටේ සිදුවනවාද? මේ නිසා ප්ලාස්ටික් මිනීපෙට්ටි වෙළඳ පොලට දැම්මොත් හොඳා. දැන් ප්ලාස්ටික් ප‍්‍රතිවක‍්‍ර කරණය කරන්ට පුලුවන් නිසා කලබල විය යුතු නැහැ. කොහොමටත් ගස් විනාශ කරනවාට වඩා එය හොඳ ක‍්‍රියාවකි.

සඟරාවකට නිරුවත් වූ විනා මලික්‌ට මරණ තර්ජන

පකිස්‌තාන් අන්තවාදීන්ගේ මරණ තර්ජනයට ලක්‌වී සිටින විනා මලික්‌ නිළිය ආපසු පකිස්‌තානය වෙත පැමිණෙන බව පවසා ඇත.ඇය ඉන්දීය සඟරාවක නිරුවත් ඡායාරූපයකට පෙනී සිටීම ගැන පකිස්‌තාන් හමුදාවේ චෝදනාවකට ලක්‌වී තිබේ. මේ සම්බන්ධව ප්‍රකාශයක්‌ කළ විනා මලික්‌ සිරුර තමාගේ බවත් ඒ සම්බන්ධයෙන් ක්‍රියා කිරීම සිය හිමිකමක්‌ බව ද සඳහන් කළාය.

මන්ත්‍රී ජයසූරියගෙන් ක්‍රිකට් කණ්ඩායමට කණේ පාරක්!

වත්මනේ මෙරට ක්‍රිකට් ක්‍රීඩාවේ පසුබැසීමට ජනාධිපතිවරයාට, ක්‍රීඩා අමාත්‍යවරයාට හෝ ආණ්ඩුවට දොස් පැවරීමෙන් පලක් නොවන බවත් ක්‍රිකට් කණ්ඩායම එම තත්ත්වයට වගකිව යුතු බවත් හිටපු ක්‍රිකට් නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් ජයසූරිය කියයි.අද පාර්ලිමේන්තුවේදී ක්‍රීඩා අමාත්‍යංශයට අදාළ වැය ශීර්ෂය පිළිබඳ විවාදයට එක්වෙමින් හෙතෙම මේ බව පැවසූ අතර මෙරට ක්‍රිකට් ක්‍රීඩාව දේශපාලනීකරණය වී නොමැති බව කීය.

බීමත් බිරිඳගේ හිරිහැර නොඉවසූ සැමියා පොලිසියේ පිහිට පතයි

සැමියා බීමත්ව පැමිණ බිරිඳට කරදර කිරීම අප සමාජයේ සාමාන්‍ය සිද්ධියක්‌ බවට පත්ව ඇත. එහෙත් බිරිඳ බීමත්ව පැමිණ සැමියාට සහ දරු දෙදෙනාට පහරදීමේ සිද්ධියක්‌ ඇසීමෙන් ඔබ විමතියට පත්විය හැකිය. එවැනි සිද්ධියක්‌ පසුගියදා ගොකරැල්ල පොලිසියේ සුළු පැමිණිලි අංශයේදී විභාග කෙරිණි.

බිලියන 3.08 ක මුදලක් වැය වූ අද විවෘත වන ‘නෙලුම් පොකුණ’ රඟහල (පින්තූර)

මහජන චීන සමූහාණ්ඩුවෙන් ත්‍යාගයක් ලෙස අප රටට දායාද කරන ලද නෙලුම් පොකුණ මහින්ද රාජපක්ෂ රඟහල ශ්‍රී ලංකා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් අද විවෘත කිරීමට නියමිතය. බුදු දහම ආශ්‍රිතව ගොඩ නැගුණු චීනය හා ශ්‍රී ලංකාව අතර ඇති ශතවර්ෂ ගණනා වක් පැරණි මිත්‍රත්වයේ සංකේතයක් වශයෙන්

සන්ටෙල් ඇමරිකානු ඩොලර් මිලියන 34කට ඩයලොග්ට විකිණේ

ශ‍්‍රී ලංකාවේ කලක් තිස්සේ ක‍්‍රියත්මක දුරකතන සමාගමක් වන සන්ටෙල් දුරකතන ජාලය ඩයලොග් සමාගම විසින් මිලට ගෙන ඇතැයි වාර්තා වේ.
සන්ටෙල් ජාලය මිලට ගැනීම සඳහා ප‍්‍රකට ව්‍යාපාරික ධම්මික පෙරේරා සහ ශ‍්‍රී ලංකා ටෙලිකොම් විසින් ඉදිරිපත් කර තිබූ මිල ගණන් ඉක්වමවූ මිලක් ගෙවා ඩයලොග් සමාගම විසින් එය මිලට ගෙන ඇති බව සඳහන්ය. සන්ටෙල් සමාගම ඩයලොග් සමාගම වෙත පැවරීම සඳහා අත්සන් තබන ලද ගිවිසුමේ වටිනාකම ඇමරිකානු ඩොලර් මිලියන 34ක් පමණ වේ.

අධිවේගයේ පයින් යන්නත් තහනම්

දක්ෂිණ අධිවේගි මාර්ගය ආරම්භ කළ දින සිට මේ දක්වා කාලය තුළ මාර්ග නීති කඩ කළ රියදුරන් 153 දෙනෙකුට නඩු පැවැරිමට කටයුතු කර ඇති බව පොලීසිය පවසයි.පොලිස් මාධ්‍ය ප්‍රකාශක ‍පොලිස් අධිකාරි අජිත් රෝහණ පැවසුවේ, මේ දක්වා කාලය තුළ රිය අනතුරු 15ක් සිදුව ඇති බවයි.දක්ෂිණ අධිවේගි මාර්ගයේ පයින් ඇවිද යාමෙන් වළකින ලෙස පොලීසිය  ජනතාවගෙන් ඉල්ලා සිටී.