Ads 468x60px

.

පුෂ්පිකාගේ ආසාව මිස් ටුවරිසම් වෙන්නලූ !

මේ වසරේ (2011) ශී‍්‍ර ලංකා රූ රැජින ලෙස කිරුළ පලන් පුෂ්පිකා සඳමාලිසිල්වා මේ මස 27 වැනිදා චීනයේ ෂියෑන් නුවරදී ‘‘මිස්‌ ටුවරිසම් ක්‌වීන් ඉන්ටර්නැෂනල්”‍ තරගය සඳහා ශ‍්‍රී ලංකාව නියෝජනය කිරීමට වරම් ලබා ගෙන තිබේ.මෙම තරගය සඳහා රටවල් 112 සහභාගීවීමට නියමිතය.ප‍්‍රවීණ නිරූපිකාවක සහ ජනප‍්‍රිය රංගන ශිල්පිණීයක වන, වාසනා දන්තනාරායන මිස්‌ ටුවරිසම් ක්‌වීන් ඉන්ටර්නැෂනල්” හි ජාතික අධ්‍යක්‍ෂිකාවක් බවද පැවසේ.

පුෂ්පිකාගේ පින්තුර පහතින් බලන්න

ගූගල් වෙතින් නව සොයා ගැනීමක්


ස්වයං ධාවන මෝටර් රථ තාක්ෂණය සඳහා ගූගල් සමාගම අමෙරිකානු පේටන්ට් හිමිකම ලබා ගෙන තිබේ.මිනිසුන්ගේ පාලනයකින් තොරව මෝටර් රථ ධාවනය කළ හැකිවීම මෙහි ඇති විශේෂත්වයයි. සංචාරක යින් සංචාරක ආකර්ෂණ ස්ථානවලට රැගෙන යාමට හා දෝෂවලට ලක්වන මෝටර් රථ

අපට නැතිවම බැරි නින්ද

අප දෛනික ජිවිතයේ දැන හෝ නොදැන අප විසින් අනිවාර්යයෙන්ම කරනු ලබන කාර්යයක් වන්නේ නින්දයි.නින්ද මිනිසාගේ පැවැත්ම සඳහා අනිවාර්ය අවශ්‍යතාවයකි.නින්දේදී ඕනෑම පුද්ගලයෙකු පහත සඳහන් කරුණු සම්පුර්ණ කරයි.මෙම කරුණු අප ඔබ වෙත ගෙන එන්නේ නින්ද යනු මිනිසාට ශාරීරික හා මානසික වශයෙන් කොතරම් වැදගත් ද යන්න ඔබට පහදා දීමටයි.

කුසපබා ගැන මහාචාර්ය සුනිල් ආරියරත්න ගෙන් අහන්න


2012 වසරේ මුලින්ම අපේ රටේ තිරගත වෙන චිත‍්‍රපටය පිළිබඳව ඊ.ඒ.පී. මණ්ඩල යට තීරණයක් ගැනීමට බැරි තරමට චිත‍්‍රපට කිහිපයක් ඒ සඳහා තරග වැදී තිබුණි. එයින් ජය හිමිකර ගැනීමට ඉතා කෙටි කලකින් රූගත කිරීම් අරඹා කෙටි කලකින් අවසන් කළ ”කුසපබා” චිත‍්‍රපටයට හැකිවිණි. ඒ අනුව සිංහල සිනමාවට අවුරුදු 65 ක් සපිරෙන ජනවාරි මස 21 වැනි දින ”කුසපබා” චිත‍්‍රපටය වැල්ලවත්තේ සැවෝයි ප‍්‍රමුඛ ඊ.ඒ.පී. මණ්ඩලයේ සිනමා ශාලා 50 ක එකවර තිරගත කිරීමට කටයුතු යොදා තිබේ.

නෙළුම් පොකුණට නෙළුම් කුළුනකුත්

කොළඹ නෙළුම් පොකුණ ව්‍යාපෘතිය යටතේ මීටර 550ක් උස සම්පේ‍්‍රෂණ කුළුණක් ඉදිකිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී තිබේ.විනෝද උද්‍යානයක්ද සහිතව මෙම බහු සම්පේ‍්‍රෂණ කුළුණ ඉදිකිරීමට නියමිත අතර එහි රූපවාහිනී සේවා සපයන්නන් 50කට, ගුවන් විදුලි සේවා සපයන්නන් 50කට සහ විදුලි සංදේශ සේවා සපයන්නන් 10කට පහසුකම් සැපයීමට නියමිතය.  හෝර්ටන් වටරවුමේ සිට ලිබර්ටි වටරවුම දක්වා දිවෙන ආනන්ද කුමාරස්වාමි මාවතේ හෝර්ටන් වටරවුම සිට මහජන පුස්තකාලය දක්වා කොටස නෙළුම් පොකුණ

ලංකාවේ අපිට නෙළුම් පොකුණ අකැපයිද ..?

හෙළ කලාකරුවන්ගේ කළා කෙත යනුවෙන් හඳුන්වන නෙලුම් පොකුණේ පහතින් දැක්වෙන්නේ මිල ගණන් සහ එහි සවිස්තරාත්මක මිල දර්ශනයයි. චීන රජයේ පරිත්‍යාගයක් ලෙස ඉදිකළ නෙළුම් පොකුණ මහින්ද රාජපක්ෂ රඟහල ඊයේ පස්වරුවේ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අතින් විවෘත විය. 

ලෝක විනාශය 12.12.12. නැවත වරක්‌ තහවුරු වන ලකුණු

ලෝක විනාශය ලබන වසරේ (2012) දෙසැම්බර් 12 වැනිදා සිදුවන බව පසුගිය සතියේදී නැවත වරක්‌ තහවුරු කරන ලදී. මෙම තහවුරුවද සිදුකරන ලද්දේ මායාවරුන්ගේ දින දර්ශනයේ අලුතින් සොයාගත් පිටපතක්‌ ආශ්‍රයෙනි. මායා දින දර්ශනය මෙයට වසර 5125 කට පෙර මැක්‌සිකෝවේ විසූ “මායා” නමැති මනුෂ්‍ය කොට්‌ඨාසය විසින් සකස්‌ කරන ලද්දකි.

නෙළුම් පොකුණ විවෘත වූ වගයි

චීන රජයේ පරිත්‍යාගයක් ලෙස ඉදිකළ නෙළුම් පොකුණ මහින්ද රාජපක්ෂ රඟහල අද(15) පස්වරුවේ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අතින් විවෘත විය. පොළාන්නරුව ඓතිහාසික නෙළුම් පොකුණ ආකෘතියට අනුව කොළඹ පැරණි නොමැන්ස් ක්‍රීඩා පිටිය භූමියේ මෙම නව රඟහල ඉදිකර ඇත.

රාවතාවත්ත කන්‍යා සොහොයුරිය සියලු චෝදනා වලින් නිදොස් කොට නිදහස්

ළමාරක්ෂක අධිකාරී පනත උල්ලංඝණය කළ බවට චෝදනා එල්ල වූ මොරටුව - රාවතාවත්ත  ප‍්‍රදේශයේ ළමා නිවාසයේ භරකාර ඉන්දීය ජාතික ප‍්‍රධාන කන්‍යා සොයුරිය නිදොස් කර මුදා හැරීමට කොළඹ අතිරේක මහේස්ත‍්‍රාත් ඉවෝන් ප‍්‍රනාන්දු මෙනවිය අද (15) නියෝග කළාය.මෙම කන්‍යා සොහොයුරිය නිදහස් කරන ලෙස නීතිපතිවරයා උපදෙස් දී ඇති බව ළමා රක්ෂණ අධිකාරිය

නාමල් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ලක් ඉදිරියේ දිවුරුම් දෙයි

හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අද (15) පෙරවරුවේ අගවිනිසුරු ශිරානි බණ්ඩාරනායක මහත්මිය ඇතුළු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ලක් ඉදිරියේ දී නීතීඥවරයෙකු ලෙස දිවුරුම් දුන්නේය.අළුත්කඩේ අධිකරණ සංකීර්ණයේ පැවැති මෙම උත්සව අවස්ථාව සඳහා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හා ජනාධිපති ආර්යා ශිරන්ති රාජපක්ෂ මහත්මිය සහභාගී වූහ.